Tuesday, May 13, 2025
Home » තරප්පු පෙළින් ඇදවැටී තරුණ ඉංජිනේරුවා මරුට

තරප්පු පෙළින් ඇදවැටී තරුණ ඉංජිනේරුවා මරුට

විවාහ වී මාස තුනයි

by mahesh
November 10, 2023 1:00 am 0 comment

ජාඇළ විශේෂ - තිස්ස කොටින්කඩුව

හැඳල වත්තල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ආයතනයක සේවයේ යෙදී සිටි තරුණ ඉංජිනේරුවකු ආයතනයේ ඉහළ මහලට යෑමේදී තරප්පු පෙළින් ඇදවැටී මියගොස් ඇති බව වත්තල පොල­ිසිය පවසයි. ඉහළ මහලට යෑම සඳහා ඇති අඩි 40කින් සමන්විත තරප්පු පේළියේ 20 වැනි තරප්පුවේදී ඉංජිනේරුවරයා ඇදවැටී ඇති බව විමර්ශන කටයුතුවලදී අනාවරණය වී ඇති බව පොලිසිය සඳහන් කරයි.

මෙසේ මිය ගොස් ඇත්තේ වත්තල කුඩා ඒදණ්ඩ ප්‍රදේශයේ පදිංචිව සිට ඇති මීට මාස තුනකට පෙර විවාහ ජීවිතයට ඇතුළත්ව ඇති 30 හැවිරිදි අමිල මධුශාන් යන අයකු බව පොලිසිය සදහන් කරයි. මියගොස් ඇති පුද්ගලයා වත්තල සාන්ත ආනා දේවස්ථානයේ දහම් පාසලේ ගුරුවයකු වශ­‍ෙයන්ද ස්වෙච්ඡාවෙන් සේවය කර ඇත.

මියගිය අයගේ සිරුර හදිසි මරණ පරීක්ෂණය සඳහා රාගම ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT