Sunday, May 11, 2025
Home » ක්‍රීඩා ඇමැතිවරයා පත් කළ අතුරු කමිටුවේ සාමාජිකයන් ගැන ගැටලුවක් ඇතිව තිබෙනවා

ක්‍රීඩා ඇමැතිවරයා පත් කළ අතුරු කමිටුවේ සාමාජිකයන් ගැන ගැටලුවක් ඇතිව තිබෙනවා

by mahesh
November 10, 2023 1:00 am 0 comment

ක්‍රිකට් බෝඩ් එක පමණක් නොව ෆුට් බෝල් ෆෙඩරේෂන් එක ද වංචා දූෂණයෙන් යුක්ත වූවක් බව ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (09) පැවසීය.

පසුගිය කාලය තුළ පවුල් කිහිපයක් අරක්ගත් ක්‍රිකට් බෝඩ් එකක් පැවැති බවත් මෙම බෝඩ් එක සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැතිවරයා පත් කළ අතුරු කමිටුවේ සාමාජිකයන් ගැන ගැටලුවක් ඇති බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය ඉවත් විය යුතු බවට වන ඒකාබද්ධ යෝජනාව පිළිබඳ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

මන්ත්‍රීවරයා මෙසේ ද පැවසුවේය.

ක්‍රිකට් මණ්ඩලයේ ප්‍රශ්නය වසර ගණනාවක් තිස්සේ දිග් ගැස්සෙන එකක්. ක්‍රිකට් බෝඩ් එක එක් පැත්තකින් දේශපාලනයට යටවෙලා. අනෙක් පැත්තෙන් මුදලට යට වෙලා. ක්‍රිකට් ක්‍රීඩකයන් කැපවීමෙන් සෙල්ලම් කරනවා. නමුත් බෝඩ් එක අකටයුතුකම් කරනවා. මේක මාෆියාවක්. මේ මාෆියාව ගැන ජනතාව කනගාටුවෙන් සිටිනවා. ක්‍රිකට් පරිපාලනයේ සිටින දූෂිත නිලධාරීන් නිසා ක්‍රිකට් ක්‍රීඩාව රටට අහිමි වෙනවා. කෝප් කමිටුවට කැඳවීමක් කළත්, ඔවුන් කෝප් කමිටුවට එන්න බැඳී නැති බවට දැනුම් දුන්නා. අවසානයේ දී නීත්‍යනුකූලව ලිඛිතව දැනුම් දීමෙන් පසුව තමයි ඔවුන් කෝප් කමිටුවට පැමිණියේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT