Home » පුටුවෙන් වැටී හිස තුවාල වූවායැයි කී ව්‍යාපාරිකයාගේ මරණය ඝාතනයක්

පුටුවෙන් වැටී හිස තුවාල වූවායැයි කී ව්‍යාපාරිකයාගේ මරණය ඝාතනයක්

by mahesh
November 10, 2023 1:00 am 0 comment

බණ්ඩාරගම - බිමල් ජයසිංහ පොතුපිටිය - සුමිත් ප්‍රේමතිලක

පුටුවෙන් වැටී හිසට බරපතල තුවාල සිදු වී යැයි සැක කර රෝහල්ගත කළ පානදුර මාලමුල්ල ව්‍යාපාරිකයෙකුගේ හිසට මොට ආයුධයකින් පහර දීමෙන් ඝාතනය කර ඇති බවට මරණ පරීක්ෂණ පරීක්ෂණයෙන් අනාවරණය වූ බව හිරන පොලිසිය කියයි.

මෙලෙස ඝාතනයට ලක්ව තිබුනේ පාලිත විජේසිංහ නැමැති 54 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි. ඝාතනයට ලක්වූ ව්‍යාපාරිකයා මධ්‍යම රාත්‍රී වනතුරු වෙළෙඳසැල විවෘත කරගෙන සිටීම පුරුද්දක් කරගෙන ඇති අතර ඉකුත් 6 වැනිදින ඔහු එලෙස වෙළෙඳසැල මධ්‍යම රාත්‍රිය වන තුරු විවෘත කරගෙන සිට ඇතැයි පොලිසිය කියයි. ඔහුට ආහාර සපයන පුද්ගලයා ව්‍යාපාරිකයා හමුවීම සඳහා වෙළෙඳසැලට පැමිණි අවස්ථාවේදී ඔහු පෙනෙන්නට නොසිටීම හේතුවෙන් සොයා බැලීමේදී කැශියර් මේසය අසල හිසෙන් ලේ ගලන තුවාල සහිතව වැටී සිටින අයුරු දැක තිබූ බව පොලිසිය කියයි. වහා ක්‍රියාත්මක වූ එම පුද්ගලයා ඒ සම්බන්ධව 119 පොලිස් හදිසි ඇමතුම් අංශය වෙත දැනුම් දී 1990 සුවසැරිය ගිලන් රථය මගින් පානදුර මූලික රෝහල වෙත ප්‍රතිකාර සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇත..

එහිදී මූලික ප්‍රතිකාර ලබාදී කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා තිබූ ව්‍යාපාරිකයාව ජාතික රෝහලේ වෛද්‍යවරුන් විසින් නැවතත් පානදුර මූලික රෝහල වෙත යොමු කර ඇති අතර දින 1 1/2 කට පමණ පසු ව්‍යාපාරිකයා පෙරේදා( 8) මියගොස් තිබිණි.

ඒ අනුව පානදුරට මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එස් රවීන්ද්‍රන් මහතා පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වමින් සිටියදී එය මදකට නතර කර යළි සිද්ධිය වූ ස්ථානයට පැමිණ විමර්ශන සිදුකර පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා ව්‍යාපාරිකයා වගේ මරණය හිසට මට මොට ආයුධයකින් සිදු වූ පහරදීමක් හේතුවෙන් සිදු වූ එකක් බවට එම වාර්තාවේ සඳහන් කළ බව පොලිස් නිලධාරියකු පැවැසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT