Home » සිරිපා පාරේ කප්රුක් විහාරයේ නව චෛත්‍යයට මුල්ගල්

සිරිපා පාරේ කප්රුක් විහාරයේ නව චෛත්‍යයට මුල්ගල්

by mahesh
November 10, 2023 1:00 am 0 comment

හැටන් - රංජිත් රාජපක්ෂ

නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගයේ පිහිටි ශ්‍රී පාද ‘කල්ප වෘක්ෂ’ විහාරයේ වාර්ෂික කඨින චීවර පූජාව ශ්‍රී පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝනායක බෙන්ගමුවේ ධම්මදින්න නායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් (09) දින සිදු කෙරිණ.

කඨින චීවර පින්කමට සමගාමිව එම විහාරයේ ඉදිකිරීමට නියමිත චෛත්‍යයරාජාණන් වහන්සේට මුල්ගල තැබීම, බෝධි ප්‍රකාරය වටා ඉදිකර ඇති රන්වැට විවෘත කිරීම, නේත්‍රා පින්කම ඇතුළු පිංකම් රැසක් ශ්‍රී පාදස්ථානාධිපති හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

ශ්‍රී පාද කල්ප රුක්ෂ විහාරස්ථානයේ විහාරාධිපති දෙහිපේ නන්ද හිමියන්ගේ ආරාධනා පරිදි කල්ප වෘක්ෂ විහාරයට වැඩම කළ ශ්‍රී පාදස්ථානාධිපති හිමියන් පිළිගැනීම එම විහාරස්ථානයේ සිංහල සහ දමිළ දායක සභාව විසින් සිදු කරනු ලැබූහ.

‘කල්ප වෘක්ෂ’ විහාරස්ථානයේ වාර්ෂික කඨින චීවර පූජා මහා පිංකමට සමගාමිව එම පිංකමට වැඩම කළ ගරුතර සංඝරත්නයේ විෂයෙහි දානමය පින්කමක් පැවැත්වීමට එම විහාරස්ථානයේ දායක සභාව විසින් කටයුතු කර තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT