ඩුබායි රටේ සිටින ප්‍රධාන පාතාල කල්ලි සාමාඡිකයෙකු වන ‘කොස්මල්ලි’ යන අපරාධකරු විසින් මෙහෙයවනු ලැබූ පුද්ගල ඝාතන සැලසුමකට අනුව සූදානමින් සිටි පුද්ගලයන් හතර දෙනෙකු ඉකුත් 9 වන දින බඩෝවිට ප්‍රදේශයේදී තියුණු අඩි පහක් පමණ දිග විශාල ප්‍රමාණයේ කඩුවක්ද සමඟ ගල්කිස්ස දූෂණ මර්දන ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි.
බඩෝවිට පදිංචිව සිටින මෙම සැකකරුවන් වයස අවුරුදු 35 – 45 අතර පසුවන බවත් ඔවුන් කොස්මල්ලි අපරාධකරු ලබාදෙන උපදෙස් අනුව මත්ද්‍රව්‍ය ජාවාරමේ සහ මනුෂ්‍ය ඝාතනවල යෙදී සිටින අය වන බවට හෙළි වී ඇතැයිද පොලිසිය පැවසීය.
මෙම කල්ලිය විසින් පසුගිය අගෝස්තු මස 19 වන දින දෙහිවල ඕබන් පෙදෙසදී පාතාල කල්ලි සාමාජිකයින් වන ‘ඇටයා සහ සැන්ඩෝ’
යන පුද්ගලයින් ඉලක්කකර වෙඩි තබා ඇති අතර ඉන් බේරී ඔවුන් දෙදෙනා පලාගොස් ඇති අතර, ඒ අසල සිටි නගර සභා සේවකයකුගේ කකුලකට වෙඩි වැදී බරපතළ තත්ත්වයෙන් රෝහල් ගත කර මේ දක්වාම ප්‍රතිකාර ලබමින් පසුවන බවත් පොලිසිය කියයි.
මේ අතර 9 වන දින ඇටයා සහ සැන්ඩෝ අධිකරණ කටයුත්තකට ගල්කිස්ස ප්‍රදේශයට පැමිණෙන බවට ලද දූෂමාන ආරංචියකට අනුව ඔවුන් දෙදෙනා එකවර ඝාතනය කර පලායාමට සැලසුම් කර මෙම පුද්ගලයින් හතර දෙනාට මෙම කඩුව ලබාදී ඇති බව හෙළිවී ඇතැයිද, ඒ අනුව එය ලබාදුන් පුද්ගලයා සොයා විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ කටයුතු සිදු කර ගන යනු ලබති.
වැඩිදුර පරීක්ෂණ ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය, පොලිස් අධිකාරී 1 සමන් ජයසේකර යන මහතුන්ගේ අධීක්ෂණය මත මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී. පෙරේරා යන මහතාගේ උපදෙස් පරිදි ගල්කිස්ස දූෂණ මර්දන ඒකකය ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පැතුම් අංජන මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක කලුබෝවිල පොලිස් කොස්තාපල් 100430 ජයකොඩි යන නිලධාරීන් විසින් සිදු කරගෙන යනු ලබති.