පෙට්‍රල් ලීටර දෙක-තුනකට මිනී මරා ගත්තා. ගෑස් ටැංකියකට දබර කරගත්තා.
දවසට පැය දහය-පහළොව කළුවරේ හිටියා.
සුපිරි වෙෙළඳ සැල් දරමිටි විකුණන්න පටන් ගත්තා.
ව්‍යාපාර කඩාවැටුණා. සංචාරක කර්මාන්තය බිඳවැටුණා.
රස්සාවල් නැති වුණා. අත්‍යවශ්‍ය භාණ්ඩ නැත්තටම නැති වුණා. හැම තැනම පෝලිම්.
පොදු ප්‍රවාහන සේවා කඩාවැටුණා. පාසල් වැසුණා. විභාග පවත්වන්න බැරි වුණා.
පොහොර හිඟය නිසා ආහාර අර්බුදයක් ඇති වුණා.
අපට ඉතුරු වෙලා තිබුණෙ රටක් නෙවෙයි අපායක්.
පීලි පැන ඇදවැටී තිබුණු ශ්‍රී ලංකා ඇර්ථිකය පසුගිය වසරක කාලය තුළ යළිත් පීල්ල මත තබන්නට දැන් අපට හැකි වී තිබෙනවා.
අප යන මේ මාවත නිවැරැදි බව පසුගිය වසර දෙස ආපසු හැරී බලද්දී 100%ක්ම සනාථ වෙනවා.
– 2024 අය වැය ඉදිරිපත් කරමින් ජනපති කියයි
- ආබාධිත හා වකුගඩු රෝගි දීමනාව රු. 2,500කින් වැඩි කෙරේ
- නාගරික පවුල් 50,000කට පූර්ණ නිවාස හිමිකම් අයිතිය
- පවුල් ලක්ෂ විස්සකට ඉඩකඩම් හා ගොවිබිම් අයිතිය
- පවුල් ලක්ෂ විස්සකට අස්වැසුම සමාජ ආරක්ෂණ වැඩසටහන් සඳහා රුපියල් බිලියන 183ක්
- පොලිසියට දුර බැහැර රාජකාරි කටයුතු සඳහා ආහාර හා නවාතැන් දීමනාවක්
- විදුලි බස් රථ 200ක් ධාවනය කිරීමේ නියමු ව්‍යාපෘතියක්
- සුරක්ෂා සිසු රක්ෂණ යෝජනා ක්‍රමය යළිත්
- නතර වූ ව්‍යාපෘති යළි ආරම්භ කර නිම කිරීමට රු. බිලියන 55ක්
- ඉදිරි වසරේ සංවර්ධන කාර්යයන් වෙනුවෙන් රු. බිලියන 1,260ක ප්‍රාග්ධනයක්
- අබලන් වූ ග්‍රාමීය මාර්ග ප්‍රතිසංස්කරණයට රු. බිලියන 10ක්
- අධ්‍යාපන විද්‍යා පීඨ 19ක් ඒකාබද්ධ කර, ජාතික අධ්‍යාපන විශ්වවිද්‍යාලය ස්ථාපිත කිරීම සඳහා 2024 වර්ෂය වෙනුවෙන් රුපියල් බිලියන 01ක්
- සීතාවක-කුරුණෑගල ඇතුළු පළාත් 4කට නව විශ්වවිද්‍යාල 4ක්
- ශ්‍රී ලංකාව හොඳම සංචාරක ගමනාන්තයක් සහ ආකර්ෂණීය ආයෝජන මධ්‍යස්ථානයක් කිරීමට රුපියල් මිලියන 100ක්
- උසස් පෙළ සමත් සෑම දරුවකුටම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා ගැනීමට අවස්ථාව
- රාජ්‍ය විශ්වවිද්‍යාල නව යුගයට ගැළපෙන සේ දියුණු කිරීමට රු. මිලියන 500ක්
- කිරි නිෂ්පාදනය වසර 5ක් තුළ 53%කින් නැංවීමට විශේෂ වැඩපිළිවෙළක්
- පාසල් ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනයට රුපියල් බිලියන 1.5ක්
………………………………………….
රටට අලුත් අනාගතයක් නිර්මාණය කරන වැඩපිළිවෙළ සමඟ පක්ෂ-විපක්ෂ සියලු දෙනාට එක්වන ලෙස ඉල්ලා සිටිනවා -2024 අය වැය, මුදල් ඇමැතිවරයා ලෙස ඉදිරිපත් කරමින් ජනපති කියයි
සමජීවිකතා සංකල්පයෙන් පිට පැන, දේශපාලන වාසියක් ලබා ගත හැකි කරුණු පමණක් උලුප්පමින් විසඳුම් සෙවීම අසාර්ථක බව ඉතිහාසය ඔප්පු කර තියෙනවා. ඇයි ඉතින් අසාර්ථක බව දැන දැනම තව තවත් ඒ වැඩේම කරන්නෙ?
රජයේ ආදායම් වැඩි කර ගන්නේ නැතුවත් ඕනෙ නම් පඩි වැඩි කරන්න පුළුවන්. ඒ කොහොමද? එක්කෝ සල්ලි අච්චු ගහන්න ඕනෑ. නැත්නම් පිටරටකින් ණය ගන්න ඕනෑ. ඒත් නැත්තම් අලුතෙන් බදු ගහන්න ඕනෑ. ඒ පිළිවෙත සමජීවිකතා සංකල්පයට විරුද්ධයි. එවැනි පියවරවලින් වෙන්නේ රට නැවතත් අගාධයට ඇද වැටීමයි.
වැඩිහිටි පුරවැසි දීමනාව රු. 3,000 දක්වා වැඩි කෙරේ
ගර්භණී මවුවරුන්ට දෙන රු. 4,500ක මාසික දීමනාව වඩා ක්‍රමවත් කරන්න රු. බිලියන 10ක්
සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ට ණය පහසුකම් සඳහා රු. බිලියන 30ක්
වතුකර ජනතාවට නිවාස අයිතිය හිමිකර දෙන්න රු. බිලියන 4ක ප්‍රතිපාදන
රටට අලුත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා මෙවර අය වැය මඟින් මා ඉදිරිපත් කර ඇති වැඩපිළිවෙළ සමඟ එක්වන ලෙස පක්ෂ- විපක්ෂ සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
“සවිමත් අනාගතයකට පෙරවදනක්” යන තේමාව යටතේ 2024 අය වැය මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට ඊයේ (13) ඉදිරිපත් කළේය.
රාජ්‍ය සේවකයින්ගේ වැටුප සඳහා ජීවන වියදම් දීමනාව රුපියල් 10000කින් වැඩි කිරීම, විශ්‍රාමිකයින්ගේ ජීවන වියදම් දීමනාව රුපියල් 2500කින් වැඩි කිරීම, සියලු රජයේ සේවකයින්ට පෙර පරිදිම ආපදා ණය ලබා දීම, සමාජ ආරක්ෂණ සැලසුම් ලෙස අස්වැසුම වැඩසටහන සඳහා වෙන් කරන ප්‍රතිපාදන තුන් ගුණයකින් වැඩි කිරීම, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා රුපියල් බිලියන 30ක ණය පහසුකම් ලබා දීමට කටයුතු කිරීම, වැඩිහිටි පුරවැසියන් සඳහා ලබා දෙන රුපියල් 2000ක මාසික දීමනාව රු.3000 දක්වා වැඩි කිරීම, වතුකරයේ නිවාස අයිතිය සඳහා ඉඩම් වෙන් කිරීම ඇතුළු ජනතාවාදී යෝජනා ඇතුළත් 2024 වසර සඳහා වන අය වැය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට ඊයේ ඉදිරිපත් කළේය.
රාජ්‍ය සේවකයින්ගේ ජීවන වියදම් දීමනාව වැඩි වීම අප්‍රේල් මාසයේ සිට මාසික වැටුපට එකතු කරන බවද කී ජනාධිපතිවරයා 2015 වසරෙන් පසුව මිලියන 1.3ක් පමණ වන රජයේ සේවකයින්ට හා 730,000ක් පමණ වන විශ්‍රාම වැටුප් ලබන්නන් සඳහා ලබන වසරේ අපේ‍්‍රල් මස සිට වැටුප් වැඩි වන අතර, ජනවාරි සිට මාර්තු දක්වා හිඟ මුදල ලබන ඔක්තෝබර් මාසයේ සිට වාරික වශයෙන් මාස හයක් තුළ ලබා දීමට පියවර ගන්නා බව ද ජනාධිපති පැවසීය.
මේ අනුව මිලියන 1.3 වන රජයේ සේවකයන් හට දැනට හිමි වන රුපියල් 7,800ක ජීවන වියදම් දීමනාව 2024 ජනවාරියේ සිට 17,800 දක්වා වැඩි වන බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
මේ අතර විශ්‍රාම වැටුප් ලබන්නන්ගේ මාසික ජීවන වියදම් දීමනාව රුපියල් 6,025 දක්වා 2500 කින් වැඩි කර ඇත. මෙම වැඩි වීම 2024 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
එමෙන්ම විශ්වවිද්‍යාල, විද්‍යා හා තාක්ෂණ අධ්‍යාපනය පුළුල් කිරීම අරමුණු කර ගනිමින් නව විශ්වවිද්‍යාල හතරක් පිහිටුවීමට යෝජනා කර ඇත. එනම් සීතාවක විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලය, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය යටතේ කුරුණෑගල තාක්ෂණ විශ්වවිද්‍යාලය, කළමනාකරණ හා තාක්ෂණ විශ්වවිද්‍යාලය සහ ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලය ලෙස වේ.
2024 වසර සඳහා වන අය වැය ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරවරු 11.30ට පමණ පැමිණි අතර, පාර්ලිමේන්තුව දහවල් 12ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් රැස් විය. පසුව එහි මූලික වැඩ කටයුතු ආරම්භ කිරීමෙන් පසුව ජනාධිපතිවරයා අය වැය ඉදිරිපත් කරනු ලැබීය.
අලු පැහැති යුරෝපා ඇඳුමින් සහ සුදු පැහැති කමිසයකින් සැරසී සිටි ජනාධිපතිවරයා දුඹුරු පැහැති විශේෂිත බෑගයක බහා අය වැය යෝජනාවලිය රැගෙන ආ අතර, පුරා පැය දෙකක කාලයක් අය වැය යෝජනාවලිය ඉදිරිපත් කළ අතර, ඊට විපක්ෂයෙන් බාධා එල්ල නොවීම කැපී පෙනිණි.
නිදහස් ශ්‍රී ලංකාවේ 78 වැනි අය වැය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස පාර්ලිමේන්තුවට ඊයේ (13) ඉදිරිපත් කළේය. 2024 අය වැය සම්පූර්ණ කතාව පහත පරිදි වේ.
ගරු කථානායකතුමනි,
බුද්ධ දේශනාවේ සමජීවිකතා කියා යෙදුමක් තියෙනවා. බුදුන්වහන්සේ සමජීවිකතා ගැන දේශනා කළේ ව්යග්ඝපජ්ජ සූත්‍රයේ. අය වැය සමසේ සකස් කර ගැනීම ගැන තමයි, සමජීවිකතා ඔස්සේ අපට කියලා දෙන්නේ.
අඩු ආදායමක් ලබමින්, සාටෝප උදාර ජීවිතයක් ගත කිරීම වැරැදි බවත්, සැබෑ අවබෝධයක් ඇත්තා අය-වැය සමව ගෙන ජීවිකාව හැඩගස්වා ගත යුතු බවත් එහිදී පෙන්වා දෙනවා.
වියදම් කළ යුත්තේ ආදායමට සරිලන විදියටයි. ඒක තමයි බෞද්ධ ආර්ථික දර්ශනයෙන් අපට පෙන්වා දෙන්නේ. හැබැයි නිදහසින් පසු අවුරුදු 75ක් තිස්සේ හුඟක් වෙලාවට අපි ආදායමට සරිලන ලෙස වියදම් කළේ නෑ. මම මෙහෙම කිව්වාම මේ රටේ ආණ්ඩු නාස්තිකාර වියදම් කළා කියා කෙනෙකුට හිතන්න පුළුවන්. ආණ්ඩු විතරක් නෙවෙයි, මේ රටේ අපි හැමෝම ඒ වැරැද්ද කළා.
රස්සාවල් දුන්නේ, පඩි වැඩි කළේ, නිකම් හාල් දුන්නෙ, සහන දුන්නෙ, රාජ්‍ය ව්‍යවසායන් නඩත්තු කළේ එක්කෝ ණය වෙලා, නැත්නම් සල්ලි අච්චු ගහලා. මැතිවරණ දිනුවෙ මෙන්න මේ වගේ පොරොන්දුවලින්. ආණ්ඩුවෙ රස්සා. රාජ්‍ය සම්පත් රැක ගැනීම. සහන මලු, බඩු මිල අඩු කිරීම්, වැඩි පඩි. ඔන්න ඔය වගේ ආදායමට නොගැළපෙන සාටෝප උදාර ජීවිත ගත කරන්න අපි රටටත්, ලෝකයටත් ණය වුණා.
බුදුන්වහන්සේ සාමඤ්ඤඵල සූත්‍රයෙන් පෙන්වා දෙන්නේ ණය ගත යුත්තේ ආයෝජනය සඳහා මිස පරිභෝජනය සඳහා නොවන බවයි. හැබැයි අපි ණය ගත්තේ පරිභෝජනයට. මේ ආකාරයෙන් ණය ගැනීම සහ පොලී ගෙවීම අන්ත අනතුරුදායක බව අංගුත්තර චක්ක නිපාතයේ ඉණ සූත්‍රයේ සඳහන් වෙනවා.
සමජීවිකතා සහ බෞද්ධ ආර්ථික දර්ශනය නොතකා හැරීමේ ප්‍රතිඵලයක් හැටියට නිදහසින් වසර 75ක් ගත වෙද්දී අපි අන්ත අසීරුතාවයට පත් වුණා. අපේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටුණා. බංකොලොත් රාජ්‍යයක් බවට පත් වුණා.
පෙට්‍රල් ලීටර දෙක තුනකට මිනී මරා ගත්තා. ගෑස් ටැංකියකට දබර කර ගත්තා. දවසට පැය දහය පහළොව කළුවරේ හිටියා. සුපිරි වෙෙළඳ සැල් දරමිටි විකුණන්න පටන් ගත්තා. ව්‍යාපාර කඩා වැටුණා. සංචාරක කර්මාන්තය බිඳ වැටුණා. රස්සාවල් නැති වුණා. අත්‍යවශ්‍ය භාණ්ඩ නැත්තටම නැති වුණා. හැම තැනම පෝලිම්. පොදු ප්‍රවාහන සේවා කඩා වැටුණා. පාසැල් වැසුණා. විභාග පවත්වන්න බැරි වුණා. පොහොර හිඟය නිසා ආහාර අර්බුදයක් ඇති වුණා. අපට ඉතුරු වෙලා තිබුණෙ රටක් නෙවෙයි, අපායක්.
මේ අපායෙන් රට මුදවා ගැනීමේ අභියෝගය භාර ගන්න කිසිවෙකුත් කැමති වුණේ නෑ. අන්දරේ ගල ඉස්සුවා වගේ විවිධ හේතු කියමින් ඔවුන් අභියෝගය හමුවේ කර ඇරියා. සමහරු කේන්දර බැලුවා. තවත් සමහරු ව්‍යවස්ථානුකූලව ඉටු කරන්න බැරි කොන්දේසි දැම්මා.
ඔන්න ඔහොම පසුබිමක තමයි මම මේ රට භාර ගත්තෙ.
ඒ වෙලාවෙ මම භාර ගත්තෙ මරණාසන්න ලෙඩෙක්. අපායක් බවට පත්වුණු රටක්. පීලි පැන, හතර ගාතෙ ඇද වැටී තිබුණු ආර්ථිකයක්.
අපි විවිධ බාධක හා දුෂ්කරතා මැද්දේ, විධිමත් හා ක්‍රමවත් සැලැස්මක් යටතේ දිවා රෑ නොබලා වැඩ කරන්න පටන් ගත්තා. රට අපායෙන් මුදවා ගන්න වෙර දැරුවා. රාජ්‍ය නිලධාරීන් වෙහෙසෙමින්, කැප වෙමින් රට ගොඩ ගැනීමේ වෑයමට උදව් කළා. අපේ මිත්‍ර රටවල් සියල්ලම උපරිමයෙන් අප ගැන සොයා බැලුවා. සහන සැලසුවා.
ඒ අවස්ථාවේදී මම ප්‍රසිද්ධියේම ඔබ සැමට කියා සිටියේ පරිපූර්ණ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් ඔස්සේ ආර්ථිකය යළි නඟාසිටුවීමටත්, ආර්ථික අපා දුකින් ජනතාව බේරා ගැනීමටත් මම කැපවී වෙහෙසී කටයුතු කරන බවයි. මේ වෙහෙසීමට හා කැපවීමට දායක වුණේ මම විතරක් නෙවෙයි. මේ රටේම ජනතාව ඒ වෙනුවෙන් වෙහෙසුණා. ඒ වෙනුවෙන් කැප වුණා. එසේ නොකර රට ආපස්සට ඇද දමන්නට වෙහෙසුණු පිරිසකුත් හිටියා. නමුත් ඒ අයගේ අපේක්ෂාවන් සුන් කරමින් රට කිසියම් ස්ථාවරත්වයකට පත් කරන්නට දැන් අපට පුළුවන් වෙලා තියෙනවා.
පීලි පැන ඇද වැටී තිබූ ශ්‍රී ලංකා ආර්ථිකය පසුගිය වසරක කාලය තුළ යළිත් පීල්ල මත තබන්නට දැන් අපට හැකි වී තියෙනවා. අප ඒ සඳහා ආනයන සීමා කිරීම් වැනි තාවකාලික පියවර රැසක් ගත්තා. නමුත් එවැනි සීමා කිරීම් දිගින් දිගටම පවත්වා ගෙන යෑම ආර්ථිකයට හිතකර නැහැ. දැන් අපි දීර්ඝ කාලීන හා තිරසර පියවර ගත යුතු කාලයයි. පීල්ල මත තැබූ ආර්ථිකය යළිත් පීලි මත දුවවන්නට හැකි වන්නේ එවිටයි. මරණයෙන් බේරා ගත් ආර්ථිකය පූර්ණ වශයෙන් සුවපත් කිරීමට හැකි වන්නේ එවිටයි.
ඒක ලෙහෙසි පහසු කාර්යයක් නොවෙයි. නමුත් අපට එය කරන්න පුළුවන්. අප යන මේ මාර්ගය ඔස්සේ, තව තවත් නව සංකල්පවලින් පෝෂණය වෙමින් ඉදිරියට ගියොත් අපට මේ අභියෝගය ජයගන්න පුළුවන්.
සමජීවිකතා සංකල්පයෙන් පිට පැන, දේශපාලන වාසියක් ලබා ගත හැකි කරුණු පමණක් උලුප්පමින් විසඳුම් සෙවීම අසාර්ථක බව ඉතිහාසය ඔප්පු කර තියෙනවා. ඇයි ඉතින් අසාර්ථක බව දැන දැනම තව තවත් ඒ වැඩේම කරන්නෙ?
සුරංගනා කතා කීවාට රටක් ඉදිරියට යන්නේ නෑ. සිහින මාළිගාවලින් පොරොන්දු වී රටක් දියුණු කරන්න බෑ. කාලයක් තිස්සේ එක් එක් දේශපාලන පක්ෂ ලබා දුන් ඡන්ද පොරොන්දු නිසා රට ආපස්සට ගියා. එහි අවසාන ප්‍රතිඵලය රට බංකොලොත් වීම බව ඇස් ඉදිරියේ සනාථ වුණා. ඒත් අවාසනාවට රටේ සමහර කණ්ඩායම් මේ තත්ත්වය තවමත් අවබෝධ කරගෙන නැහැ.
මම යළි යළිත් ඔබෙන් ඉල්ලා සිටින්නේ දේශපාලන අරමුණු වෙනුවෙන් මිථ්‍යාව පැතිරවීම නවත්තමු. අපි අපිටම අවංක වෙමු. දේශපාලනයට වඩා රට ගැන හිතමු. රට ඉහළට ඔසවා තබන්න එක්වෙමු. රට ශක්තිමත් වුණාට පසු දේශපාලන අරමුණු ගැන හිතමු.
අවුරුද්දකට කලින් අපේ රටේ තත්ත්වයට වඩා දැන් තත්ත්වය යහපත්. මම මේ කියන්නේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම යහපත් තත්ත්වයකට පත් වෙලා කියලා නෙවෙයි. එදාට වඩා සංසන්දනාත්මකව අද යහපත්. ඒ තත්ත්වය අප ලබා ගත්තේ දුෂ්කරතාවන්ට මුහුණ දෙමින්. කැපවීම් කරමින්. අමාරුකම් හමුවේ ජීවිත ගැටගසා ගනිමින්.
අප මේ යන දුෂ්කර මාවතේ අඩියෙන් අඩිය ඉදිරියට ගියොත් නොබෝ කලකින් මීට වඩා යහපත් ආර්ථික පරිසරයක් අපට අනිවාර්යයෙන්ම නිර්මාණය කර ගන්න පුළුවන්. අප යන මේ මාවත නිවැරැදි බව පසුගිය වසර දෙස ආපසු හැරී බලද්දී සියයට 100ක් ම සනාථ වෙනවා. පෙට්‍රල් ලීටරයකට මිනී මරා ගත් රටක් අද පෝලිමකින් හෝ සීමාවකින් තොරව පෙට්‍රල් ලබා ගන්නවා. ගෑස් ටැංකියක් ලබා ගැනීමට සති ගණන් පාරේ රස්තියාදු වූ රටක් අද එක දුරකතන ඇමතුමකින් ගෙදරටම ගෑස් ටැංකිය ලබා ගන්නවා. දවසකට පැය දහයක් දොළහක් විදුලිය නැතිව සිටි රටක් අද අඛණ්ඩව විදුලි බලය ලබා ගන්නවා. සුපිරි වෙළෙඳ සැලේ සිට සිල්ලර කඩය දක්වා දර මිටි අලෙවි කළ රටක් අද වෙනස් වී තිබෙනවා. ඒ කියන්නේ අප යන මාවත නිවැරැදියි. අපේ සැලසුම් නිවැරැදියි. අපේ උපාය මාර්ග නිවැරැදියි. ඒ නිසා අමාරුවෙන් වුණත් අපි මේ ගමනේ ඉතිරි ටිකත් ඉදිරියටම යමු.
මේ ගමන් මඟ මෙතෙක් ඉදිරියට එද්දී යම් යම් අඩුපාඩු සිද්ධ වුණා. ඒවා අප හඳුනාගෙන තියෙනවා. අප ඉතා නිහතමානීව ඒ අඩුපාඩු සහ වැරදි නිවැරැදි කර ගන්නට ක්‍රියා කරනවා.
පීලි පැනපු ආර්ථිකය යළිත් පීල්ල මත තැබූ පමණින් අපට සෑහීමකට පත් වෙන්න බෑ. ඒ පමණින් අපට ලොකු සහනයක්, පහසුවක් සැලසෙන්නෙත් නෑ. අපේ දුෂ්කර සමය තවම ඉවර වෙලත් නෑ. මුළු රටම විවිධ අන්දමින් දුෂ්කරතාවන්ට මුහුණ දෙනවා.
උද්ධමන වේගය තනි ඉලක්කමක් දක්වා අඩු කරලීමට අපට හැකි වුණ නිසා අධි උද්ධමනකාරී විනාශයෙන් රට ගලවා ගැනීමට අපට පුළුවන් වුණා. නමුත් මේ දරුණු අර්බුදය නිසා ඉහළ ගිය ජීවන වියදමට සරිලන පරිදි වැටුප් හා ආදායම් වැඩි කර ගැනීමට අපට තවමත් හැකි වී නැහැ. ඉන්ධන සහ විදුලි බිල තියුණු ලෙස ඉහළ යෑම සෑම පවුලකටම අනර්ථකාරී ලෙස බලපෑවා. බදු ඉහළ නැංවීම නිසා තනි පුද්ගලයන් පමණක් නොව, කුඩා ව්‍යාපාරවල සිට මහා පරිමාණ ව්‍යාපාර දක්වා තිගැස්සීමකට ලක්වී තියෙනවා. නිෂ්පාදන වියදම් ඉහළ ගොස් තිබෙනවා. රටේ ජනතාව විඳින මේ දුක් පීඩාවන් ගැන අප හොඳින්ම දන්නවා. ස්ථාවර සහ සංවර්ධිත ආර්ථිකයක් කරා යන ගමන සුන්දර නැහැ. දුෂ්කරයි. කටුකයි. අභියෝගාත්මකයි.
බංකොලොත් රටක් යළි ප්‍රකෘතියට පත් කිරීම මහා දුෂ්කර ව්‍යායාමයක්. මේ දුෂ්කර කාලය ගෙවා ගතහොත් අපට සහනදායී සුන්දර සමාජයක් නිර්මාණය කර ගන්න පුළුවන් වෙනවා. එහෙම නැතුව බලය ලබා ගැනීමේ දේශපාලන අරමුණු මතින් ජනතාවට සහන ලබාදීමේ සිහින මාළිගා ඉදිකරන්නට ගියොත් අවසානයේ රට යළිත් බංකොෙලාත් වෙනවා.
අප මෙතෙක් පැමිණි ගමන් මගේ සාර්ථකත්වයට හේතුව අප ආරම්භ කළ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළයි. 2022දී මෙන් ආර්ථික අපායකට නොවැටී ඉදිරියට යන්නට මේ ප්‍රතිසංස්කරණ වැඩසටහන පදනම දමා තිබෙනවා.
2013 වසරේ සිට විදුලි උත්පාදනය සඳහා රජය වැය කරන මුදලට සරිලන පරිදි විදුලි බිල සංශෝධනය කිරීමේ පිළිවෙතක් අනුගමනය කෙරුණේ නැහැ. මේ නිසා විදුලි බල මණ්ඩලය බරපතළ ලෙස පාඩු ලැබුවා. 2022 වන තෙක්ම මේ පාඩු පියවීම සඳහා රාජ්‍ය බැංකු දෙකෙන් මුදල් ලබා ගත්තා. ඒ වගේම හිතා ගන්නට බැරි තරමේ පාඩු ලබන ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාඩුව පියවා ගත්තේ ද රාජ්‍ය බැංකු දෙකේ මුදල්වලින්. මේ තත්ත්වය කොයි තරම් බරපතළ වුණා ද කිවහොත් මේ වන විට රාජ්‍ය බැංකු දෙකේම ශේෂ පත්‍ර දුර්වල මට්ටමකට ඇද වැටී තියෙනවා. මේ බැංකු දෙක ශක්තිමත් කරලීම සඳහා මුදල් යෙදවීමට ආණ්ඩුවට සිදු වී තිබෙනවා. ඒ මුදල් ලබා ගන්නේ කොහෙන්ද? ඒ මුදල් ලබා ගන්න වෙන්නෙ ජනතාවගෙන් අය කරන බදු මුදල්වලින්.
පාඩු ලබන රාජ්‍ය ආයතනවල පාඩුව පියවන්න රාජ්‍ය බැංකුවලින් ණය ලබා ගන්නවා. ඒ නිසා රාජ්‍ය බැංකු දුර්වල වන විට බැංකු කඩා වැටීම වැළැක්වීම සඳහා ආණ්ඩුව මුදල් ලබා දෙනවා. ඒ මුදල් උපයා ගැනීමට නම් ජනතාවට වැඩි වැඩියෙන් බදු බර පැටවීමට සිදු වෙනවා.
සමහර කණ්ඩායම් පඩි වැඩි කරන්න කියා උද්ඝෝෂණ කරනවා. මේ දවස්වල රජයේ සේවකයන්ට විතරක් නෙවෙයි, මුළු රටටම අමාරුයි. මේ දුෂ්කර තත්ත්වයෙන් ගොඩ එන්න අපි දවසින් දවස, පියවරෙන් පියවර ඉදිරියට යා යුතුයි. එය අසීරු ගමනක්. වැඩ වර්ජන නිසා එක පැත්තකින් ඉදිරි ගමන අඩාළ වෙනවා. අනික් පැත්තෙන් රටේ බහුතර ජනතාවක් පීඩාවට පත් වෙනවා.
පඩි වැඩි කිරීම ගැනත් මම වචනයක් සඳහන් කළ යුතුයි. පඩි වැඩි කිරීම් හිතුමතේ කරන්න බෑ. රජයේ සේවකයන්ට පඩි ගෙවීම සඳහා රජයේ බදු ආදායමෙන් සියයට 35 ක් වැය වෙනවා. තවත් පඩි වැඩි කරන්න නම්, රජයේ ආදායම් වැඩි කර ගන්න ඕනෑ.
රජයේ ආදායම් වැඩි කර ගන්නේ නැතුවත් ඕනෙ නම් පඩි වැඩි කරන්න පුළුවන්. ඒ කොහොමද? එක්කෝ සල්ලි අච්චු ගහන්න ඕනෑ. නැත්නම් පිටරටකින් ණය ගන්න ඕනෑ. ඒත් නැත්තම් අලුතෙන් බදු ගහන්න ඕනෑ. ඒ පිළිවෙත සමජීවිකතා සංකල්පයට විරුද්ධයි. එවැනි පියවරවලින් වෙන්නේ රට නැවතත් අගාධයට ඇද වැටීමයි.
විදුලි බල මණ්ඩලය විදුලිය උත්පාදනය සඳහා විශාල මුදලක් වැය කරනවා. මේ නිසා මහා පරිමාණ අඩු වියදම් පුනර්ජනනීය බලශක්තිය ප්‍රධාන විදුලි ජාලයට එක් කිරීමට අවශ්‍ය සියලුම නීතිමය බාධක අපි ඉවත් කළා. අකාර්යක්ෂම විදුලි බල මණ්ඩලය වෙනුවට කාර්යක්ෂම ආයතනයක් ලෙස එය ප්‍රතිව්‍යුහගත කිරීමේ නීති රීති දැන් සම්පාදනය වෙමින් පවතිනවා. විදුලි බල උත්පාදනය කාර්යක්ෂම ලෙස ඉටු කළ හැකි ආයතනික වෙනස්කම් සිදු කිරීමෙන් පසු ජනතාවගේ විදුලි බිල මීට වඩා සැහැල්ලු වෙනවා.
සමහර දේශපාලන කණ්ඩායම් විදුලි බල මණ්ඩලය කාර්යක්ෂම ආයතනයක් ලෙස ප්‍රතිව්‍යුහගත කරනවාට විරුද්ධයි. ඔවුන් කියන්නේ කෙසේ හෝ විදුලි බිල පහත දමන ලෙසයි. එවැනි දේකින් සිද්ධ වෙන්නේ නැවතත් අප අර විෂම චක්‍රයේ ගොදුරක් බවට නැවත පත් වීමයි. සමජීවිකතා සංකල්පයට පිටුපෑමයි.
රාජ්‍ය බදු ඉහළ දැමීම ගැනත් බරපතළ විවේචන තියෙනවා. බදු ඉහළ දැමීමට අපට සිදු වූයේ ඇයි? බදු ව්‍යුහයන් වෙනස් කිරීම සහ බදු ප්‍රතිසංස්කරණ අප කාලයක් තිස්සේ නොසලකා හැරියා. මේ නිසා රාජ්‍ය මූල්‍ය අංශය දුර්වල වුණා. එය යළි ශක්තිමත්ව පවත්වාගෙන යාමට නම් අනිවාර්යෙන්ම බදු ක්රමයේ ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කළ යුතු වුණා.
සෑම මාසයකම රාජ්‍ය අංශයේ වැටුප් ගෙවීමට රුපියල් බිලියන 93 ක් වැය වෙනවා. අස්වැසුම, ඖෂධ, විශ්‍රාම වැටුප් ආදී මහජන සුභසාධනය වෙනුවෙන් මසකට රුපියල් බිලියන 30ක් වැය වෙනවා. ඒ සමඟම රුපියල් බිලියන 220ක් ණය පොලී ගෙවීමට වැය වෙනවා. මෙම කාරණාවලට පමණක් වැය වන මාසික රාජ්‍ය වියදම රුපියල් බිලියන 383ක්. 2023 පළමු මාස 9 තුළ අපේ මාසික බදු ආදායම රුපියල් බිලියන 215යි. රුපියල් බිලියන 168ක් හිඟයි. මේ හිඟය පියවන්න නම් තව තවත් ණය ගත යුතු වෙනවා.
මෙතෙක් මේ හිඟ මුදල් පියවා ගත්තේ කොහොමද? විදේශ ණය ලබා ගන්නවා. ලංකාවේ බැංකුවලින් අයිරා ලබා ගන්නවා. මේ ක්‍රම දෙකෙන් හිඟ මුදල් පියවා ගැනීමට බැරි වූ විට මුදල් අච්චු ගහනවා.
විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරන තෙක් අපට විදේශ මුදල් හා විදේශ ණය ලබා ගත හැක්කේ ඉතා සීමාසහිතවයි. 2021 වසරේ රුපියල් බිලියන 900ක බැංකු අයිරා ලබාගෙන තිබුණා. දැන් බැංකු අයිරා ලබා ගැනීම රුපියල් බිලියන 70 දක්වා පහත මට්ටමකට ගෙනැවිත් තිබෙනවා. නව මහ බැංකු පනත අනුව මුදල් අච්චු ගසන්නටත් බෑ. මේ නිසා රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 10 සිට සියයට 15 දක්වා ඉහළ නංවා ගත්තේ නැත්නම් අපි නැවතත් ආර්ථික අපායකට ඇද වැටෙනවා. බදු අඩු කිරීමක් කළහොත් වෙනත් ආකාරයකින් තවත් පිරවීමක් කළ යුතුයි. සමහර කණ්ඩායම් ප්‍රකාශ කරනවාක් මෙන්, සරල – සුන්දර පොරොන්දුවලින් මේ ප්රශ්නය විසඳෙන්නේ නැහැ.
මේ අවුරුද්දේ අප ඉලක්ක කරන ලද රාජ්‍ය ආදායම රුපියල් බිලියන 3,415 ක්. මේ දක්වා අප උපයා ගෙන ඇති ආදායම රුපියල් බිලියන 2,410 ක්. ඒ කියන්නේ අප ඉලක්කගත ආදායම උපදවා ගන්නට අසමත් වෙලා. මේ කරුණුත් අප දැඩි ලෙස සැලකිල්ලට ගත යුතුයි. ඉලක්කගත රාජ්‍ය ආදායම උපයා ගැනීමට වෙහෙසිය යුතුයි.
අලුතෙන් බදු ලිපි ගොනුවක් ලියාපදිංචි කරන ලෙස වැඩි ආදායම් ඇති අයගෙන් අප අවස්ථා කීපයකම ඉල්ලා සිටියා. නමුත් බහුතරයක් එසේ කළේ නෑ. එයට මූලික හේතුව බදු ගොනුවක් විවෘත කිරීමෙන් පසු නැති කරදරවලට මුහුණ දෙන්නට සිදු වෙතැයි කියන විශ්වාසය. ඒක ඇත්ත. බදු අය කිරීම් සම්බන්ධයෙන් අනවශ්‍ය සංකීර්ණතා තියෙනවා. සමහර නිලධාරීන්ගේ අනවශ්‍ය බලපෑම්වලට යටත් වන්නට සිදු වෙන අවස්ථා තියෙනවා. බදු ගෙවීම හිසරදයක් වෙන තරමට සමහර ගෙවීම් ක්‍රම සංකීර්ණයි.
අපේ බදු ක්රමයේ ඇති මෙවැනි බරපතල අඩුපාඩු ගණනාවක් අප හඳුනාගෙන තියෙනවා. වර්තමානයේ සමස්ත ඍජු බදු බර සමාජයේ සීමිත කොටස් කිහිපයක් මත පැටවී තියෙනවා. ආදායම් එකතු කිරීමේ ක්‍රමවේදයන්හි කාලයක් තිස්සේ පවතින දුර්වලතා සහ නොසලකා හැරීම් නිසා බදු පැහැර හැරීම් සිදු වෙනවා. මෙම අඩුපාඩු සකස් කර ගැනීමේ යෝජනා ගණනාවක් මේ අය වැයට අප ඇතුළත් කර තියෙනවා. මෙම යෝජනා එක රැයෙන් ක්‍රියාත්මක කළ හැකි වන්නේ නෑ. ඒවා ක්‍රමානුකූලව ක්‍රියාත්මක කළ යුතුයි. එම යෝජනා ඔස්සේ රාජ්‍ය ආදායම් වැඩි කර ගත් විට අපට අදට වඩා බදු සහන ලබාදීමේ අවකාශය උදා වෙනවා.
රාජ්‍ය වියදම් අඩු කර ගැනීමෙන් ජනතාවගේ බදු බර අඩු කරන්නට පුළුවන් බව සමහරු පවසනවා. නමුත් රාජ්‍ය වියදම්වලින් වැඩි ප්‍රතිශතයක්, එනම් සියයට 35 ක් වැය වෙන්නේ රජයේ සේවකයින්ගේ වැටුප් ගෙවීමටයි. දැනට රාජ්‍ය අංශයේ ශ්‍රම බළකාය මිලියන 1.3 ක්. සංඛ්‍යාව වැඩි වුවත් අපට ඔවුන්ව රැකියාවලින් ඉවත් කිරීමට බැහැ. එසේ කළහොත් දැවැන්ත සමාජ අර්බුදයක් නිර්මාණය වෙනවා. ඒ නිසා මෙම ගැටලුවලට ඉතා පරිස්සමින් සහ සංවේදීව අප මුහුණදිය යුතුයි.
හැබැයි අපි රජයේ නාස්තිකාර වියදම් අවම කළ යුතුයි. රජයේ ආයතනවල මොන තරම් මුදල් නාස්තියක් සිද්ධ වෙනවාද? මොන තරම් කාල නාස්තියක් සිද්ධ වෙනවාද? මේවාත් අප වළක්වාගත යුතුයි. රජයේ ආයතනයක වැඩක් කරන්න ගියාම සාමාන්‍ය පුරවැසියෙකුගේ කාලය, ශ්‍රමය සහ මුදල් මොන තරම් අපතේ යනවාද? මෙන්න මේ අඩුපාඩු සහ වැරදිත් අප හදා ගත යුතුයි.
පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායයන් නිසා රටේ ජනතාව පීඩා විඳිනවා. ඒවායේ පාඩුව සම්පූර්ණයෙන්ම දරන්නෙ ජනතාව. ඒවා ජාතික සම්පත් කිය කියා තවදුරටත් ඒවායේ බර ජනතාව පිට පටවන දේශපාලන කණ්ඩායම් කරන්නේ රට ආපස්සට ඇදීමක්.
ස්වර්ණා විජෙකෝන්, සන්ධ්‍යා කරුණාරත්න
………………………………………………………………………………..
රටේ පැවැති දේශපාලන ක්‍රමයත් ආර්ථික ක්‍රමයත් කණපිට හැරවිය යුතුයි
රජයේ විශ්‍රාම වැටුප් ලබන්නන් ගණන 730,000ක්. ඔවුන්ට දැනට ලැබෙන්නේ රුපියල් 3,525ක මාසික ජීවන වියදම් දීමනාවක්. අපි රජයේ විශ්‍රාම වැටුප් ලබන්නන්ගේ මාසික ජීවන වියදම් දීමනාව රුපියල් 6,025 දක්වා රු. 2500කින් වැඩි කරනවා.
පොලිස් සේවයේ නියුතු නිලධාරීන් දුර බැහැර රාජකාරි කටයුතු සඳහා යන එන අවස්ථාවන්හි දී ඔවුන්ට ලබා දෙන ගමන් දීමනාව වර්තමානයට ගැළපෙන්නේ නැහැ. එබැවින් දැනට ක්‍රියාත්මක එම දීමනාව වෙනුවට පොලිස් නිලධාරීන් කණ්ඩායම් තුන සඳහා සුදුසු ගැළපීම් සහිත ආහාර හා නවාතැන් දීමනාවක් ගෙවීමට අප ක්‍රියා කරනවා.
බිම්සවිය කඩිනම් කරන්න රු. මිලියන 600ක්
ප්‍රාදේශීය සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 11,250ක්
කඳුකර ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 89ක් සංවර්ධනයට රු. බිලියන 10ක්
උසස් පෙළ සමත් සෑම දරුවකුටම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා ගැනීමට අවස්ථාව
ඒ වගේම දූෂණය හා වංචාව රට පුරා පිළිකාවක් සේ පැතිරිලා. රටේ ධනය හොරකම් කිරීම වැළැක්වීමේ පනත් අප දැන් ඉදිරිපත් කර තියෙනවා. රටේ ධනය සහ සම්පත් සොරකම් කළ බවට විවිධ අයට විවිධ චෝදනා තියෙනවා. හැබැයි රටේ ධනය සහ සම්පත් හොරකම් කළ අය ගැන වගේම රටේ අනාගතය හොරකම් කළ අය ගැනත් අප සිතා බැලිය යුතු වෙනවා.
සමහර දේශපාලන කණ්ඩායම් සාර්ථක ව්‍යාපාර ජනසතු කර රටේ අනාගතය හොරකම් කළා. තවත් සමහරු ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි වැනි නිරපරාදේ නාස්ති වෙන තැන් වෙනත් රටකට බදු දීමට විරුද්ධ වී රටේ අනාගතය හොරකම් කළා. තවත් සමහරු ඇඟලුම් කර්මාන්තයට විරුද්ධ වී රටේ අනාගතය හොරකම් කළා.
වරාය දියුණු කරනවාට විරුද්ධ වී අනාගතය හොරකම් කළා. මේ ලැයිස්තුව තව දිගයි. මතක තියාගන්න. ඒ අයත් කරන්නෙ හොරකම්.
හැම සංවර්ධන ව්‍යාපෘතියකටම විරුද්ධ වෙන දේශපාලන කණ්ඩායම් ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කරන්න ඉඩ දුන්නේම නෑ. ඒ තෙල් ටැංකි දිරාපත් වෙන්න ඉඩ ඇරියා වගේ ඔවුන්ට අවශ්‍ය නුවරඑළිය තැපැල් කාර්යාලයත් කඩා වැටෙන තත්ත්වයට පත් කරන්න.
නුවරඑළිය තැපැල් කාර්යාලය සංචාරක කර්මාන්තය සඳහා වෙන් කිරීම හුදෙකලා සිද්ධියක් නෙවෙයි. නුවරඑළිය සංවර්ධන සැලැස්මේ කොටසක්. අනාගතයේ නුවරඑළියේ විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීමේ බලාපොරොත්තුවක් අපට තියෙනවා. තවත් දැවැන්ත ව්‍යාපෘති ගණනාවක් නුවරඑළියේ ක්‍රියාත්මක වෙනවා. මේ සියළු දේ කරන්නේ නුවරඑළියේ පරිසරයත්, එහි ඓතිහාසික ගොඩනැඟිලිත් ආරක්ෂා කර ගැනීම සඳහායි.
ගාලු කොටුවේ තිබූ පැරණි තැපැල් කාර්යාල ගොඩනැගිල්ලටත් මේ අය සිද්ධ කළේ මේ දේමයි. දැන් ඒ ගොඩනැඟිල්ල කඩා වැටිලා. නිසි අවස්ථාවේ ඒ ගොඩනැඟිල්ල සංචාරක කර්මාන්තය වෙනුවෙන් වෙන් කළා නම් ඒ ඓතිහාසික ගොඩනැඟිල්ලත් අපට තියෙනවා. විදේශ විනිමයත් ලැබෙනවා.
මෑතකදී මුහුණු පොතේ සුසන්ත ආරියරත්න නමැති ආර්ථික විශ්ලේෂකයා ලියූ සටහනක් මම මෙහිදී උපුටා දක්වන්න කැමැතියි.
“රාජ්‍ය සම්පත් රැකගන්න තියෙන ෆෝමියුලා එක රාජ්‍ය සම්පත්වලට අත නොතබනු කියලා පෙළපාළි යන එක නෙවෙයි. ඒ සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගන්න එකයි. එතකොට ඒවා කාටවත් බරක් වෙන්නේ නෑ.”
අපි මෙතෙක් කල් ක්‍රියා කළේ රාජ්‍ය සම්පත් රැක ගැනීම කියන සටන් පාඨයට මුවාවෙලා ඒවායින් ප්‍රයෝජන නොගැනීම. ඒවා රටට දරන්න බැරි තරම් බරක් බවට පත් කිරීම.
හිතා බලන්න. මෙතෙක් අපේ රටේ ක්‍රියාත්මක වුණු දේශපාලන සහ ආර්ථික සංකල්ප අසාර්ථකයි. කරුණාකර ඒ බව තේරුම් ගන්න. ඔබේ අසල්වැසියාටත් ඒ බව තේරුම් කර දෙන්න. අප අලුත් දේශපාලන සහ ආර්ථික ක්‍රමයක් නිර්මාණය කරගත්තේ නැත්නම් මෙතැනින් එහාට ගමනක් නෑ.
රටේ මෙතෙක් පැවති දේශපාලන ක්‍රමයත්, ආර්ථික ක්‍රමයත් සම්පූර්ණයෙන්ම කණපිට හැරවිය යුතුයි. මම පසුගිය අය වැය ලේඛනයේදීත් ඒ බව පෙන්වා දුන්නා. සුගතපාල ද සිල්වා ‘මරා සාද්’ නාට්‍යයේ කියන පරිදි – කොට්ට උරයක් මෙන් කණපිට හරවා, අලුත් ඇහැකින් බැලියි යුතුයි.
අතීතයේ සිට අපේ රටේ මුල් බැස තිබූ සමාජ සම්මුතිය වූයේ රජය සියලූ දේ සිදු කළ යුතුයි යන්නයි. ඒ නිසා තමයි පුද්ගලික ව්‍යාපාර අඩපණ කරමින්, ඒ ව්‍යාපාර පවරා ගනිමින් සියලු ව්‍යවසායික කාර්යයන්ට රජය මැදිහත් වුණේ. හැබැයි ඒ සමාජ සම්මුතිය අසාර්ථක, යල් පැන ගිය එකක් බව දැන් තහවුරු වෙලා තියෙනවා.
අතීත අත්දැකීම්, ගෝලීය ප්රවණතා, අනාගත අභියෝග යන සියල්ල සලකා බලා අපටම අනන්‍ය ආර්ථික හා දේශපාලන ක්‍රමයක් අප නිර්මාණය කරගත යුතුයි. නව සමාජ සම්මුතියක් සකසා ගත යුතුයි.
මේ නව ක්‍රමයට පදනම දමමින් අපි පසුගිය වසර තුළ අනුගමනය කළ නිවැරදි පිළිවෙත් සහ ක්‍රමවේදයන් නිසා ආර්ථිකය සුවපත් වෙමින් පවතිනවා. දැන් හිඟයකින් තොරව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා ගන්න පුළුවන්. සියයට 30ක් දක්වා ඉහළ නැඟ තිබූ පොලී අනුපාත දැන් සියයට 15ක් පමණ දක්වා පහත වැටී තිබෙනවා. විදුලි බලය අඛණ්ඩව සැපයෙනවා. පොහොර හිඟයක් නැහැ. 2021 වසරේ අපේ ප්‍රාථමික අය වැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5.7ක්. 2023 මුල් භාගයේ ප්‍රාථමික අය වැය අතිරික්තයක් ඇති කර ගැනීමට අප සමත් වුණා. ගැඹුරු ආර්ථික අවපාතය මැද මේ වසරේ මුල් මාස 6 තුළ බදු ආදායම සියයට 50කින් ඉහළ නංවා ගන්න අපට පුළුවන් වුණා. 2022 සැප්තැම්බර් මාසයේ සියයට 70 දක්වා ඉහළ නැංවී තිබූ උද්ධමනය පසුගිය ඔක්තෝබර් වෙද්දී සියයට 1.5 දක්වා අඩු වුණා. බිංදුවට වැටී තිබූ විදේශ විනිමය සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5ක් දක්වා ඉහළ ගියා. විදේශීය රටවල්වල විශ්වාසය යළි තහවුරු වුණා. හැබැයි යන්න තියෙන දුර තව බොහොමයි.
පසුගිය වසර තුළ වර්ධනාත්මක ප්‍රගතියක් අපට ලබා ගැනීමට හැකි වූයේ මේ රටේ බහුතර ජනතාව රට ගැන වූ අවංක චේතනාවෙන් යුතුව සිදු කළ කැප කිරීම් නිසයි. විවිධ දුෂ්කරතා හමුවේ ඔවුන් පළ කළ ධෛර්යය නිසයි. මෙම දුෂ්කරතා සමනය කරන්නට අවශ්‍ය පසුබිම රජය ක්‍රමානුකූලව ලබා දෙනවා. අපේ ආර්ථිකය ප්‍රකෘතිමත් වෙද්දී, අපේ ආර්ථිකය ස්ථාවර වෙද්දී වඩාත් වැඩි පහසුකම් ජනතාවට සපයන්නට ඇප කැප වෙනවා.
නැවතත් 2022 වසරේ අපේ රට ඇද වැටුණු අපායට වැටෙන්නට අපට බැහැ. සමහර කණ්ඩායම් දිවා රෑ නොබලා උත්සාහ කරන්නේ නැවතත් රට ඒ තත්ත්වයට ඇද දමා ඔවුන්ගේ දේශපාලන අරමුණු ඉටු කර ගැනීමටයි. හැබැයි අපට දේශපාලන අරමුණක් නැහැ. අපට ඇති එකම අරමුණ රට ඉහළට ඔසවා තැබීම පමණයි.
මේ අය වැය මැතිවරණ අය වැයක් කියා සමහරු හඳුන්වනවා. එහෙම හඳුන්වන්නේ ලබන අවුරුද්දේ ජනාධිපතිවරණයත්, පාර්ලිමේන්තු මැතිවරණයත් පවත්වන නිසා. මැතිවරණ අය වැයකින් කරන්නේ ඡන්දය දිනාගැනීමේ අරමුණ ඇතිව කෙළවරක් නැති සහන සහ පඩි වැඩිවීම් ලබා දීම. නිදහසින් පසු අවුරුදු 75ක කාලය තුළ බොහෝ අවස්ථාවල සිද්ධ වුණේ එයයි.
හැබැයි මේ අය වැය වෙනස්. මේ අය වැය රටේ අනාගතය නිර්මාණය කරන අය වැයක්. වත්මන් ජාත්‍යන්තර ප්රවණතාවන්ට අනුකූල නව ආර්ථික ක්රමවේදයක පදනම දමන අය වැයක්. සවිමත් අනාගතයක පෙරවදනක්.
මැතිවරණ ජයග්‍රහණයට වඩා මට වැදගත් වෙන්නේ රටේ ජයග්‍රහණයයි. මේ අය වැය රටේ ජයග්‍රහණය වෙනුවෙන් සකස් කළ අය වැයක්. බෞද්ධ ආර්ථික දර්ශනය අනුව සකස් කළ අය වැයක්. සමජීවිකතා සංකල්පය පදනම් කරගෙන රටටත්, රටේ අනාගතයටත් ජය සැලසෙන යෝජනා ගණනාවක් මේ අය වැය ලේඛනයට ඇතුළත් කර තියෙනවා.
මම දැන් 2024 අය වැය යෝජනා මේ ගරු සභාවට ඉදිරිපත් කරන්නම්.
රාජ්‍ය සේවක වැටුප්
රජයේ සේවකයන්ට 2015 වසරෙන් පසු වැටුප් වැඩි වීමක් ලැබී නැහැ. මේ නිසා රාජ්‍ය අය වැයෙහි සමබරතාවය නොබිඳෙන අයුරින් රාජ්‍ය සේවකයන්ට සහනයක් ලබා දීමට මා යෝජනා කරනවා.
රජයේ සේවකයන් සංඛ්‍යාව මිලියන 1.3 (1,300,000)ක් පමණ වෙනවා. ඔවුන්ගේ පවුල්වල සමස්ත සාමාජික සංඛ්‍යාව මිලියන 5කට වැඩියි. මේ රජයේ සේවකයන්ට දැනට හිමිවෙන්නේ රුපියල් 7,800ක ජීවන වියදම් දීමනාවක්. අපි 2024 ජනවාරියේ සිට ජීවන වියදම් දීමනාව 17,800 දක්වා රුපියල් 10,000කින් වැඩි කරනවා.
මහා භාණ්ඩාගාරයට වසරේ ආදායම් ලැබෙන්න පටන් ගන්නේ පෙබරවාරි, මාර්තු මාස වන විටයි. ඒ නිසා මේ දීමනාව වැඩි වීම මාසික වැටුපට එකතු කරන්න අපට සිදු වෙන්නේ අප්‍රේල් මාසයේ සිටයි. ජනවාරි සිට මාර්තු දක්වා හිඟ මුදල ලබන ඔක්තෝබර් මාසයේ සිට වාරික වශයෙන් මාස හයක් තුළ ලබා දීමට අප පියවර ගන්නවා.
විශ්‍රාම වැටුප්
රජයේ විශ්‍රාම වැටුප් ලබන්නන් ගණන 730,000ක්. ඔවුන්ට දැනට ලැබෙන්නේ රුපියල් 3,525ක මාසික ජීවන වියදම් දීමනාවක්. අපි රජයේ විශ්‍රාම වැටුප් ලබන්නන්ගේ මාසික ජීවන වියදම් දීමනාව රුපියල් 6,025 දක්වා රු. 2500කින් වැඩි කරනවා. මෙම වැඩි වීම 2024 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වනවා. 2024 වසරේ දී රු. බිලියන 386ක් විශ්‍රාම වැටුප් වෙනුවෙන් වැය කරනවා.
වැන්දඹු සහ
අනත්දරු විශ්‍රාම වැටුප
වැන්දඹු සහ අනත්දරු විශ්‍රාම වැටුප, සේවකයන් සිය මූලික වැටුපෙන් සියයට 6‐7 ක දායකත්වය ලබා දෙනු ලබන දායකත්ව විශ්‍රාම වැටුපක්. වැන්දඹු සහ අනත්දරු විශ්‍රාම වැටුප ගෙවීම සඳහා රජය වසරකට රු. බිලියන 65ක් පමණ වැය කරනවා. සේවකයන්ගෙන් වැන්දඹු සහ අනත්දරු විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය සඳහා වන වාර්ෂික දායකත්වය රු. බිලියන 38ක් වනවා.
එම නිසා, රාජ්‍ය සේවකයන්ගෙන් අය කර ගනු ලබන මුදල වැන්දඹු සහ අනත්දරු විශ්‍රාම වැටුප් ගෙවීමට ප්‍රමාණවත් වන්නේ නැහැ. 2024 අප්‍රේල් මාසයේ සිට සියලුම සේවා අංශවල මෙම විශ්‍රාම වැටුපට වූ දායකත්වය සඳහා වැටුපෙන් අඩු කරන ප්‍රතිශතය සියයට 8 දක්වා වැඩි කිරීමට යෝජනා කරනවා.
මෙම ගැළපීම මඟින් වසරකට රුපියල් බිලියන 9ක් එකතු කර ගැනීමට හැකි වෙනවා. එමෙන්ම, වැන්දඹු සහ අනත්දරු විශ්‍රාම වැටුප් යෝජනා ක්රමයේ අඛණ්ඩතාවය ඒ මඟින් තහවුරු කරගන්නට පුළුවන් වෙනවා.
ආහාර හා නවාතැන් දීමනා
පොලිස් සේවයේ නියුතු නිලධාරීන් දුර බැහැර රාජකාරී කටයුතු සඳහා යන එන අවස්ථාවන්හි දී ඔවුන්ට ලබා දෙන ගමන් දීමනාව වර්තමානයට ගැළපෙන්නේ නැහැ. එබැවින් දැනට ක්‍රියාත්මක එම දීමනාව වෙනුවට පොලිස් නිලධාරීන් කණ්ඩායම් තුන සඳහා සුදුසු ගැළපීම් සහිත ආහාර හා නවාතැන් දීමනාවක් ගෙවීමට අප ක්‍රියා කරනවා.
ආපදා ණය
රටේ පැවති දුෂ්කර ආර්ථික තත්ත්වය හේතුවෙන්, රාජ්‍ය වියදම සැලකිලිමත්ව කළමනාකරණය කිරීමට ක්‍රියාමාර්ග කිහිපයක් අනුගමනය කළා. එම ක්‍රියාවලිය තුළ, රාජ්‍ය සේවකයන් විසින් මුහුණ දෙන අනපේක්ෂිත හා සූදානම් නොවූ දුෂ්කරතාවයන්වල දී ඔවුන්ට ලබා දෙන ආපදා ණය හිමිකම යම් සීමා කිරීම්වලට යටත් කෙරුණා. 2024 ජනවාරි මස 1 වැනි දින සිට සියලු රාජ්‍ය සේවකයින්ට ආපදා ණය පහසුකම පෙර පරිදිම ලබා දීමට යෝජනා කරනවා.
අස්වැසුම
අස්වැසුම ප්රතිලාභ ලබා දීම අප ආරම්භ කළේ ලෝක බැංකුව ද ඇතුළු සංවර්ධන හවුල්කරුවන්ගේ සහය ඇතිවයි. නමුත්, ඉදිරි වසරේ අප ජනතාවට ප්රතිලාභ සලසන්නේ අපේම මුදලෙන්. මේ වැඩසටහන සඳහා පෙර වසරවල අප වැය කළේ රුපියල් බිලියන 60ක මුදලක්. දැන් එය රුපියල් බිලියන 183ක් දක්වා ඉහළ නංවා තියෙනවා. සමාජ ආරක්ෂණ වැඩසටහන් සඳහා පෙර වසරවල වැය කළ මුදල මෙන් තුන් ගුණයක් 2024 වසරේ දී අස්වැසුම වැඩසටහන සඳහා වියදම් කිරීමට අපේක්ෂා කරනවා. මේ නිසා ප්‍රතිලාභී පවුල් මිලියන 2කට සහන සැලසෙනවා.
අස්වැසුම වැඩසටහන පදනම් වන්නේ සාධාරණ තෝරාගැනීමේ නිර්ණායක මතයි. නව වැඩසටහන වෙත මාරු වීමේ දී ඇති වී තිබෙන ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදයන් නිවැරදි කෙරෙමින් පවතිනවා. අසාධාරණයක් සිදු වූ පවුල්වලට සාධාරණය ඉටු කිරීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මකයි. ප්රතිලාභ ලැබීම ප්‍රමාද වූ, සුදුසුකම් ලත් ප්‍රතිලාභීන්ට අතීතයේ සිට බලපැවැත්වෙන පරිදි ගෙවීම් සිදු කිරීමට පියවර ගන්නවා.
සමෘද්ධි නිලධාරීන්ගේ අත්දැකීම් සහ දැනුම අප අස්වැසුම ප්‍රතිලාභීන් සවිබල ගැන්වීම සඳහා උපයෝගී කරගන්නවා.
ආබාධිත පුද්ගලයන් හා වකුගඩු රෝගීන් 130,000කට පමණ රු. 5,000ක මාසික දීමනාවක් ගෙවනු ලබනවා. මෙම දීමනාව රු. 7,500 දක්වා වැඩි කිරීමට මා යෝජනා කරනවා. එය සියයට 50ක වැඩි වීමක්. වැඩිහිටි පුරවැසියන් වෙත දැනට ලබා දෙන රු. 2,000ක මාසික දීමනාව ද රු. 3,000 දක්වා වැඩි කරනවා. මෙමඟින් පුද්ගලයන් 530,000කට වඩා ප්රතිලාභ සැලසෙනවා.
පොරොත්තු ලේඛනයේ සිටි සහ දැනටමත් මූල්‍ය සහය ලබා ගන්නා ප්‍රතිලාභීන් 2024 වසරේ සිට ප්‍රතිලාභීන්ගේ ලේඛනයට ඇතුළත් කර ගන්නවා. මේ සඳහා රුපියල් බිලියන 138ක් වෙන් කරනවා.
සමහර පවුල් හදිසි ආපදාවන්ට ගොදුරු විය හැක. පවුලේ ආදායම් උපයන්නා මිය යා හැක. අනතුරකට ලක් විය හැක. රැකියා අහිමි විය හැක. ඒ වගේ අවස්ථාවන්වල මුළු පවුලම අසරණ වෙනවා. මෙන්න මේ වගේ පවුල්වලට වර්තමාන ක්‍රමය අනුව අස්වැසුම ලබා ගන්න සෑහෙන කලක් බලා සිටින්නට සිද්ධ වෙනවා. නමුත් අප ඉදිරියේ දී මාස 6කට වරක් අස්වැසුම ප්‍රතිලාභීන් සමාලෝචනයකට ලක් කරනවා. අලුත් පවුල් ප්‍රමාදයකින් තොරව ප්‍රතිලාභී ලැයිස්තුවට එක් කර ගැනීමේ අවකාශය මෙමඟින් උදාවෙනවා.
අස්වැසුම වැඩසටහන සහ ආබාධිත පුද්ගලයන්, වකුගඩු රෝගීන් හා වැඩිහිටියන් සඳහා වන දීමනා සඳහා වෙන් කරන මුදල ලබන වසරේ දී රුපියල් බිලියන 205 දක්වා වැඩි කරනවා.
ගර්භිණී මවුවරුන් වෙත රුපියල් 4,500ක මාසික දීමනාවක් ලබාදීමේ ක්‍රමවේදයේ අඩුපාඩු සහ දුර්වලතා රැසක් අප හඳුනාගෙන තියෙනවා. එම අඩුපාඩු සකසා මෙම වැඩසටහන වඩා ක්‍රමවත් කරන්නට රුපියල් බිලියන 10ක් දැනටමත් වෙන් කර තිබෙනවා.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය
ආර්ථික අර්බුදය සහ කොවිඩ් වසංගත තත්ත්වයන් හේතු කොට ගෙන සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායයන් දැවැන්ත අර්බුදයකට ලක් වුණා. මෑතක දී කළ සමීක්ෂණයකින් හෙළි වුණේ මෙවන් ව්‍යවසායන්ගෙන් සියයට 20ක් පමණ තාවකාලිකව හෝ ස්ථිරව වසා දමා ඇති බවයි. එමෙන්ම දැනට ක්‍රියාත්මක වන ව්‍යවසායයන්ගේ කාර්යසාධන පරිමාවේ පහළ යාමක් ද එම සමීක්ෂණයෙන් අනාවරණය වුණා. නිෂ්පාදන ආර්ථිකයක් කරා යන ගමන තව තවත් වේගවත් කිරීමට අපට අවශ්‍යයි. ඒ නිසා සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට තව තවත් ශක්තිය, ධෛර්යය හා පහසුකම් ලබා දිය යුතුයි. මේ වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ද ඇතිව රුපියල් බිලියන 30ක පමණ සහනදායී ණය පහසුකමක් අප හඳුන්වා දෙනවා.
මෙම වැඩසටහන සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහා විශාල අනුබලයක් ලබා දෙන ක්‍රියාමාර්ග ගණනාවක පළමු අදියරයි. සහන ණය පහසුකම්වලට අමතරව එයට සහභාගී වන ආයතන සඳහා ධාරිතා සංවර්ධන වැඩසටහන් ද ක්‍රියාත්මක කරනවා. කාර්මික ක්ෂේත්රයන්හි විශාල සමාගම්වල අගය දාමයන් සමඟ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් සම්බන්ධ කිරීමට ක්‍රියාමාර්ග ගන්නවා. මේ සඳහා වන ප්‍රතිපාදන අය වැය 2024 සඳහා වෙන් කර ඇත.
ඒ අනුව, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සංවර්ධනය සඳහා වෙන්වන මුළු මුදල රුපියල් බිලියන පණහක්. මේ නිසා, රුපියල් බිලියන 250ක පමණ වටිනා මූල්‍ය වපසරියක් නිර්මාණය වෙනවා.
“උරුමය” වැඩසටහන
1897දී ලංකා මුඩුබිම් ආඥා පනත සම්මත වුණා. ඒ යටතේ රට පුරා ගැමි ඉඩම් අක්කර දහස් ගණනක් බ්‍රිතාන්‍ය රජය අත්පත් කර ගත්තා. ඉන් පසුව, 1935දී ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ගොවියන්ට බලපත්‍ර ක්‍රම මඟින් එම ඉඩම් කොටස් ලබා දුන්නා. හැබැයි අවුරුදු සියයකට ආසන්න කාලයක් ගෙවී ගියත්, මේ ගොවි බිම්වල අයිතිය ඒවා හිමි ගොවි ජනතාවට යළි පවරා දීමක් සිදු වුණේ නෑ. හුණුවටයේ කතාව නාට්‍යයේ කියැවෙන පරිදි, “ගොවි දන මනා වූ; ලැබිය යුතු වූ සේම ගම්බිම්” අප ඒ ගම්බිම් යළිත් ගොවි ජනතාවගේ පුද්ගලික අයිතියට පවරා දෙනවා. බ්‍රිතාන්‍ය සමයේ පාරම්පරික ඉඩකඩම් අහිමි වූ ගොවි ජනතාවට යළිත් ඒ ගොවි බිම්වල පූර්ණ පුද්ගලික අයිතිය අපි ලබා දෙනවා. මෙම කාර්යය 2024 වර්ෂයේ ආරම්භ කොට තවත් වසර කීපයක් ඇතුළත සම්පූර්ණයෙන්ම නිම කිරීම අපගේ අපේක්ෂාවයි. පවුල් ලක්ෂ විස්සකට (2,000,000) මෙමඟින් ඉඩකඩම් හා ගොවිබිම් අයිතිය ලැබෙනවා. මේ වෙනුවෙන්, රුපියල් බිලියන 2ක් වෙන් කරනවා.
නාගරික නිවාස හිමිකම
විවිධ නාගරික වැඩසටහන් යටතේ ඉදිකරන ලද නිවාස අඩු ආදායම්ලාභී පවුල්වලට කුලී පදනම මත ලබා දී තිබෙනවා. රුපියල් 3,000ක පමණ මාසික කුලියක් ඒ පවුල් වෙතින් ලබා ගන්නවා. මේ පවුල්වලින් කුලී අය කර ගැනීම මම සම්පූර්ණයෙන්ම නවත්වනවා. ඒ විතරක් නෙවෙයි, මේ නිවාසවල පූර්ණ අයිතිය ඒ පවුල්වලට ලබාදීමට ක්‍රියා කරනවා. 2024 වර්ෂයේ දී පවුල් 50,000කට ආසන්න සංඛ්‍යාවකට මෙම නිවාසවල අයිතිය ලබා දෙනවා.
ඉඩම් සහ නිවාස අයිතිය ජනතාවට ලබාදීමේ වැඩපිළිවෙළ පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කොට අවසන් වන විට මේ රටේ ජනතාවගෙන් සියයට 70ක් පමණ දෙනා ඉඩම් හා නිවාසවල උරුමකරුවන් බවට පත්වෙනවා.
වතුකරයේ නිවාස
වතුකරයේ ජීවත් වන්නේ ඉඩම් හිමි ජනතාවක් නෙවෙයි. ඒ නිසා ඔවුන්ට නිවාස තනා දීම සඳහා ඉඩම් අයිතිය හිමි කර දීමට අප පියවර ගන්නවා. මෙහි ආරම්භක පියවර වශයෙන් රුපියල් බිලියන 4ක් වෙන් කිරීමට බලාපොරොත්තු වෙනවා.
බිම්සවිය
1998 වර්ෂයේ ආරම්භ කරන ලද බිම්සවිය වැඩසටහන යටතේ මිලියන 12ක් පමණ වූ ඉඩම් කට්ටි අතරින් මේ වන විට ඉඩම් කට්ටි මිලියනයක් පමණ ආවරණය කර තියෙනවා. මෙම වැඩසටහන කඩිනමින් නිම කිරීම පිණිස අවශ්‍ය පහසුකම් සලසා දීම පිණිස රුපියල් මිලියන 600ක ප්‍රතිපාදන වෙන් කරනවා.
විමධ්‍යගත අය වැය
රටේ පැවති දුෂ්කර තත්ත්වය හා විමධ්‍යගත අය වැය වැඩසටහන සඳහා අතීතයේ දී ප්‍රමාණාත්මක අරමුදල් නොමැති වීම හේතුවෙන්, ප්‍රාදේශීය සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නොහැකි වුණා. මෙම වැඩසටහන තාවකාලිකව අත්හිටුවීම නිසා ග්‍රාමීය වශයෙන් සංවර්ධන කටයුතුවලට දායක වීමට මහජන නියෝජිතයන්ට හැකි වූයේ නෑ. අප යළිත් විමධ්‍යගත අය වැය වැඩපිළිවෙළ ආරම්භ කරනවා. මේ සඳහා රුපියල් මිලියන 11,250ක මුදලක් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු හරහා ලබා දෙනවා.
…………………………………………………………………………………….
යුගයට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දෙන්න ආණ්ඩුව පියවර ගන්නවා
රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල නියාමනය සඳහා බලවත් නීති රීති මාලාවක් සම්මත කර ගැනීමෙන් පසු අප ලෝකයේ ඕනෑම පිළිගත් විශ්වවිද්‍යාලයකට හෝ උසස් අධ්‍යාපන ආයතනයකට ලංකාවේ විශ්වවිද්‍යාල පිහිටුවීමට අවසර දෙනවා.
තාක්ෂණික වෘත්තීය කුසලතා වැඩි දියුණු කිරීම සඳහා අරමුදලක් පිහිටුවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරනවා. ඒ සඳහා දැනටමත් ආසියානු සංවර්ධන බැංකුව සමඟ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. මෙම ආයතන සඳහා දැනට වෙන් කර ඇති ප්‍රතිපාදනවලට අමතරව ඉදිරි වර්ෂයේදී රුපියල් මිලියන 450ක් වෙන් කරනවා.
පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන විශ්වවිද්‍යාල බවට පත් කිරීමට වන නීති රීති සම්මත කෙරේ
රාජ්‍ය විශ්වවිද්‍යාල නව යුගයට ගැළපෙන පරිදි වැඩිදියුණු කිරීමට රු. මිලියන 500ක ප්‍රතිපාදන
රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන දරුවන්ට සහනදායී ශිෂ්‍ය ණය ක්‍රමයක්
තොරතුරු තාක්ෂණයට සම්බන්ධ පෞද්ගලික ආයතන සමඟ අපේක්ෂිත උපාධිධාරීන්ට පුහුණු වැඩසටහනක්
ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ක්‍රමවත් හා විධිමත් පිළිවෙතක් ඔස්සේ මෙය ක්‍රියාවට නංවනවා.
කඳුකර දශකය
විවිධ හේතු නිසා සම්පත් බෙදී යාමේ විෂමතාවයන් හේතුවෙන් කඳුකර ප්‍රදේශවල පොදු යටිතල පහසුකම් හා සේවාවන්හි වර්ධනය සාපේක්ෂව අඩුයි. මෙම විෂමතාවයන් පුද්ගලයන්ගේ ජීවන තත්ත්වය සම්බන්ධයෙන් ද දක්නට ලැබෙනවා. කඳුකර ප්‍රදේශවල ග්‍රාමීය සංවර්ධනයට ප්‍රමුඛතාවය දීමේ වැදගත්කම රජය විසින් හඳුනාගෙන තිබෙනවා. සබරගමුව හා මධ්‍යම පළාත්වල මෙන්ම බදුල්ල, ගාල්ල, මාතර, කළුතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල කඳුකර ප්‍රදේශවලට අයත් සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 89 ඇතුළත් දස වසරක බහුකාර්ය ග්‍රාමීය හා ප්‍රජා සංවර්ධන වැඩසටහනක් 2024 වසරේ ආරම්භ කරනවා. මේ සඳහා 2024 වසරට රුපියල් බිලියන 10ක් වෙන් කරනවා.
සංවර්ධන ව්‍යාපෘති
යෝජනා අනුමත කිරීම
අප සංවර්ධන ව්‍යාපෘති අනුමත කරලීම සඳහා නව යන්ත්‍රණයක් හඳුන්වා දී තිබෙනවා. නව ව්‍යාපෘති සමාලෝචනය සඳහා රාජ්‍ය කමිටුවක් ස්ථාපනය කර තිබෙනවා. එම කමිටුවේ නිර්දේශ අනුව මුදල් ඇමැතිවරයා ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබා දෙනවා. මේ ක්‍රමවේදයෙන් බැහැරව සිදු කරන ව්‍යාපෘති සඳහා රාජ්‍ය මුදල් වෙන් කරන්නේ නෑ.
ආර්ථික වර්ධනය කෙරෙහි ඉහළ දායකත්වයක් ලබාදීමට හැකිවන අයුරින් රජයේ ප්‍රාග්ධන වියදම් යෙදවීමට මෙමඟින් හැකිවෙනවා. රාජ්‍ය මූල්‍ය සහ ණය තිරසරභාවය සඳහා මෙය ඉතා වැදගත්. මේ අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා 2024 අය වැයෙන් ප්‍රාග්ධන වියදම් සඳහා වන ප්‍රතිපාදන රුපියල් බිලියන 1,260ක් දක්වා ඉහළ නංවනවා. එනම් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4ක්.
ආර්ථික අර්බුදය නිසා ව්‍යාපෘති ගණනාවක් වැඩ කටයුතු තාවකාලිකව නවතා දමා තියෙනවා. මෙම ව්‍යාපෘති යළි ආරම්භ කර නිම කිරීමට සහ මා විසින් අය වැය කතාවේ දී ඉදිරිපත් කළ ප්‍රාග්ධන වියදම් සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීමට තවත් රුපියල් බිලියන 55ක අතිරේක ප්‍රතිපාදන යොදවනවා.
මේ මුදල අප ලබා ගන්නේ ජාතික අය වැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂය වෙතින් රුපියල් බිලියන 55ක් ප්‍රාග්ධන වියදම් ශීර්ෂය වෙත මාරුකිරීම මඟින්. එවිට ඉදිරි වසරේ සංවර්ධන කාර්යයන් වෙනුවෙන් අප යොදවන ප්රාග්ධනය රුපියල් බිලියන 1,260ක්.
ඒ වගේම විදේශ ණය සහ ආධාර මත සිදු කෙරුණු ව්‍යාපෘති ගණනාවක්ද අතරමඟ නැවතී තියෙනවා. විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යයන් සාර්ථක වූ පසු ඒ ව්‍යාපෘති නැවත ඇරඹීමේ අවස්ථාව අපට හිමි වෙනවා.
සංවර්ධන ව්‍යාපෘතිවලින් අපේක්ෂිත අරමුණු නිසි කලට ඉටුකිරීමට ව්‍යාපෘති කළමනාකාරණ කමිටු අපොහොසත් වී ඇති බව පෙනී යනවා. එබැවින්, සෑම අමාත්‍යාංශයකම 2024 වසරේ සිට ඒ සඳහා විශේෂ ඒකකයක් පිහිටුවීමටත්, ව්‍යාපෘතිවලට අදාළ කාර්යයන් ස්ථිර කාර්ය මණ්ඩලයේ රාජකාරි ලැයිස්තුව තුළට අන්තර්ගත කිරීමටත්, රාජ්‍ය සේවය තුළින් අදාළ අත්‍යාවශ්‍ය විශේෂඥ පිරිස් සපයාගත නොහැකි අවස්ථාවන්වල පමණක් අවශ්‍ය මානව සම්පත් කොන්ත්‍රාත් හෝ පැවරුම් පදනමින් ප්‍රසම්පාදන කිරීමටත් මා යෝජනා කරනවා.
ග්‍රාමීය මාර්ග
පසුගිය වසර කිහිපයේ සිටම ග්‍රාමීය මාර්ග නිසි ලෙස නඩත්තු කිරීමේ සහ කළමනාකරණය කිරීමේ අසීරුතාවන් ඇති වුණා. අබලන් වූ ග්‍රාමීය මාර්ග ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් බිලියන 10 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.
ස්වාභාවික විපත්
පසුගිය මාස කිහිපය තුළ අපට අයහපත් කාලගුණික තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වුණා. ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මෙරට මාර්ග පද්ධතියටත් පාලම් ගණනාවකටත් හානි සිදු වුණා. මේ ස්වභාවික විපත් හේතුවෙන් හානියට පත් මාර්ග සහ පාලම් ප්‍රතිසංස්කරණය කිරීමට රුපියල් මිලියන 2,000 ක් වෙන් කරනවා.
පානීය ජලය
රටේ හැම පළාතකම පානීය ජලය පිළිබඳ ගැටලු තියෙනවා. විමධ්‍යගත අරමුදල් යෙදවීමේ දී හා විදේශ ණය ආධාර ලබා ගැනීමේ දී අප පානීය ජල ව්‍යාපෘතීන් සඳහා ප්‍රමුඛත්වය ලබා දෙනවා.
අධ්‍යාපනය
රටක අනාගතය සශ්‍රීක කර ගන්න පුළුවන් වෙන්නේ යුගයට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වාදීමෙන්. අපේ රටේ පැවතෙන්නේ යල් පැන ගිය අධ්‍යාපන ක්‍රමයක්. කටපාඩම් කරන්නන් බිහිකරන අධ්‍යාපන ක්‍රමයක්. මේ ක්‍රමය යටතේ නිර්මාණශීලීන් බිහිවෙන්නේ නෑ. ඒ වගේම නිදහස් අධ්‍යාපනයේ ප්රතිලාභ පූර්ණ වශයෙන් ජනතාවට ලැබෙන්නෙත් නැහැ.
ඒ නිසා අපි පූර්ණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මාලාවක් ක්‍රියාත්මක කරනවා. මේ නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සකස් කිරීම සඳහා අපි විද්වතුන් 25 දෙනෙකුගේ කණ්ඩායමක් පත් කළා. එම යෝජනා මගේ ප්‍රධානත්වයෙන් යුතු අමාත්‍ය මණ්ඩල කමිටුවක මඟ පෙන්වීම මඟින් වඩාත් ඔපවත් කළා. මෙම ප්‍රතිපත්ති රාමුව දැන් අමාත්‍ය මණ්ඩලය විසින් සම්මත කර තිබෙනවා.
ඒ ප්‍රතිසංස්කරණ ඔස්සේ පිහිටුවන ප්‍රධාන ආයතන කිහිපයක් පිළිබඳව මම මේ සභාවට දැනුම් දෙන්නට කැමතියි. අධ්‍යාපනය පිළිබඳ ජාතික උසස් කවුන්සිලය, ජාතික උසස් අධ්‍යාපන කොමිසම, ජාතික නිපුණතා කොමිසම. මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සවිස්තර තොරතුරු අධ්‍යාපන ඇමතිතුමා විසින් ඉදිරි සති දෙක තුළ මේ සභාවට ගෙනහැර දක්වාවි.
මෑතකදී අජානා රණගල මුහුණුපොතේ ලියාතිබූ මේ සටහන මගේ අවධානයට ලක් වුණා.
“දේශීය විශ්වවිද්‍යාලයකට යෑමේ අභිප්‍රායෙන් දේශීය විෂය ධාරාවෙන් උසස් පෙළ කිරීමට තෝරා ගැනීම වෙනුවෙන් මගේ දරුවා දින, සති, මාස මතු නොව අවුරුදුවලින් වන්දි ගෙවමින් සිටියි. ජාත්‍යන්තර විෂය ධාරාව හැදෑරූ ඔහුගේ මිතුරෝ උසස් අධ්‍යාපනය සඳහා විදෙස්ගත වෙති”
මේ තමයි සැබෑ තත්ත්වය. ඒ නිසා අපි උසස් පෙළ සමත් වෙන හැම දරුවෙකුටම විශ්වවිද්‍යාල අධ්‍යාපනය නොපමාව ලබා ගැනීමේ අවස්ථාව උදා කරනවා.
විශ්වවිද්‍යාල විද්‍යා හා තාක්ෂණ
අධ්‍යාපනය පුළුල් කිරීම
වර්තමානයේ තාක්ෂණික ක්ෂේත්‍ර වෙනුවෙන් ඇති ප්රවණතාවන්ද සැලකිල්ලට ගනිමින් අප නව විශ්වවිද්‍යාල හතරක් පිහිටුවීමට පියවර ගන්නවා.
(අ). සීතාවක විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලය (මෙයට ලලිත් ඇතුළත්මුදලි පශ්චාත් උපාධි ආයතනය ඇතුළත් කරනවා.)
(ආ). කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය යටතේ කුරුණෑගල තාක්ෂණ විශ්වවිද්‍යාලය
(ඇ). කළමනාකරණ හා තාක්ෂණ විශ්වවිද්‍යාලය
(ඈ). ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලය
එමෙන්ම, පහත සඳහන් දැනට ක්‍රියාත්මක වෙමින් පවතින පුද්ගලික උසස් අධ්‍යාපන ආයතන විශ්වවිද්‍යාල බවට පත් කිරීමේ නීති රීති සම්මත කළ යුතු යැයි මම යෝජනා කරනවා.
(අ). එන් එස් බී එම්
(ආ). ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIT)
(ඇ). හොරයිසන් කැම්පස්
(ඈ). රෝයල් ඉන්ස්ටිටියුට්
13 වන සංශෝධනය යටතේ පළාත් සභාවලටත් විශ්වවිද්‍යාල ආරම්භ කිරීමේ බලය ලබා දී තිබෙනවා. ඉදිරියේදී පළාත් සභා මඟින් ද විශ්වවිද්‍යාල ආරම්භ කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.
ජාතික අධ්‍යාපන විශ්වවිද්‍යාලය
අධ්‍යාපන විද්‍යා පීඨ 19ක් ඒකාබද්ධ කර අධ්‍යාපනය සඳහා කැපවුණු අධ්‍යාපන විශ්වවිද්‍යාලයක් ස්ථාපනය කිරීමට මම යෝජනා කරනවා. දැනට ක්‍රියාත්මක විද්‍යා පීඨයක අවුරුදු 4ක පාඨමාලාව නිම කළ පසු අදාළ ප්‍රමිතීන්ට අනුගත වෙමින් අධ්‍යාපනවේදී උපාධිය මෙම නව විශ්වවිද්‍යාලය මඟින් පිරිනැමෙනවා. පියවරෙන් පියවර මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර, 2024 සඳහා මේ වෙනුවෙන් රුපියල් බිලියනයක් වෙන් කරනවා.
නව තාක්ෂණික විශ්වවිද්‍යාලය
ඉන්දියාවේ චෙන්නෙයි නගරයේ පිහිටි අයි අයි ටී විශ්වවිද්‍යාලයේ මඟපෙන්වීම යටතේ මහනුවර නගරයේ නව තාක්ෂණ විශ්වවිද්‍යාලයක් ආරම්භ කරනවා. මේ සඳහා ඉන්දියාව අපට පූර්ණ සහය ලබා දෙනවා.
රාජ්‍ය විශ්වවිද්‍යාල
රාජ්‍ය විශ්වවිද්‍යාල නව යුගයට ගැළපෙන පරිදි වැඩිදියුණු කරලීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. මෙය ආරම්භ කරන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන්.
2042 වර්ෂයේ යෙදෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශත සංවත්සරය ඉලක්ක කර ගනිමින් සිදු කරන මේ වැඩපිළිවෙළේ ආරම්භක සංවර්ධන කටයුතු වෙනුවෙන් ලබන වර්ෂය සඳහා රුපියල් මිලියන 500 ක් වෙන් කරනවා.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා සහ ප්‍රතිශක්ති විද්‍යා අංශය, ජාතික අසාත්මිකතා සහ ප්‍රතිශක්ති විද්‍යා ආයතනය ලෙස උසස් කරනවා. ඒ සඳහා අවශ්‍ය වන විද්‍යාගාර හා අනෙකුත් පහසුකම් දියුණු කිරීමේ වැඩ සැලසුමට ඉදිරි වර්ෂය වෙනුවෙන් රුපියල් මිලියන 40 ක් වෙන් කරනවා.
ඉන් පසුව අපේ අවධානය යොමු වෙන්නේ කොළඹ, කැලණිය සහ මොරටුව විශ්වවිද්‍යාල වෙතට. ඒ සඳහා විධිමත් සැලසුම් සකස් කොට ඉදිරිපත් කරන ලෙස මම ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා.
රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල
රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල නියාමනය සඳහා බලවත් නීති රීති මාලාවක් සම්මත කර ගැනීමෙන් පසු අප ලෝකයේ ඕනෑම පිළිගත් විශ්වවිද්‍යාලයකට හෝ උසස් අධ්‍යාපන ආයතනයකට ලංකාවේ විශ්වවිද්‍යාල පිහිටුවීමට අවසර දෙනවා. උසස් පෙළ සමත් වෙන හැම දරුවෙකුටම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා ගැනීමට වගේම විදේශීය දරුවන් මඟින් විදේශ විනිමය උපයා ගැනීමටත් මෙමඟින් අවකාශ උදා වෙනවා.
මෙම රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලයන්හි අධ්‍යාපනය ලබන දරුවන්ට ණය පහසුකම් ලබා දෙනවා. දැනට ක්‍රියාත්මක පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයට අමතරව වාණිජ බැංකු හරහා සහනදායී ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට මා යෝජනා කරනවා. රැකියාවක් ලබා ගැනීමෙන් පසු ඒ ණය ආපසු ගෙවන්නට අවකාශ සලසනවා.
ජාතික උසස් අධ්‍යාපන කොමිසම
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සහ තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව ඒකාබද්ධ කොට ජාතික උසස් අධ්‍යාපන කොමිසමක් ස්ථාපිත කරනවා. උසස් අධ්‍යාපනය පුළුල් හා ශක්තිමත් කිරීමට අවශ්‍ය තීන්දු තීරණ ගැනීම මෙන්ම නියාමන බලතල ද එම කොමිසමට ලබා දෙනවා.
ජාතික නිපුණතා කොමිසම
වත්මන් අභියෝගයන්ට අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි ජාතික නිපුණතා කොමිෂන් සභාවක් පිහිටුවනවා. ඒ යටතේ, වෘත්තීය පුහුණු අධිකාරිය, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම් අධිකාරිය ආදී ආයතන ඒකාබද්ධ කරනවා.
පළාත් සභා සඳහා වෘත්තීය අධ්‍යාපනය
දැනට මධ්‍යම රජය යටතේ ක්‍රියාත්මක වන වෘත්තීය අධ්‍යාපන ආයතන පළාත් සභා නවය වෙත පැවරීමට මා යෝජනා කරනවා. නිපුණතා සංවර්ධන ක්ෂේත්රය දියුණු කිරීම හා නවීකරණය කිරීම සඳහා පළාත් අධ්‍යාපන මණ්ඩල පිහිටුවනවා. ඉදිරියේදී වෘත්තීය අධ්‍යාපන කටයුතු නියාමනය කිරීම සඳහා මධ්‍යම රජයෙන් අවශ්‍ය මඟපෙන්වීම පමණක් සපයන අතර, අධ්‍යාපන හා පුහුණු කාර්යයන් සහ සේවා සියල්ල ක්‍රියාත්මක කරන්නේ පළාත් සභා මඟින්.
තාක්ෂණික වෘත්තීය කුසලතා වැඩි දියුණු කිරීම සඳහා අරමුදලක් පිහිටුවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරනවා. ඒ සඳහා දැනටමත් ආසියානු සංවර්ධන බැංකුව සමඟ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. මෙම ආයතන සඳහා දැනට වෙන් කර ඇති ප්‍රතිපාදනවලට අමතරව ඉදිරි වර්ෂයේදී රුපියල් මිලියන 450 ක් වෙන් කරනවා.
තොරතුරු තාක්ෂණ පුහුණුව
තොරතුරු තාක්ෂණයට සම්බන්ධ පුද්ගලික ආයතන සමඟ එක්වී රැකියා අපේක්ෂිත උපාධිධාරීන් පුහුණු වැඩසටහනක් දියත් කරනවා. මේ උපාධිධාරීන්ට අවම මාස 6 ක කාලයක් තුළ පුහුණුව සහ සේවා පළපුරුද්ද ලබා දෙනවා. ඒ සඳහා රුපියල් මිලියන 750 ක් වෙන් කරනවා.
ඉදිකිරීම්, සාත්තු සේවා, සංචාරක වැනි අනෙකුත් නිපුණතා හිඟයන් පවතින ක්ෂේත්‍ර සඳහාත් මෙවැනි පුහුණු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා.
තරුණ සහ වැඩිහිටි අධ්‍යාපනය
විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සුදුසුකම් නොලබන තරුණ ප්‍රජාවට දේශීය හා විදේශීය රැකියා ලබා ගැනීමට අවකාශ සැලසිය යුතුයි. ඒ වගේම රාජ්‍ය සේවයේ සහ පුද්ගලික අංශයන්හි රැකියා කරන වැඩිහිටියන්ට නව දැනුම ලබා ගැනීමට අවශ්‍ය පසුබිම ද සකස් කළ යුතුයි. මේ අරමුණු ඉලක්ක කර ගත් පුහුණු පාඨමාලා සහ සේවාවන් සැපයීමට අවශ්‍ය තාක්ෂණික හා භෞතික නවීකරණ කටයුතු උදෙසා ශ්‍රී ලංකා පදනමට රුපියල් මිලියන 150 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.
සැමට ඉංග්‍රීසි
ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි සාක්ෂරතාවය පුළුල් කිරීම පිණිස ජාතික වැඩපිළිවෙළක් සකස් කිරීම අවශ්‍යයි. 2034 වන විට දී ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාව සැමට ලබා දීම මෙහි අරමුණයි. දස වසරක් පුරා ක්‍රියාත්මක වන මෙම වැඩසටහන ඇරඹීමට රුපියල් මිලියන 500ක් වෙන් කරනවා.
සුරක්ෂා
2016 වසරේදී හඳුන්වා දෙන ලද දැනට ක්‍රියාත්මක නොවන සුරක්ෂා සිසු රක්ෂණ යෝජනා ක්‍රමය නැවත හඳුන්වා දීමට යෝජනා කරනවා. ඒ අනුව, සියලු පාසල් සිසුන් හට මෙම රක්ෂණ අවාරණය ලබා ගැනීමට හිමිකම ලැබෙනවා.
සෞඛ්‍ය සේවා
සෞඛ්‍ය සේවාවන්හි ගුණාත්මකභාවය රැක ගැනීම උදෙසා අප කැපවෙනවා. අඩුපාඩු, දුර්වලතා සහ අර්බුද හඳුනාගෙන ක්ෂේත්රයේ උන්නතිය සඳහා පියවර ගැනීමට අප ක්‍රියා කරනවා.
ඖෂධ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ
ඖෂධ ප්‍රසම්පාදනය කිරීම සම්බන්ධයෙන් සුවිශේෂී මාර්ගෝපදේශ නිකුත් කිරීම සහ ඒ සඳහා වෙනමම ආයතනයක් පිහිටුවීම කෙරෙහි අපේ අවධානය යොමු වී තියෙනවා. මේ පියවර අප ගන්නේ රජයේ ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් විස්තරාත්මක අධ්‍යයනයක් සිදු කිරීමෙන් පසුවයි.
වෛද්‍ය හා සෞඛ්‍ය පර්යේෂණ
ශ්‍රී ලංකාවේ වෛද්‍ය පර්යේෂණ ලෝකයේ සෙසු රටවල්වල මට්ටමට ගෙන ඒම සඳහා වෛද්‍ය හා සෞඛ්‍ය පර්යේෂණ සඳහා ආයෝජන වැඩි කිරීමට මා බලාපොරොත්තු වනවා. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ යටිතල පහසුකම් හා රසායනාගාර පහසුකම් ශක්තිමත් කිරීමේ මුල් අදියර සඳහා රුපියල් මිලියන 75 ක් වෙන් කරනවා.
ජාතික ඖෂධ තත්ත්ව පරීක්ෂණ රසායනාගාරයේ පහසුකම් වැඩි දියුණු කිරීමට තුන් වසරක සැලැස්මක් යටතේ ලබන වසරට රුපියල් මිලියන 25 ක් වෙන් කරනවා.
බදුල්ලට හෘද පෙණහලු පුනර්ජීවන ඒකකයක්.
ඌව පළාතේ කිසිදු රෝහලක හෘද පෙණහලු පුනර්ජීවන පහසුකම් නැහැ. අප මේ අඩුපාඩුව සම්පූර්ණ කරනවා. බදුල්ල ශීක්ෂණ රෝහලේ පුනර්ජීවන ඒකකයක් ස්ථාපිත කිරීම සඳහාත්, ඊට අවශ්‍ය උපකරණ මිල දී ගැනීම සඳහාත් රුපියල් මිලියන 300 ක මුදලක් වෙන් කරනවා.
වෛද්‍ය නිලධාරීන් සඳහා උසස්වීම්
විශේෂඥ වෛද්‍යවරුන් සහ ශ්‍රේණිගත වෛද්‍යවරුන් දෙපාර්ශ්වයටම ගැළපෙන පරිදි උසස් වීම් ක්‍රමවේදයක් සඳහා අවශ්‍ය සංශෝධන සිදු කිරීම කඩිනම් කරනවා.
පශ්චාත් උපාධි අවස්ථා
වෛද්‍යවරුන්ගේ වෘත්තීයභාවය වැඩි දියුණු කිරීමේ අරමුණින් 2023 අය වැය මඟින් වෛද්‍යවරුන් සඳහා පශ්චාත් උපාධි අවස්ථා පුළුල් කිරීමේ යෝජනා අප ඉදිරිපත් කළා. දැනට එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන විශ්වවිද්‍යාලයන්ට අමතරව ලබන වසරේ සිට කැළණිය, ශ්‍රී ජයවර්ධනපුර සහ රජරට විශ්වවිද්‍යාල ද එම වැඩපිළිවෙළට ඇතුළත් කරනවා.
පාරම්පරික වෙදකම
අප දේශීය වෛද්‍ය වේදය ශක්තිමත් කරන්නත්, ප්‍රචලිත කරන්නත් ක්‍රියා මාර්ග ගන්නවා.
ශ්‍රී ලාංකේය සුවතාව
පාරම්පරික වෙද වට්ටෝරුවලින් තැනූ දේශීය ඖෂධ, ආහාර අතිරේක, ඖෂධීය විලවුන් හා ශාකසාර අමුද්‍රව්‍යවලට ජාත්‍යන්තර ඉල්ලුමක් තියෙනවා. මේ අවස්ථාව හරියාකාරව පාවිච්චි කළොත් තව තවත් ජාත්‍යන්තර වෙෙළඳ පොළ පුළුල් කර ගැනීමට අපට හැකියාව ලැබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ දේශීය වෛද්‍ය අංශයේ සහ ආයුර්වේද ඖෂධ සංස්ථාවේ අධීක්ෂණය යටතේ එවැනි ආයෝජනයන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට අප ක්‍රියා කරනවා.
සංචාරකයන් වෙත දේශීය හා ආයුර්වේද සත්කාර ලබාදීම සඳහා, “ශ්‍රී ලාංකේය සුවතාව” යන සංකල්පය අනුව සංචාරක හෝටල්, නිවාඩු නිකේතන තුළ සත්කාර මධ්‍යස්ථාන පිහිටුවීමට සැලසුමක් දියත් කරනවා. මේ සඳහා රුපියල් මිලියන 100 ක් වෙන් කරනවා.
කෘෂි හා ධීවර කර්මාන්ත නවීකරණය
නව ආර්ථිකය යටතේ කෘෂිකර්මය තරගකාරී මට්ටමකට ඔසවා තැබිය යුතුයි. අගය වැඩි කෘෂි නිෂ්පාදන බිහිකළ යුතුයි.
………………………………………………………………………………
කොළඹ වතු ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීමට පියවර ගන්නවා
ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ අය වැයකරණය හඳුන්වාදීමට හා ඒ හා සම්බන්ධ නීති සම්පාදනය කිරීමට මා යෝජනා කරනවා.
කාන්තාවන් සවිබලගැන්වීම සඳහා වන නීති හඳුන්වා දීමට ද අප කටයුතු කරනවා.
යාපනය ‐ මන්නාරම ප්‍රධාන මාර්ගයේ සංගුපිඩ්ඩි පාලම අසල පිහිටා ඇති පුනරින් නගරය, සංචාරක කර්මාන්තයට ඉතා වැදගත් නගරයක්. පුනරින් නගර සංවර්ධනය සඳහා රු. මිලියන 500ක් අප ලබා දෙනවා.
ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි සාක්ෂරතාව පුළුල් කිරීමට ජාතික වැඩපිළිවෙළක්
විශේෂඥ වෛද්‍යවරුන් සහ ශ්‍රේණිගත වෛද්‍යවරුන් යන දෙපාර්ශ්වයටම ගැළපෙන පරිදි උසස්වීම් ක්‍රමවේදයක්
2024 මහ කන්නයේ සිට රජය පෞද්ගලික අංශය, ගොවීන්, කෘෂි විද්‍යාඥයන්ගෙන් සමන්විත ඒකාබද්ධ වැඩසටහනක්
උතුරු මුහුදේ ධීවර කටයුතු වැඩිදියුණු කිරීමට රු. මිලියන 500ක්
අපනයන ඉලක්ක කර ගනිමින් කෘෂිකර්මය නවීකරණය කළ යුතුයි. කෘෂිකාර්මික නවීකරණ ව්‍යාපෘති, කුඩා වතු හිමි කෘෂි ව්‍යාපාර හවුල්කාරීත්ව මූලාරම්භයන් සහ භෝග විවිධාංගීකරණය සඳහා මේ අය වැය මඟින් මුදල් වෙන් කරනවා.
එසේම ධීවර කර්මාන්තය නඟාසිටුවීම සඳහාත් පෝෂණය කිරීම සඳහාත්, නවීන තාක්ෂණ දැනුම ධීවර කර්මාන්තය සඳහා යොදා ගැනීම ගැනත් අප විශේෂ වැඩ සැලසුම් දියත් කරනවා.
කෘෂි හා ධීවර නවීකරණ මණ්ඩල
කෘෂි හා ධීවර අංශ දියුණු කිරීමට සහාය වීම සඳහා පළාත් කෘෂි සහ ධීවර නවීකරණ මණ්ඩල පිහිටුවනු ලබනවා. සියලු ගොවිජන සේවා මධ්‍යස්ථාන, කෘෂිකර්ම නවීකරණ කේන්ද්‍රස්ථාන ලෙස වැඩි දියුණු කරනවා. මේ සඳහා රජය, පෞද්ගලික අංශය, ගොවීන්, කෘෂි විද්‍යාඥයින්ගෙන් සමන්විත ඒකාබද්ධ වැඩසටහනක් 2023/24 මහ කන්නයේ සිට ක්‍රියාත්මක කරනවා. මේ කාර්යයන් සඳහා රුපියල් මිලියන 2,500 වෙන් කිරීමට මා යෝජනා කරනවා.
මෙහි අරමුණ වී නිෂ්පාදනය හෙක්ටාරයකට මෙට්‍රික්ටොන් 3.5 සිට 8 දක්වා ඉහළ නැංවීමයි. මෙමඟින් වියලි කළාපයේ වී අස්වැන්න ඉහළ ඵලදායී තත්ත්වයකට පත් කර ගනිද්දී වගා නොකරන කුඹුරු වෙනත් ප්‍රයෝජනවත් වගා කටයුතු සඳහා උපයෝගී කර ගැනීමේ අවස්ථාව අපට උදා වෙනවා.
තෙත් කලාපීය ප්‍රදේශයන්හි මඩ ඉඩම්වල වී වගාවේ ඵලදායීතාවය ඉතා අඩු මට්ටමක පවතිනවා. එම ඉඩම්වල වී වගාවෙන් බැහැරව වෙනත් භෝගයක් වගා කිරීමට ද නීතිමය ඉඩකඩක් නැහැ. කිසිදු වගාවක් නොකර මුඩුබිම් ලෙස පැවතෙන එවැනි ඉඩම්වල වෙනත් වගාවක් සිදු කිරීම පිණිස පවතින නීතිමය බාධාවන් ඉවත් කළ යුතු යැයි මා යෝජනා කරනවා.
ඊට අමතරව මහා පරිමාණයේ කෘෂිකාර්මික කටයුතු සඳහා රාජ්‍ය වැවිලි සංස්ථාව, මහවැලි ඒ සහ බී කලාප, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ආදී රාජ්‍ය ආයතන සතු ඉඩම්වලින් අක්කර ලක්ෂ 3 ක් වෙන් කරනවා.
ධීවර අංශය
ධීවර අංශයේ ඵලදායිතාව ඉහළ නැංවීම, ධීවර ජීවනෝපාය සහ ආදායම් වැඩිදියුණු කිරීමේ වඩාත්ම තිරසර මාර්ගයයි. මේ සඳහා රජය ධීවර වරායන් කළමනාකරණයේ දී පෞද්ගලික අංශය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම ආරම්භ කරනවා. නාස්තිය අවම කිරීම සහ ඵලදායිතාව ප්රශස්ත කිරීම සඳහා අවශ්‍ය වන ගබඩා ඇතුළු යටිතල පහසුකම් මේ ඔස්සේ සංවර්ධනය කර ගැනීමට පුළුවන්.
රටේ සමස්ත මත්ස්‍ය අස්වැන්නෙන් සියයට 35ක් පමණ ලැබෙන්නේ උතුරු මුහුදු ප්‍රදේශයෙන්. ඒ කාර්යයන් අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමට රුපියල් මිලියන 500ක් වෙන්කරනවා.
ශ්‍රී ලංකාවේ සමස්ත මත්ස්‍ය අස්වැන්නෙන් සියයට 29ක් ලැබෙන්නේ මිරිදිය ධීවර හා ජලජීවී වගා අංශය මඟින්. ශ්‍රී ලංකාවේ ස්ථිර හා තාවකාලික ජලාශ 12,000ක් පමණ තියෙනවා. මුළු ජලාශ ප්‍රමාණය හෙක්ටයාර් 260,000ක් පමණ වෙනවා. මිරිදිය ධීවර කර්මාන්තය සංවර්ධනය කිරීම උදෙසා රුපියල් මිලියන 200ක් වෙන් කර තිබෙනවා. මෙම වැඩසටහනේ තිරසර බව ඉදිරියේ දී පවත්වාගෙන යාම සඳහා ප්‍රජා සහභාගීත්වය තුළින් චක්‍රිය අරමුදලක් පිහිටුවීම මඟින් ධීවර ප්‍රජාව දිරිමත් කිරීමේ වැඩපිළිවෙළක් සකස් කිරීමට තවදුරටත් යෝජනා කරනවා.
වැව් ප්‍රතිසංස්කරණය කිරීම
කුඩා වැව් රටේ වාරිමාර්ග හා කෘෂිකර්මාන්තයේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා. දේශගුණික විපර්යාසවල බලපෑම් සමඟ මෙය වඩාත් වැදගත් වෙනවා. කුඩා වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ වගකීම් ඒ ඒ ප්‍රදේශයන්හි ගොවි කමිටු වෙත පැවරීය යුතු යැයි මා යෝජනා කරනවා. ඊට අවශ්‍ය බලය සහ සහය අප ගොවි කමිටු වෙත ලබා දෙනවා. එවිට පුද්ගලික අංශය සමඟ එක්ව කුඩා වැව් ප්‍රතිසංස්කරණය කිරීමට ඔවුන්ට පුළුවන්. මේ ක්‍රියාමාර්ග ඔස්සේ ගොවි නිෂ්පාදන ඉහළ නැංවීම අපේ අරමුණයි.
කිරි නිෂ්පාදන
කිරි ගොවීන් බහුතරයක් වර්තමානයේ එම කර්මාන්තයේ නිරත වෙන්නේ ජීවනෝපායක් හැටියටයි. නමුත් අප එය ලාභ ලබන කර්මාන්තයක තත්වයට ඉහළ නංවා කිරි ගොවීන්ට ඉහළ ආදායමක් ලබා ගැනීමට අවශ්‍ය පසුබිම සැකසිය යුතුයි. මේ සඳහා ප්‍රාග්ධන ආයෝජන වැඩි කිරීම සහ මධ්‍ය පරිමාණ ලාභදායී කිරි නිෂ්පාදන ඒකක පිහිටුවීම වැදගත් වනවා. ඒ නිසා කිරි නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධව සිටින්නන්ගේ මූල්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා ප්රතිමූල්ය ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට මා යෝජනා කරනවා.
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් ගොවිපළ සියල්ලම ඵලදායී ලෙස යොදා ගනිමින් පෞද්ගලික අංශයේ ද දායකත්වය සහිතව කිරි නිෂ්පාදනය වසර 5 ක් තුළ සියයට 53කින් ඉහළ නැංවීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. මේ ව්‍යාපෘතිය අවසන් වෙද්දී දෛනික කිරි නිෂ්පාදනය දිනකට ලීටර් මිලියන 20 දක්වා ඉහළ නැංවෙනවා. එය පස් ගුණයක වැඩි වීමක්.
මෙම වැඩසටහන යටතේ අඹේවෙල ගොවිපළ ඉතා සාර්ථක ප්‍රතිඵල අත් කර ගෙන තිබෙනවා.
අඹේවෙල ගොවිපළේ දිනකට ලීටර් 1,600ක්ව තිබූ දෛනික කිරි නිෂ්පාදනය දැන් කිරි ලීටර් 50,000ක් දක්වා ඉහළ ගොසින් මෙය දිනකට කිරි ලීටර් 75,000ක් දක්වා වර්ධනය කිරීම අපගේ අරමුණයි.
ඉදිකිරීම් අංශයට සවියක්.
පසුගිය කාලයේ දී වඩාත් පසුබෑමකට ලක්වූ ක්ෂේත්රයක් ලෙස ඉදිකිරීම් ක්ෂේත්රය හඳුන්වන්න පුළුවන්. කොවිඩ් වසංගතය, ආර්ථික අර්බුදය, ආනයන සීමා ආදී විවිධ හේතු නිසා ඉදිකිරීම් ක්ෂේත්රය දැවැන්ත අර්බුදයකට පත් වුණා. මේ තත්ත්වය සලකා බලමින් ඔවුනට සහය වීම උදෙසා නව අත්හදා බැලීමක් සිදු කිරීමට අප බලාපොරොත්තු වෙනවා.
රජයේ ආයතන ඔවුන්ට නොමිලේ ඉඩම් සපයනවා. ඒ ඉඩම්වල ඒ ඒ රාජ්‍ය ආයතනවල සැලසුම් අනුව ගොඩනැගිලි ඉදි කිරීමේ අවස්ථාව අප ඉදිකිරීම් සමාගම් වෙත ලබා දෙනවා. ඉදිකිරීමෙන් පසු එම ආයතන විසින් ඉදි කිරීමේ සමාගමට මාසික කුලී ගෙවනවා. ඉදිකිරීම් වියදම සහ ඊට අනුකූල ලාභාංශ ලැබීමෙන් පසු ගොඩනැඟිල්ලේ පූර්ණ අයිතිය රාජ්‍ය ආයතනය වෙත ලබා දෙනවා. විදේශ අමාත්‍යාංශයේ නව ගොඩනැඟිලි සංකීර්ණය ඉදි කිරීම මෙහි මුල්ම නියමු ව්‍යාපෘතිය ලෙස ක්‍රියාත්මක කරනවා.
කොළඹ නගරයේ වතු නිවාසවල ජීවත් වෙන ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සහ ඉදිකිරීමේ ක්ෂේත්රයේ වර්ධනය ඉලක්ක කරගත් නව වැඩසටහනක්ද ක්‍රියාත්මක කරන්නට අප බලපොරොත්තු වෙනවා. කොළඹ නගරයේ වතු ඉඩම්වල විශාල නිවාස හා වෙළඳ සංකීර්ණ ඉදිකිරීමේ වගකීම අප ඉදිකිරීම් ක්ෂේත්රයට ලබා දෙනවා. ඒ ඉඩම් අප නොමිලයේ ඔවුන්ට ලබා දෙනවා. එහිදී ඔවුන් ඉටු කළ යුතු කොන්දේසිය වන්නේ එම වත්තේ පදිංචිව සිටින ජනතාවට නව නිවාස ලබා දීම පමණයි. එකී පවුල් එම නිවාස සංකීර්ණයේ නිවාස ඉල්ලා සිටින්නේ නම් ඔවුන්ට එහි නිවසක් ලබා දිය යුතුයි. එම පවුල් වෙනත් ස්ථානයක නිවාස ඉල්ලා සිටින්නේ නම් ඒ ඉල්ලීම ඉදිකිරීම සමාගම විසින් ඉටු කළ යුතුයි.
ශ්‍රී ලංකාවේ ජාතික
සන්නාමකරණය
ශ්‍රී ලංකාව ශක්තිමත් රටක් ලෙස නැඟී සිටීම සඳහා මෙතෙක් භාවිතයට නොගත් විභවතාවයන් බොහොමයක් ඇත. මෙම විභවතාවයන් ප්‍රයෝජනයට ගැනීම සඳහා, ශ්‍රී ලංකාවේ දිශානතිය නැවත පෙළ ගස්වා ගැනීමට හා හොඳම සංචාරක ගමනාන්තයක් සහ ආකර්ෂණීය ආයෝජන මධ්‍යස්ථානයක් ලෙස මෙරට තත්ත්වය යළි අත්පත් කර ගැනීමට රජයේ ආයතන, ව්‍යාපාර, පුරවැසියන්, සංස්කෘතික ආයතන සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ නැවත ප්රයත්න දැරීම මඟින් ජාතික සන්නාමකරණ ප්රයත්නයන් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වෙනවා. මේ සඳහා රුපියල් මිලියන 100ක් මා වෙන් කරනවා.
සැපයුම්
ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම ප්‍රයෝජනයට ගෙන එය සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස ස්ථානගත කිරීමේ දැවැන්ත ආර්ථික වටිනාකමක් තිබෙනවා. කෙසේ වෙතත්, මේ දිගු කාලීන සිහිනය සැබෑ කරගැනීම සඳහා බොහෝ ක්‍රියාමාර්ග ගතයුතු වෙනවා. එහි පළමු පියවර වශයෙන්, රජය සියලුම පාර්ශ්වකරුවන් සමඟ එකතු වී ජාතික සැපයුම් ප්‍රතිපත්තියක් සකස් කර ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා.
ශ්‍රී ලංකාව ඉන්දියාවත් සමඟ ගොඩබිම් සබඳතා පවත්වාගැනීමට අප බලාපොරොත්තු වෙනවා. කොළඹ වරාය නිරිතදිග ඉන්දියාවේ සැපයුම් අවශ්‍යතා සපුරාලීම සඳහාත්, ත්‍රිකුණාමලය වරාය අග්නිදිග ඉන්දියාවේ සැපයුම් අවශ්‍යතා සපුරාලීම සඳහාත් යෙදා ගැනීම අපේ බලාපොරොත්තුවයි.
බටහිර පර්යන්තය හා 2030 වසරෙන් පසු අපේක්ෂිත කොළඹ උතුර වරාය නිර්මාණය වීමෙන් පසු කොළඹ වරායේ ධාරිතාවය වැඩිදියුණු වෙනවා. ත්‍රිකුණාමලය වරායත් සංවර්ධනය වෙනවා. දකුණු ඉන්දියානු කලාපයේ වේගවත් වර්ධනය හා කාර්මීකරණය ප්රතිලාභ අත්විඳීමට ශ්‍රී ලංකාවට මෙමඟින් මනාව හැකි වෙනවා. අපේ අවසන් ඉලක්කය ශ්‍රී ලංකාව කලාපීය සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස ඉහළට ඔසවා තැබීමයි.
කාන්තාවන් සවිබල ගැන්වීම
ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ අය වැයකරණය හඳුන්වාදීමට හා ඒ හා සම්බන්ධ නීති සම්පාදනය කිරීමට මා යෝජනා කරනවා. කාන්තාවන් සවිබලගැන්වීම සඳහා වන නීති හඳුන්වා දීමට ද අප කටයුතු කරනවා.
අත්යන්ත්‍ර
අත්යන්ත්‍ර පේෂ කර්මාන්තයේ නිරත කාන්තාවන් හා තරුණ ප්‍රජාව ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 300ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
අවතැන් ජනතාවට නිවාස
උතුරු නැඟෙනහිර පළාත්වල අභ්‍යන්තර ගැටුම් නිමා වී වසර 14ක් ගත වී ඇතත්, තවමත් එම ප්‍රදේශවල නිවාස නොමැති පවුල් සිටිනවා. මෙවර අය වැයෙන් මෙම පිරිස් නැවත පදිංචි කිරීමේ අවශ්‍යතා සපුරාලීම සඳහා මිලියන 2,000ක් වෙන් කර තිබෙනවා. කෙසේ වෙතත්, නිවාස වැඩසටහන කඩිනම් කිරීමට සහ නිවාස නොමැතිව ඉතිරිවී ඇති පවුල් සඳහා අත්‍යවශ්‍ය සහන සැලසීමට අතිරේක ප්‍රතිපාදන වශයෙන් තවත් රු. මිලියන 500ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.
අතුරුදන් පුද්ගල වන්දි
උතුරු සහ නැඟෙනහිර පළාත්වල අභ්‍යන්තර ගැටුමෙන් බලපෑම් එල්ල වූ අතුරුදන් වූවන් සහ විපතට පත් වූවන් 181 දෙනෙකු සඳහා මේ වන විට වන්දි ලබා දී ඇති අතර, තවත් 170 දෙනෙකුට 2023 වසර අවසන් වන විට වන්දි ලබා දීමට නියමිතයි. ඉදිරිපත් කර ඇති වන්දි ඉල්ලීම්වලින් සිදුවීම් 6,300කට වැඩි ප්‍රමාණයක මූලික කටයුතු මේ වනවිට සම්පූර්ණ කර තිබෙන අතර විසර්ජන පනතින් දැනටමත් රුපියල් මිලියන 1,500ක් වෙන්කර තිබෙනවා. මෙම වන්දි ගෙවීම කඩිනම් කිරීම සඳහා තවත් රු. මිලියන 1,000ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.
යාපනයේ ජල ප්රශ්නය
යාපනය ප්‍රදේශයේ පානීය ජලය පිළිබඳ බරපතළ ගැටලු පවතිනවා. වසර ගණනාවක් ගත වුණත් තවමත් මේ ගැටලුව විසඳී නෑ. මෙම සංකීර්ණ වූ ජල ප්‍රශ්නයට විසඳුමක් ලබාදීම සඳහා පූර්ව ශක්‍යතා අධ්‍යයනය දැන් අවසන් වී තියෙනවා. ඒ අනුව අපට ඇති හොඳම විසඳුම පාලි ආරු ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමයි. මෙම ව්‍යාපෘතියේ මූලික කටයුතු 2024 වසරේ මුල් භාගයේ දී ආරම්භ කිරීමට මා අපේක්ෂා කරනවා. මෙම වැඩසටහනේ මූලික කටයුතු ඇරඹීමට 2024 වසර සඳහා රුපියල් මිලියන 250ක් ලබා දෙනවා.
පුනරීන් නගර සංවර්ධනය
යාපනය ‐ මන්නාරම ප්‍රධාන මාර්ගයේ සංගුපිඩ්ඩි පාලම අසල පිහිටා ඇති පුනරීන් නගරය, සංචාරක කර්මාන්තයට ඉතා වැදගත් නගරයක්. පුනරීන් නගර සංවර්ධනය සඳහා රු. මිලියන 500ක් අප ලබා දෙනවා.
ගාල්ල දිස්ත්‍රික් ශ්‍රවණාගාරය
2019 වසරේ දී ආරම්භ කළ ගාලූ දිස්ත්‍රික් ශ්රවණාගාරයෙහි ඉදිකිරීම් අතරමග නැවතී තියෙනවා. පසුගිය කාලයේ ඇතිවූ අර්බුදකාරී තත්වය ඊට හේතුවයි. සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් මේ දක්වා ආයෝජනය කර ඇති අතර මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට නම් රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයක් අවශ්‍ය වෙනවා. එහි රජයේ දායකත්වය ලෙස රු. මිලියන 500ක් වෙන් කරනවා.
බණ්ඩාරවෙල ආර්ථික මධ්‍යස්ථානය
බණ්ඩාරවෙල ආර්ථික මධ්‍යස්ථානයක් ඉදි කිරීම සහ ඊට අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම බණ්ඩාරවෙල මහ නගර සභාවේ සහ රජයේ සම මූල්‍ය දායකත්වය ඇති ව්‍යාපෘතියක් ලෙස සංවර්ධනය කිරීමට මා යෝජනා කරනවා. රජයේ දායකත්වය ලෙස රුපියල් මිලියන 250ක් අප ලබා දෙනවා.
පහළ මල්වතු ඔය ව්‍යාපෘතිය
මෙම ව්‍යාපෘතිය සඳහා දැනටමත් ලබා දී ඇති අය වැය ප්‍රතිපාදනවලට අමතරව, තවත් රුපියල් මිලියන 2,500ක් වෙන් කිරීමට බලාපොරොත්තු වෙනවා. එමඟින්, ව්‍යාපෘතියේ කටයුතු වඩාත් කඩිනම් කර ගැනීමට අපට හැකිවෙනවා.
සංස්කෘතිය
වසර ගණනාවක සිට අපේ සංස්කෘතිය සීමාවන්ට යටත්ව තියෙනවා. සංස්කෘතිය යනු රාජ්‍ය සම්මාන උත්සව පැවැත්වීම පමණක්ය කියා බොහෝ දෙනෙක් සිතාගෙන සිටිනවා. රටේ සංස්කෘතිය පෝෂණය කරලීම උදෙසාත්, අතීත උරුමයන් අනාගතයට දායාද කිරීම සඳහාත් විධිමත් ක්‍රියා පිළිවෙත් ඇත්තේම නැති තරම්. විවිධ දුෂ්කරතා සහ අභියෝග මධ්‍යයේ වුවද, අප සංස්කෘතික ව්‍යාපෘති ගණනාවක් මේ අය වැය මඟින් ක්‍රියාත්මක කරනවා.
මහා විහාර විශ්වවිද්‍යාලය
අනුරාධපුර මහා විහාරය 19 වන සියවසේ අග භාගය දක්වා වැඩි අවධානයක් නොමැතිව ශතවර්ෂ ගණනාවක් තිස්සේ පැවතුණා. ථෙරවාදී බුදුදහම ආරක්ෂා කර පවත්වාගෙන යාමට මෙන්ම ලොව පුරා බුදුදහම ව්‍යාප්ත කිරීමට මහා විහාරය විසින් විශාල කාර්යභාරයක් ඉටු කළා. මේ කරුණු සලකා බලා මහාවිහාරයේ ඉතිහාසය හා මහා විහාරයීය භූමිකාවන්හි සියලු අංග ඇතුළත් කරමින් මහාවිහාර විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීමට මා යෝජනා කරනවා. ඉදිරි දශකය තුළ එහි මූලික කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. එහි ඉදිරි කටයුතු සැලසුම් කර මාස හයක් ඇතුළත වැඩ ආරම්භ කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ කාර්යසාධන කමිටුවක් පත් කරනවා. මෙහි මූලික කටයුතු සඳහා රුපියල් මිලියන 400ක් වෙන් කරනවා.
අනුරාධපුර ජාත්‍යන්තර
බෞද්ධ පුස්තකාලය
මහා විහාර විශ්වවිද්‍යාලය පිහිටුවීමට අනුපූරක කාර්යයක් ලෙස අනුරාධපුරයේ නවීන ජාත්‍යන්තර බෞද්ධ පුස්තකාලයක් පිහිටුවනවා. ජාත්‍යන්තර බෞද්ධ රටවල අතීත ලේඛන සුරක්ෂිත කිරීම සහ ඒවා තම පර්යේෂණ කටයුතු සඳහා භාවිත කිරීමට අවශ්‍ය විද්වතුන්ට පහසුකම් සැලසීම මේ පුස්තකාලයේ අරමුණයි. වසර තුනක කාල සීමාවක් තුළ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන අතර ඉදිරි වසර සඳහා රුපියල් මිලියන 100 ක් වෙන් කරනවා.
මහනුවර බෞද්ධ ශිෂ්ටාචාර
කෞතුකාගාරය
ශ්‍රී ලංකාවේ බෞද්ධ ශිෂ්ටාචාරය කේන්ද්‍ර කර ගනිමින් පර්යේෂණ කටයුතු සඳහා මෙන්ම සංස්කෘතික ප්‍රවර්ධන කටයුතු සඳහා, ශ්‍රී ලංකා බෞද්ධ කෞතුකාගාරයක් ස්ථාපිත කිරීමට මා අපේක්ෂා කරනවා. විවිධ රටවල විවිධ ශිෂ්ටාචාරවලට සම්බන්ධ මෙවැනි කෞතුකාගාර තියෙනවා. ඒවා පර්යේෂණ කාර්යයන් සඳහාත්, සංචාරක ආකර්ශනය සඳහාත් යොදා ගන්නවා. අදියර වශයෙන් ඉදිකිරීමට බලාපොරොත්තු වෙන කෞතුකාගාරය වෙනුවෙන් ඉදිරි වසර සඳහා රුපියල් මිලියන 200ක් යොදවනවා.
මේ කාර්යයන් ඔස්සේ ශ්‍රී ලංකාව බෞද්ධ සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම අපේ අභිප්‍රායයි.
ක්‍රිකට් සංවර්ධනය
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වර්තමානයේ ආයතනික අර්බුදයකට සහ කුසලතා හිඟයකට මුහුණපා ඇති බව අප දන්නවා. දිවයිනේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කරලීම සඳහාත්, පළාත් මට්ටමින් ක්‍රිකට් ක්‍රීඩකයින්ට අවශ්‍ය පහසුකම් ලබාදීම සඳහාත් මේ අය වැයෙන් රුපියල් බිලියන 1.5 ක් වෙන් කරනවා. මේ මුදල් ප්‍රතිපාදන ලබාදීමේ දී අඩු පහසුකම් ඇති පාසල් සහ පළාත්වලට ප්‍රමුඛත්වය ලබා දෙනවා.
ප්‍රවාහන ක්ෂේත්රය
2024 වර්ෂය තුළ දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණයට ලක්කරනවා.
බස්නාහිර පළාත තුළ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සමඟ ඒකාබද්ධව විදුලි බස් රථ 200 ධාවනය කිරීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කරනවා.
ඓතිහාසික මහනුවර නගරයෙහි වාහන හා මගී තදබදය ඉවත් කොට, දුම්රිය, බස් රථ හා වෙනත් කුලී රථ ඒකාබද්ධව ලෝක බැංකු ණය අධාර යටතේ මහනුවර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ව්‍යාපෘතිය ජනවාරි මාසයේ දී ආරම්භ කරනවා. මෙම මධ්‍යස්ථානයෙහි ප්‍රවේශ මාර්ග සංවර්ධනයට රුපියල් බිලියන 1.5ක් ලබා දෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් අනුරාධපුර සිට මිහින්තලය දක්වා වූ දුම්රිය මාර්ගය සම්පුර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය 2024 ජනවාරි මාසයේ දී නිමවන අතර, මිහින්තලාවේ දුම්රිය ස්ථාන පරිශ්‍රය පදනම් කොට ගෙන ප්‍රවාහන ආර්ථික හා බහලූම් සහ ගබඩා පහසුකම් සහිතව පෞද්ගලික අංශයේ ද මූල්‍ය සහභාගීත්වයෙන් විසල් නගරයක් නිර්මාණය කිරීම සඳහා රුපියල් මිලියන 200 ප්‍රතිපාදන වෙන් කරනවා.
පිටකොටුව, ගාල්ල, මාතර, අනුරාධපුර, යාපනය වැනි මහ නගර ආශ්රිත සහ සංචාරක ගමනාන්ත ආශ්රිත දුම්රිය ස්ථාන පදනම් කර ගනිමින් රාජ්‍ය පෞද්ගලික ව්‍යවසාය පදනම යටතේ ස්ටේෂන් ප්ලාසා හෙවත් දුම්රිය ස්ථාන නගර, මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති ලෙස ස්ථාපනය කිරීම සඳහා දෙස් විදෙස් ආයෝජකයන්ගෙන් යෝජනා කැඳවීමටත් අප බලාපොරොත්තු වෙනවා.
මහජන සේවා සැපයීම
මහජන සේවා සැපයීමේ දී වගකීම සහ වගවීම යන කරුණු දෙක ගැනම අපේ අවධානය යොමු විය යුතුයි. රාජ්‍ය අය වැය ක්‍රියාත්මක කරලීමේ දී දැඩි මූල්‍ය විනයක් පවත්වාගෙන යෑම අත්‍යවශ්‍ය කරුණක්.
අය වැයට අදාළ කරුණු
සම්බන්ධයෙන් වගකීම
අය වැය අරමුණු සඳහා පළාත් සභා විශේෂ වියදම් ඒකක ලෙස සැලකිය යුතු බව මා යෝජනා කරනවා. ඒ අනුව පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන්, අනෙකුත් රේඛීය අමාත්‍යාංශ ලේකම්වරුන් මෙන් ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන් ලෙස කටයුතු කළ යුතුයි. අය වැය අරමුණු සඳහා වියදම් කරන මුදල් වෙනුවෙන් පළාත් සභාව, පාර්ලිමේන්තුවට වගකිව යුතු වෙනවා.
තිරසර සංවර්ධන ඉලක්ක මත පදනම් වූ අය වැයකරණය අය වැය සකස් කිරීමේ දී සියලුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, ආයතන වෙත ඉහත ඉලක්ක සපුරා ගැනීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර ඇති අතර එම ආයතන විසින් ඒ සඳහා කටයුතු කළ යුතුය.
පළාත් තුළින් ලබන ආදායම
පළාත් සභාවලින් එකතු වන ආදායම පුනරාවර්තන වියදම් පියවා ගැනීමට පමණක් සීමා නොකොට පළාතේ සංවර්ධනය සඳහා ප්‍රාග්ධන වියදම් ලෙස භාවිතයට ගැනීම වඩාත් සුදුසු බවට යෝජනා කරමි. කෙසේ වෙතත්, මෙතෙක් අඛණ්ඩව සිදු කරගෙන එමින් පැවති ක්‍රියාවලිය හදිසියේ වෙනස් කිරීමේ ප්‍රායෝගික අපහසුතාවයන් මඟහරවා ගැනීම සඳහා 2025 වර්ෂයේ සිට පළාත් සභා ආදායමෙන් සියයට 50 ක් පමණක් පුනරාවර්තන වියදම් ලෙස යොදවා ගෙන අමතර ආදායම් ප්‍රාග්ධන වියදම් ලෙස යෙදවීමට මා යෝජනා කරනවා.
………………………………………………………………………………………..
රාජ්‍ය ආදායම වැඩි කරන්න වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවනවා
විදේශ වෙළෙඳාම සහ ගෝලීය වෙළෙඳ පොළ සමඟ ශ්‍රී ලංකාවේ ගැඹුරු සම්බන්ධතාව වැඩිදියුණු කිරීමේ මූලික පියවරක් ලෙස, ආනයන සෙස් බදු, වරාය සහ ගුවන්තොටුපළ බද්ද ඇතුළුව තීරු බදු නොවන ආනයන බදු ඉවත් කිරීමට අප පියවර ගන්නවා. වසර 3ත් 5ත් අතර කාලය තුළ ක්‍රමානුකූලව මේ බදු ඉවත් කරනවා.
වසර 2030 වන විට ඩිජිටල් ආර්ථිකය කරා යාමේ දී පහසුකම් සැලසීම සඳහා රාජ්‍ය අංශයේ තොරතුරු තාක්ෂණයට අදාළ සංවිධානාත්මක ව්‍යුහය
ප්‍රතිව්‍යුහගත කිරීමට මා යෝජනා කරනවා.
මිරිදිය ධීවර කර්මාන්තය සංවර්ධනයට රු. මිලියන 200ක්
උතුරු-නැඟෙනහිර ප්‍රදේශවල නිවාස නොමැති පවුල් නැවත පදිංචි කරවීමට රු. මිලියන 2000ක්
මහා විහාර විශ්වවිද්‍යාලය ස්ථාපිත කිරීමට රු. මිලියන 400ක්
එන්එස්බීඑම්, ස්ලිට්, හොරයිසන් කැම්පස් සහ රෝයල් ඉන්ස්ටිටියුට් විශ්වවිද්‍යාල බවට උසස් කෙරේ
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශත සංවත්සරය ඉලක්ක කර ගනිමින් එය සංවර්ධනයට රුපියල් මිලියන 500ක්
පළාත් සභා මඟින් අපනයන කර්මාන්ත ප්‍රවර්ධනය
1990 අංක 46 දරණ කාර්මික ප්‍රවර්ධන පනත යටතේ කර්මාන්ත සම්බන්ධයෙන් පළාත් සභා සතු බලතල සීමා කර තියෙනවා. අපනයන කර්මාන්ත සඳහා අවසර දීමට ඔවුන්ට බලතල නෑ. ඔවුනට අවසර දිය හැක්කේ රුපියල් මිලියන 4කට අඩු ප්‍රාග්ධන ආයෝජනයක් සහ ස්ථිර සේවක සංඛ්‍යාව 50කට අඩු කර්මාන්ත ශාලා සඳහා පමණයි. අප මේ විධිවිධාන අහෝසි කරනවා. වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 600 දක්වා මෙම සීමාව වැඩි කරනවා. එමඟින් පළාත් සභාවලට අපනයනය ඉලක්ක කරගත් කර්මාන්ත ප්‍රවර්ධනය කිරීමට හැකි වෙනවා. එසේම සෑම පළාතකම කර්මාන්ත සේවා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට අප පියවර ගන්නවා.
පළාත් පාලන ආයතනවල ස්වයං මූල්‍යකරණය
පළාත් පාලන ආයතනවලට ආදායම් එකතු කිරීමට සහ ප්‍රදේශයේ ජනතාවගේ සුබසිද්ධිය සඳහා අවශ්‍ය කටයුතු කළමනාකරණය කිරීමට බලය පවරා තියෙනවා. නමුත් එම ආයතනවල වැටුප් සහ අනෙකුත් සංවර්ධන කටයුතු සඳහා වන වියදම් දරන්නේ රජය විසින්.
දැනට පවතින මූල්‍ය බාධාවන් සැලකිල්ලට ගෙන, ස්වයං මූල්‍යකරණ ආකෘතියක් යටතේ ඔවුන්ගේ සේවාවන් කාර්යක්ෂමව සැපයීමට පළාත් පාලන ආයතන දිරිමත් කරනවා. එහි පළමු පියවර ලෙස 2024 වසරේ ජනවාරි පළමු වන දින සිට මහ නගර සභාවලට වැටුප් ගෙවීම සඳහා සියයට 80ක මූල්‍යයනයක් පමණක් ලබා දීමට අප පියවර ගන්නවා. 2025 වසරේ ජනවාරි පළමු වැනිදා සිට මේ මුදල තවත් අඩු කරනවා. ඉදිරි වසර 5 තුළ පළාත් පාලන ආයතනයන්හි ස්වයං මූල්‍යකරණය ක්‍රමානුකූලව දිරිමත් කිරීමටත් මා යෝජනා කරනවා.
ජාතික ජන සභාව
ජනසභා ක්‍රමය යටතේ ග්‍රාමීය මට්ටමේ නොවිසඳුණු සංවර්ධන අවශ්‍යතා හඳුනාගෙන ඒවාට ප්‍රමුඛත්වය ලබා දෙමින් ජාතික මට්ටමින් සම්පත් වෙන් කිරීමේ ක්‍රියාවලිය ඒ ඒ ප්‍රදේශ නියෝජනය කරන මහජන නියෝජිතයන්ගේ ද සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා. මෙමඟින්, ගමේ ජනතාවට පක්ෂ, ජාති හා ආගම් භේදයකින් තොරව සාමූහිකව තම සංවර්ධන ප්‍රමුඛතා තීරණය කර සම්පත් වෙන් කිරීමටත්, එම සංවර්ධන ප්‍රමුඛතා රජයට සෘජුවම ඉදිරිපත් කිරීමටත් අවස්ථාව සැලසෙනවා. එසේම මහජන නියෝජිතයන්ගේ සිට සාමාන්‍ය ගැමියා දක්වා සියල්ලන්ටම මේ වැඩපිළිවෙළට දායක වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ගමේ තරුණ තරුණියන්ට මේ සඳහා සෘජුව දායක වීමට අවස්ථාව ලැබෙනවා. මෙම කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා ජාතික ජනසභා ලේකම් කාර්යාලය පිහිටුවීමට රු. මිලියන 700ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.
හිඟුරක්ගොඩ ජාත්‍යන්තර ගුවන්තොටුපළ
කලක් තිස්සේ විවිධ පරිමාණයේ සාකච්ඡා පැවතුණ ද හිඟුරක්ගොඩ ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉදිකිරීමේ කටයුතු ක්‍රියාත්මක වී නැහැ. එබැවින් එහි මූලික කටයුතු සඳහා 2024 වෙනුවෙන් රුපියල් බිලියන 2ක් වෙන් කරනවා.
මධ්‍යම අධිවේගී මාර්ගය
විදේශ ණය ප්රතිව්ය්යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් වූ විගස මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර, එනම් කඩවත සිට මීරිගම දක්වා වූ කොටසෙහි වැඩ කටයුතු චීනය සමඟ එක්වී ආරම්භ කරනවා. කුරුණෑගල සිට ගලගෙදර දක්වා කොටස ඉදිකිරීම සඳහා ජපානයේ සහයෝගය ලබා ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. අප සැලසුම් කරන්නේ කටුගස්තොට දක්වාම අධිවේගී මාර්ගය තැනීමට හැකියාවක් ඇද්ද යන්න සොයා බැලීමටයි.
තරුණ අභිවෘද්ධිය සඳහා වැඩසටහන
විවිධ අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතන විසින් තරුණයන්ගේ අභිවෘද්ධිය කේන්ද්‍ර කරගත් වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරනු ලැබේ. නමුත් මෙම සියලු වැඩසටහන් සම්බන්ධීකරණය කරමින් ඒකාබද්ධ තරුණ අභිවෘද්ධි වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු අතර ඊට නව ආර්ථික හා සමාජ තත්ත්වයන්ට ගැළපෙන නව වැඩසටහන් ද අන්තර්ගත විය යුතු වේ. මෙම ඒකාබද්ධ තරුණ අභිවෘද්ධි වැඩසටහන ජනාධිපති කාර්යාලය විසින් ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා රුපියල් බිලියනයක ප්‍රතිපාදන වෙන් කිරීමටත් යෝජනා කරනවා.
මැණික් කර්මාන්තය
ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තය තවමත් පූර්ණ ධාරිතාවය අත් කර ගැනීමට සමත් වී නොමැති අතර ඒ සඳහා පොදුවේ එකඟ වූ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර නැහැ. විදේශ රටවලින් මැණික් ගෙන්වා වටිනාකම් එකතු කිරීමත්, මෙරට මැණික් කර්මාන්තයේ පවතින ගැටලුත් සලකා එහි දියුණුවට පොදු වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. එම වැඩපිළිවෙළ මධ්‍යකාලීන වශයෙන්, රජය, පුද්ගලික අංශය සහ අදාළ සියලු පාර්ශ්ව එකතු වී ක්‍රියාත්මක කළ යුතු වනවා. ඒ සඳහා රාමුගත සැලැස්මක් ඉදිරි මාස 3 තුළ සකසා ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා.
ත්‍රිකුණාමලය නගරාශ්‍රිත සංවර්ධනය
රටේ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස ත්‍රිකුණාමලය සංවර්ධනය කිරීම රජයේ අපේක්ෂාවයි. විශේෂයෙන් වරාය ආශ්රිත විවිධ සංවර්ධන කටයුතුවලින් රටේ දියුණුවට විශාල දායකත්වයක් ලබා දිය හැකියි. මෙය දිගු කාලීනව සිදු කළ යුතු සංවර්ධන වැඩසටහනක්. මහා පරිමාණ කෘෂි වැඩසටහන් හා වෙරළබඩ සංචාරක කලාපයක් ද මීට ඇතුළත්. ඉන්දියානු ආයෝජකයන් සමඟ එක්ව මෙම සංවර්ධන වැඩපිළිවෙළ දියත් කිරීමට බලාපොරොත්තු වන අතර මෙම කටයුතු සඳහා ජනාධිපති කාර්ය සාධක බළකායක් ස්ථාපනය කිරීමට යෝජනා කරනවා.
ගාලු දිස්ත්‍රික්කයේ ගංවතුර පාලනය
ගාලු දිස්ත්‍රික්කයේ ගංවතුර වැළැක්වීමේ පියවරක් ලෙස ගිංගඟ ජල කළමනාකරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. මධ්‍යකාලීන වැඩසටහනක් ලෙස මෙය ක්‍රියාත්මක කිරීම අපේ අපේක්ෂාවයි. එහි මූලික වැඩකටයුතු සඳහා රුපියල් මිලියන 250ක් වෙන් කරනවා.
ණය ප්‍රතිව්‍යුහගත කිරීම
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය මඟින් ඇති කරනු ලබන අවකාශය හේතුවෙන් සහන පියවර සඳහා සම්පත් සොයා ගැනීමට රජයට හැකි වුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් සහාය දක්වන ණය ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය 2022 වසරේ දී සියයට 128 සිට 2032 වසරේ දී සියයට 95ක් දක්වා අඩු කිරීමට අපේක්ෂා කරනවා. මේ ඉතිරිකිරීම්වල ප්රතිලාභ ලැබෙන්නේ ජනතාවටයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් වීමෙන් පසුව, සමස්ත සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ මූල්‍ය අංශයේ ස්ථාවරත්වය තවදුරටත් තහවුරු වෙනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ සැලකිය යුතු ප්‍රගතියක් අත්පත් කරගන්නට දැන් අපට හැකිවී තියෙනවා. දේශීය ණය ප්‍රශස්තකරණයේ ප්‍රධාන අංග සම්පූර්ණ කර හමාරයි.
විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය යටතේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේ කොටසක් ලෙස, ශ්‍රී ලංකාවේ ශුද්ධ ණය වර්තමාන අගය අනුව අඩු කරනවා. දැනට පවතින ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවල පියවීම සඳහා එක්සත් ජනපද ඩොලර් පදනම් කරගත් නව මූල්‍ය මෙවලම් නිකුත් කළ යුතුයි. ඒ අනුව, පවතින ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර පියවීම් සඳහා රාජ්‍ය ගිණුම් පොතේ ගනුදෙනුව සටහන් කිරීමට අය වැය ප්‍රතිපාදන අවශ්‍ය වෙනවා.
ඒ අනුව, විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ක්‍රියාත්මක කිරීම සඳහා සහ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරහි පියවීම සඳහා රු. බිලියන 3,000 ක් මේ අය වැය මඟින් මම වෙන් කරනවා.
මූල්‍ය අංශයේ ස්ථායීකරණය
දිගු කාලීනව බැංකු ස්ථායීතාව සම්බන්ධයෙන් සියලු විචක්ෂණ ක්‍රියාමාර්ග ගන්නා බව සහතික කිරීමට රජය උනන්දු වෙනවා. මේ සඳහා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන මඟින් සහාය දක්වන පද්ධතිමය වශයෙන් වැදගත් බැංකු සඳහා ස්වාධීන වත්කම් තත්ත්ව සමාලෝචනයක් පැවැත්වුණා. මෙම වත්කම් තත්ත්ව සමාලෝචනයේ මූලික ප්‍රතිඵල මඟින් පෙන්නුම් කරන්නේ විචක්ෂණ පදනමක් මත අමතර ප්‍රාග්ධන එකතුවක් ගොඩ නැඟීමේ අවශ්‍යතාවයි. ඒ අනුව බැංකු පද්ධතියේ ප්‍රාග්ධන වැඩිදියුණු කිරීමේ ක්‍රියාවලියට සහාය වීම සඳහා රුපියල් බිලියන 450ක් වෙන් කිරීමට මම යෝජනා කරනවා.
බැංකු අංශයේ ප්රාග්ධනය වැඩි දියුණු කිරීම සඳහා යෝජිත ප්‍රතිපාදන දිගුකාලීනව බැංකු අංශයේ ස්ථාවරත්වය සහතික කරනවා. බදු ගෙවන්නන්ගේ අරමුදල් මත ඇති බර අවම කිරීම සඳහා ප්රාග්ධනය වැඩි දියුණු කිරීම සහ රාජ්‍ය බැංකු දෙකේ අනාගත වර්ධනයට සහාය වීම සඳහා විශාල රාජ්‍ය බැංකු දෙකේ කොටස්වලින් සියයට 20ක් උපාය මාර්ගික ආයෝජකයින්ට හෝ මහජනතාවට ලබා දිය යුතු යැයි මා යෝජනා කරනවා. රාජ්‍ය බැංකුවල අනාගත මූල්‍ය තත්ත්වය පිරිහීම වැළැක්වීම සඳහා, ප්‍රධාන නිලධාරීන් සහ රාජ්‍ය බැංකු අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් පත් කිරීම සම්බන්ධයෙන් වඩාත් දැඩි නීති රීති සහ තනි ණය ගැනුම්කරුවන් සඳහා සීමාවන් වැනි ණය අවදානම පිළිබඳ දැඩි නීති ඇතුළු ප්‍රතිසංස්කරණ පියවර රැසක් මීට සමාන්තරව ක්‍රියාත්මක කරනවා. බැංකු පනතේ සංශෝධන මෙම ප්‍රතිසංස්කරණ සඳහා නීතිමය රාමුවක් සපයනු ඇති අතර එය 2024 වසරේ මුල් භාගයේ දී සම්මත කිරීමට අපේක්ෂා කෙරේ.
ණය ගැනීමේ සීමාව වැඩි කිරීම
බැංකු නැවත ප්‍රාග්ධනීකරණය සහ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ක්‍රියාවට නැංවීම සඳහා දිගු කල්පිරීම් කාලයක් සහිත නව ණය මෙවලම් නිකුත් කිරීම අවශ්‍ය වනවා. එබැවින් දැනට පවතින ණය පියවීමට අය වැය ප්‍රතිපාදන අවශ්‍ය වනවා මෙන්ම ණය ගැනීමේ සීමාව වැඩි කිරීම ද අවශ්‍ය වෙනවා. ඒ අනුව, ණය ගැනීමේ සීමාව රු. බිලියන 3,900 සිට රු. බිලියන 7,350ක් දක්වා රු. බිලියන 3,450 කින් වැඩි කිරීමට මා යෝජනා කරනවා
නීති ප්‍රතිසංස්කරණ
ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත සහ සුරක්ෂිත ගනුදෙනු පනත් දැනටමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර නව ක්ෂුද්‍ර මූල්‍ය පනත මඟින් ගනුදෙනුකරුවන්ට වඩාත් ආරක්ෂිත නෛතික බලයක් ලබා දෙනවා. නව සුරක්ෂිත ගනුදෙනු නීතිය මඟින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ඔවුන්ගේ වත්කම්වලින් වැඩි කොටසක් ප්‍රයෝජනයට ගැනීමට සහ වර්ධනය සඳහා ණය ලබා ගැනීමට හැකි වනවා.
රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ යහපාලන මූලධර්ම තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය නව නීති හඳුන්වා දෙමින් සිටිනවා. රාජ්‍ය ණය කළමනාකරණ පනත, රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත, රාජ්‍ය වත්කම් කළමනාකරණ පනත, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ නීතිය දැනටමත් අවසන් කර ඇති අතර ඒවා දෙසැම්බර් මාසයේ හෝ 2024 පළමු කාර්තුව තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ආයෝජන හිතකාමී නෛතික පරිසරයක් නිර්මාණය කිරීම සඳහා නව ආයෝජන නීතිය සහ රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්ව නීතිය හඳුන්වා දීම අප ආරම්භ කළා. ආර්ථික සංවර්ධනය සඳහා ඉඩම් උපරිම ප්‍රයෝජනයට ගැනීම සඳහා රජය විසින් නව ආයතනික වෙනස්කම් සමඟ නව ඉඩම් නීතියක් හඳුන්වා දෙනවා.
ඉහත ගෙන හැර දැක්වූ නීතිවලට අමතරව රටේ ප්‍රගතියට අනුබල දීම සඳහා නව නීති ගණනාවක් හඳුන්වා දීම සහ පවතින යල් පැනපු නීතිවලට සංශෝධන ඇතුළත් කිරීමේ ක්‍රියාවලිය අප දැනටමත් ආරම්භ කර තියෙනවා. මේ අයුරින් නව නීති හා සංශෝධන නීති 60ක් අප හඳුන්වා දෙනවා.
පාලන ප්‍රතිසංස්කරණ
ආර්ථික අර්බුදයට දායක වීමේදී, ආර්ථික පාලනයේ සහ විශේෂයෙන්ම මූල්‍ය පාලනයේ දුර්වලතා විසින් සිදු වූ විශාල දායකත්වය රජය හඳුනා ගෙන තියෙනවා. ගැටලුවක් විසඳීමේ පළමු පියවර වන්නේ එය පිළිගැනීමයි. අප රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ආරාධනා කළේ ශ්‍රී ලංකාවේ පාලන ව්‍යුහයන්හි දුර්වලතා පිළිබඳ ස්වාධීන තක්සේරුවක් සිදු කරන ලෙසයි. ශ්‍රී ලංකා රජයක් මෙවැනි සමාලෝචනයක් කළ පළමු අවස්ථාව මෙය වන අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පාලනය පිළිබඳ විශ්ලේෂණයක් ආසියාවේ සිදු කළ ප්‍රථම අවස්ථාව ද මෙයයි. ශ්‍රී ලංකාව දිගු කලක් තිස්සේ ව්‍යුහාත්මක පාලන ගැටලුවලින් පීඩා විඳිනවා. සමාලෝචනයේදී මතු කර පෙන්වූ බොහෝ ගැටලු රජය විසින් දැනටමත් හඳුනාගෙන ඇති අතර ඒවා විසඳීමට දැනටමත් පියවර ගනිමින් සිටිනවා. නිදසුනක් වශයෙන්, ප්‍රසම්පාදනය වැඩිදියුණු කිරීමේ ක්‍රියාමාර්ග, ආදායම් එකතු කිරීමේ අධිකාරීන්ගේ දූෂණ දුර්වලතා විසඳීම සහ ආයෝජන දිරිගැන්වීම් සම්බන්ධ ගැටලු විසඳීම සඳහා රජයේ න්‍යාය පත්‍රයේ ප්‍රමුඛත්වය ලබා දී තියෙනවා. මෙම ගැටලු විසඳීම සඳහා පනත් කෙටුම්පත් සැකසෙමින් පවතිනවා. රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පතේ ස්වරූපයෙන් නව නීති සම්පාදනය කෙරෙනවා.
නව වර්ධන ආකෘතිය
දශක කිහිපයක සිට ශ්‍රී ලංකාව ණය අරමුදල් මත යැපුණු ආර්ථික සංවර්ධනය හා සුබසාධන බෙදීයාම මත විශ්වාසය තැබුවා. මෙය තිරසර ආර්ථික ව්‍යුහයක් නොවූ අතර, රටේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමත් සමඟ මෙම ආකෘතිය වෙනස් කිරීමේ අවස්ථාව ලැබී තිබෙනවා. අපට අවශ්‍ය වන්නේ රාජ්‍ය සේවාවන් සීමාසහිතව ලබා දෙන බදු බර අඩු රටක් ද? රජයේ කාර්යයභාරය බදු බර වැඩි රටක්ද? පිළිබඳව තීරණය කිරීම සඳහා ශ්‍රී ලංකාවට නව සමාජ සම්මුතියක් අවශ්‍යව පවතිනවා. කුමන මාර්ගයෙන් වුවත්, රටේ සංවර්ධනය සඳහා ඵලදායීතාවයේ වර්ධනයක් හා බෙදාගත හැකි අතිරික්තයක් තිබිය යුතුයි. මේ නව වර්ධන ආකෘතිය, ඵලදායීතාවයෙන් වැඩි සාධාරණ, හරිත වර්ධනයකින් හෙබි ඩිජිටල්කරණය වූ සමාජ වෙළෙඳපොළ ආර්ථිකයක් මත පදනම් විය යුතුයි.
ශ්‍රී ලංකා ආදායම් අධිකාරිය
රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම සඳහා මෑතක දී ප්රයත්නයන් රාශියක් ගෙන ඇති අතර, පෙර කරන ලද ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග බොහොමයක් අසාර්ථක වී තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර අත්දැකීම් ද යොදා ගනිමින් ආදායම් පරිපාලන ඵලදායීතාව ඉහළ නැංවීම, ප්‍රතිසංස්කරණ වේගවත් කිරීම, මානව සම්පත් සම්බන්ධයෙන් පවතින යල් පැන ගිය රාජ්‍ය විධිවිධාන වැනි බාධකයන් මඟහැර විසඳුම් ලබා දීම, නවීන, කාර්යක්ෂම හා අඛණ්ඩව ක්‍රියාත්මක වන ආදායම් පරිපාලන ක්‍රමවේදයක් සකස් කිරීම අරමුණු කර ගනිමින් නව ආදායම් අධිකාරියක් ස්ථාපිත කිරීමට යෝජනා කරනවා. මෙම ආදායම් අධිකාරිය පිහිටුවීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා විශේෂ ව්‍යාපෘති කණ්ඩායමක් මුදල් අමාත්‍යාංශය යටතේ පිහිටුවීමට යෝජනා කරනවා.
ගෝලීය ආර්ථික සබඳතා
අපනයන සඳහා ජාත්‍යන්තර වෙළෙඳෙපාළ පුළුල් කරගත යුතුයි. ඒ වගේම තරඟකාරී ආර්ථිකයක් අප නිර්මාණය කරගත යුතුයි. මේ සඳහා අපේ කලාපයේ ප්‍රධාන හවුල්කරුවන් සමඟ විස්තීර්ණ වෙළඳ ගිවිසුම් ඇති කරගැනීමට අප ක්‍රියා කරනවා.
තායිලන්තය, ඉන්දුනීසියාව, බංග්ලාදේශය සහ චීනය සමඟ නිදහස් වෙළඳ ගිවිසුම් ඇති කරගැනීමට අප කටයුතු කරමින් සිටිනවා. ඉන්දියාව සමඟ ඇති නිදහස් වෙළෙඳ ගිවිසුම, පරිපූර්ණ ආර්ථික හා තාක්ෂණ සහයෝගීතා ගිවිසුමක් දක්වා පුළුල් කරගැනීමට අප පියවර ගනිමින් සිටිනවා.
අපි එක් අතකින් කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වයට (R – CEP) ඇතුළු වෙනවා. අනෙක් අතින් යුරෝපා සංගමයේ වෙෙළඳ වරණයන් පිළිබඳ පොදු ක්‍රමය හා සම්බන්ධ වෙනවා. ඒ නිසා ප්‍රධාන ගෝලීය වෙළෙඳපොළවල් සියල්ලටම තරගකාරී මට්ටමන් ඇතුළු වීමට අවකාශ අපේ රටට ලැබෙනවා.
විදේශ වෙළෙඳාම සහ ගෝලීය වෙළෙඳපොළ සමඟ ශ්‍රී ලංකාවේ ගැඹුරු සම්බන්ධතාව වැඩිදියුණු කිරීමේ මූලික පියවරක් ලෙස, ආනයන සෙස් බදු, වරාය සහ ගුවන්තොටුපළ බද්ද ඇතුළුව තීරු බදු නොවන ආනයන බදු ඉවත් කිරීමට අප පියවර ගන්නවා. වසර 3ත් 5ත් අතර කාලය තුළ ක්‍රමානුකූලව මේ බදු ඉවත් කරනවා.
ලෝක වෙළෙඳ සංවිධානයේ, ශ්‍රී ලංකාවේ වෙෙළඳ පහසුකම් සැපයීමේ බැඳීම් බොහෝ අඩු සංවර්ධිත රටවල්වලට වඩා පහළ මට්ටමක පවතී. විද්‍යුත් ගෙවීම් භාර ගැනීම, ඩිජිටල් ලේඛන භාර ගැනීම ඇතුළු තෝරාගත් වෙළෙඳ පහසුකම් සැලසීමේ ක්‍රියාමාර්ග සම්පූර්ණ කිරීමට නියමිතව තිබියදී රාජ්‍ය ආයතන ගණනාවක් එම ඉලක්ක කරා ළඟා වී නෑ.
එබැවින් භාණ්ඩාගාර ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ජාතික වෙළෙඳ පහසුකරණ කමිටුව ප්‍රතිසංවිධානය කරනවා. තවත් පාර්ශ්වකරුවන් කිහිප දෙනෙකු ඊට ඇතුළත් කර ගැනීමටද අප බලාපොරොත්තු වෙනවා.
ගෝලීය යහපත් පරිචයන්ට අනුරූපව ශ්‍රී ලංකා රේගු නීති සකස් කිරීමේ අරමුණින් තවදුරටත් රේගු නීති නවීකරණය කිරීමට පියවර ගන්නවා.
ඵලදායී වෙළෙඳ පහසුකම් සැලසීම සඳහා වන ජාතික කමිටුව, ජාතික තනි කවුළුව කඩිනම්ව ක්‍රියාත්මක කිරීම සඳහා ඉතා වැදගත් වෙනවා. එමඟින් අභ්‍යන්තර වෙළඳාම සහ ආයෝජන කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කරගන්න පුළුවන්. ජාතික තනි කවුළුව මඟින් සියලුම දේශසීමා කළමනාකරණ ආයතන තනි ඩිජිටල් වේදිකාවක් තුළට ගෙන ඒම සහ වෙළෙඳාම සම්බන්ධ නියාමන ලියකියවිලි බාධාවකින් තොරව සහ කාලෝචිත ආකාරයකින් සිදු කිරීමට පහසුකම් සපයනවා. ඒ කාර්යයන් සඳහා රුපියල් මිලියන 200 ක මුදලක් වෙන් කර තිබෙනවා.
රටවල් කිහිපයක වෙළෙඳ සලකුණු ලියාපදිංචි කිරීමට දැන් විශාල කාලයක් සහ මුදලක් වැයවෙනවා. මෙය කඩිනමින් හා පහසුවෙන් කර ගැනීමට අවස්ථාව සලසන මැඩ්රිඩ් සම්මුතියට ප්‍රවේශ වීමට අප ක්‍රියා කරනවා. ශ්‍රී ලංකා සන්නාමවල තරඟකාරීත්වය ඉහළ නැංවීමට සහ ශ්‍රී ලංකා අපනයන නිෂ්පාදනවල වටිනාකම ඉහළ නැංවීමට මෙය ඉතා වැදගත් වෙනවා.
ආයෝජන
පසුගිය වසරේ අය වැයෙන් යෝජනා කළ පරිදි, රටේ ආයෝජන හා වෙළඳ ප්‍රවර්ධනය සහ පහසුකම් සැලසීම සඳහා ආයතනික හා නීතිමය රාමුව ප්‍රතිසංස්කරණය කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, ආයෝජන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය, කාර්මික සංවර්ධන මණ්ඩලය, ජාතික ව්‍යාපාර සංවර්ධන අධිකාරියෙහි කාර්යයන් ඒකාබද්ධ කරන ආයතනික රාමුව අධීක්ෂණය කරන යටිතල පහසුකම් සංස්ථාව ස්ථාපිත කරමින් නව ඒකාබද්ධ ආයෝජන නීතියක් කෙටුම්පත් කර තිබෙනවා. යටිතල පහසුකම් සංස්ථාව ස්ථාපනය කිරීම සඳහා රු. මිලියන 250ක් වෙන් කර තිබෙනවා.
ආයෝජකයන් සඳහා සේවා සපයනු ලබන රජයේ සියලුම ආයතනවල කාර්යයන් ස්වයංක්‍රීයකරණය කිරීම, වැඩි දියුණු කිරීම මඟින් අදාළ කාර්ය පරිපාටි සරල කිරීම, අන්තර් ක්‍රියාකාරී හැකියාව, අඩු පිරිවැයක් හා කාලයක් ගත වන කාර්ය පටිපාටි හරහා ආයෝජන ක්‍රියාවලීන් සඳහා පහසුකම් සැලසීමේ දී අදාළ අනුමැතීන් හෝ බලපත්‍ර ලබා දෙන ආයතන සමඟ එක් වී ආයෝජකයන් සඳහා පහසුකම් සැලසීමට අපේක්ෂා කෙරේ. මේ සඳහා 2024 වසරට රු. මිලියන 100 ක් වෙන් කර තිබෙනවා.
හම්බන්තොට, යාපනය, ත්‍රිකුණාමලය, බිංගිරිය හා මහනුවර කේන්ද්‍ර කර ගනිමින් නව ආයෝජන කලාප ස්ථාපිත කිරීමට යෝජනා කරන අතර මෙම විශේෂිත ආයෝජන ප්‍රවර්ධන කලාප යටිතල පහසුකම් සංස්ථාව හරහා පාලනය කිරීමට යෝජනා කරනවා.
ඵලදායිත්වය නංවාලීම හා නිෂ්පාදන ආර්ථිකය හසුරුවාලීම
2023 අයවැය කතාවෙන් මා සඳහන් කළ පරිදි ජාතික ඵලදායිතා කොමිෂන් සභාවක් පිහිටුවීම සඳහා දැනටමත් නීති කෙටුම්පත් කර අවසානයි. 2024 වන විට මේ කොමිෂන් සභාව පිහිටුවීමට නියමිතයි. මේ සඳහා රුපියල් මිලියන 150 ක ප්‍රතිපාදන 2024 වසරේ වෙන් කරනු ලබනවා.
ඩිජිටල් ආර්ථිකයක් කරා
වසර 2030 වන විට ඩිජිටල් ආර්ථිකය කරා යාමේ දී පහසුකම් සැලසීම සඳහා රාජ්‍ය අංශයේ තොරතුරු තාක්ෂණයට අදාළ සංවිධානාත්මක ව්‍යුහය ප්‍රතිව්‍යුහගත කිරීමට මා යෝජනා කරනවා. ඒ අනුව, රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කිරීම සඳහා අවශ්‍ය නායකත්වය හා මඟ පෙන්වීම සැපයීම වෙනුවෙන් පූර්ණ බලතල සහිත ඩිජිටල් අධිකාරියක් පිහිටුවීමට කටයුතු කරනවා.
මීට අමතරව, රාජ්‍ය අංශය, විශේෂඥ ආයතන හා සිවිල් සමාජය සම්බන්ධීකරණයෙන් තාක්ෂණික නවෝත්පාදනය දිරිගැන්වීම උදෙසා තාක්ෂණික නවෝත්පාදක සභාවක් පිහිටුවීමටද මා යෝජනා කරනවා. එසේම ඩිජිටල් තාක්ෂණයේ නවතම ප්‍රවණතාව වන කෘත්‍රිම බුද්ධිය පදනම් කර, ආර්ථික හා සමාජයීය පරිවර්තනයක් සිදු කිරීම අරමුණු කර ගනිමින් කෘත්‍රිම බුද්ධිය පිළිබඳ ජාතික මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමටද කටයුතු යොදනවා.
මෙම කාර්යයන් සඳහා ඉදිරි වසර සඳහා රුපියල් බිලියන 3ක මුදලක් වෙන්කරනවා.
මෙම යටිතල පහසුකම් සඳහා තීරණාත්මක කොඳු නාරටිය වනුයේ ශ්‍රී ලංකා ‐ ඩිජිටල් අනන්‍යතාවය සංවර්ධනය කිරීමයි. මෙම අරමුණ කරා ළඟාවීම සඳහා පියවර ගෙන ඇති අතර 2024 වසර තුළ දී එය අවසන් කිරීමට අපේක්ෂා කරනවා.
…………………………………………………………………………………………………….
ආර්ථික අර්බුදයෙන් පසු සංචාරක කර්මාන්තය ප්‍රගතියක් ලබමින් තිබෙනවා
සංචාරක ක්ෂේත්රයේ මූලික අවශ්‍යතා සපිරීමේ වගකීම් පළාත් සභාවන් වෙත පවරනවා. ඒ සඳහා පළාත් සංචාරක මණ්ඩල ශක්තිමත් කරනවා. අදාළ යටිතල පහසුම්
සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 750ක මුදලක් වෙන් කරනවා.
බදුල්ල හෘද පෙණහලු පුනර්ජීවන ඒකකය සඳහා රු. මිලියන 300ක මුදලක්
කිරි නිෂ්පාදනය වසර 5ක් තුළ සියයට 53කින් ඉහළ නැංවීමට විශේෂ වැඩපිළිවෙළක්
ශ්‍රී ලංකාව ශක්තිමත් රටක් ලෙස නැඟී සිටීම සඳහා ජාතික සන්නාමකරණයක් සඳහා රු. මිලියන 100ක්
සියලුම පාර්ශ්වකරුවන් සමඟ එකතුව සකසන ජාතික සැපයුම් ප්‍රතිපත්තියක්
යාපනයේ ජල ප්‍රශ්නයට විසඳුම් සෙවීමට රුපියල් මිලියන 250ක්
පුනරින් නගරය සංවර්ධනය සඳහා රු. මිලියන 500ක්
ශ්‍රී ලංකාවේ පර්යේෂණ සඳහා
ජාතික පර්යේෂණ ප්‍රතිපත්තිය
පර්යේෂණ සහ සංවර්ධනය, තාක්ෂණික දියුණුව සහ නවෝත්පාදනයන්, ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කිරීමේ දී සහ ආර්ථික ප්‍රගතිය සහ සමාජ යහපැවැත්ම සඳහා සහාය වීමේ දී උත්ප්‍රේරකයක් ලෙස වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. ඒ කරුණු පදනම් කර ගනිමින් ජාතික පර්යේෂණ ප්‍රතිපත්තියක් සැකසීමට මා යෝජනා කරනවා. මේ සඳහා රුපියල් බිලියන 8ක් වෙන් කරනවා.
සංචාරක ව්‍යාපාරය
ආර්ථික අර්බුදයෙන් පසු සංචාරක කර්මාන්තය ප්‍රගතියක් ලබමින් තිබෙනවා. අප රටේ පිහිටීම, දේශගුණය සහ අතීත උරුමයන් පසුබිම් කර ගනිමින් සංචාරක ක්ෂේත්රයේ වෙනස්කම් ගණනාවක් අප සිදු කළ යුතුයි. හෝටල් කාමර කුලියට දීම, මුහුදු වෙරළ අත්දැකීම් විඳින්නට අවකාශ සැලසීම හා සීගිරිය පෙන්වීම වැනි සාම්ප්‍රදායික කාර්යයන් අභිභවමින් නව සංචාරක සංස්කෘතියක් අප නිර්මාණය කර ගත යුතු වෙනවා. ඒ සඳහා පදනම දැමෙන පියවර ගණනාවක් මේ අය වැය ලේඛනයට ඇතුළත් වෙනවා.
සංචාරක ක්ෂේත්රය ප්‍රවර්ධනය පිණිස නව ස්වරූපයෙන් දිගුකාලීන වැඩසටහනක් “විසිට් ශ්‍රී ලංකා” යටතේ 2024 සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා. අපගේ අපේක්ෂාව වසරකට අඩුම තරමින් මිලියන පහකවත් සංචාරකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමයි. මේ සඳහා පහසුකම් සැලසීමට රජයත්, පළාත් සභා හා පළාත් පාලන ආයතනත් වැඩකටයුතු රාශියක් සිදු කළ යුතුයි. එමෙන්ම, සංචාරක ක්ෂේත්රය සම්බන්ධයෙන් නව නීතියක් ද සම්මත කර ගැනීමට අප ක්‍රියා කරනවා මේ කාර්යයන් සඳහා රුපියල් බිලියනයක ප්‍රතිපාදන ලබා දෙනවා.
සංචාරක ක්ෂේත්රයේ මූලික අවශ්‍යතා සැපිරීමේ වගකීම් පළාත් සභාවන් වෙත පවරනවා. ඒ සඳහා පළාත් සංචාරක මණ්ඩල ශක්තිමත් කරනවා. අදාළ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 750 ක මුදලක් වෙන්කරනවා. මුදල් කොමිෂන් සභාව හරහා ඊට අවශ්‍ය සහාය පළාත් සභා වෙත ලබා දෙනවා.
රජයට අයත් නිවාඩු නිකේතන සහ සංචාරක බංගලා 720 කට වැඩි ප්‍රමාණයක් තිබෙනවා. මේ මඟින් ආසන්න වශයෙන් කාමර 3,750 ක් සැපයිය හැකියි. රජයේ නිවාඩු නිකේතන නවීකරණය කර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය සඳහා යොදා ගනිමින් දෙස් විදෙස් සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කිරීමට ද මා යෝජනා කරනවා. මෙම සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 600ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා .
පින්නවල‐කිතුල්ගල
සංචාරක කොරිඩෝව
කිතුල්ගල ජල ඔරු පැදීමේ ප්‍රදේශය, පින්නවල අලි අනාථාගාරය සහ ඒ වටා ඇති අනෙකුත් සංචාරක ආකර්ෂණයන් සහිත ස්ථාන සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කරනවා. මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන පිවිසුම ඒ සඳහා උපයෝගි කර ගන්නවා. යෝජිත ගලිගමුව නව නගරය මෙම සංචාරක කලාපයේ කේන්ද්‍රස්ථානය ලෙස ප්‍රවර්ධනය කරනවා. වසර 3 ක කාලයක් තුළ මෙම ව්‍යාපෘතිය ඒකාබද්ධ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 750 ක මුදලක් වෙන් කරනවා.
නිර්මාණාත්මක ආර්ථිකය
නිර්මාණශීලිත්වය, සංස්කෘතිය හා සමාජය තුළ වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. නිර්මාණාත්මක ආර්ථිකයේ පදනම තාක්ෂණය සහ නවෝත්පාදනයයි. ඒ නිසා, නිර්මාණාත්මක අවකාශයන්, කර්මාන්ත සහ උගතුන් අතර සහයෝගිතාව ඇති කිරීමට පෙරමුණ ගැනීමට මම අදාළ පාර්ශ්වකරුවන්ට ආරාධනා කරනවා. ශ්‍රී ලංකාවේ නිර්මාණාත්මක ආර්ථිකය ගොඩනැංවීම සඳහා සහාය වීමට රජය සූදානමින් සිටිනවා.
ගිග් ආර්ථික කටයුතු
භාණ්ඩ හා සේවාවන්හි දේශසීමා හරහා සිදු කරනු ලබන ගනුදෙනු ඇතුළු ගිග් ආර්ථික ක්‍රියාකාරකම් සහ විද්‍යුත් වාණිජමය ගනුදෙනුවල නව ප්රවණතාවන් සැලකිල්ලට ගෙන, දේශසීමා හරහා සිදු කරනු ලබන ගනුදෙනු ඇතුළුව ගිග් ආර්ථිකය සහ විද්‍යුත් වාණිජ ගනුදෙනු සඳහා පහසුකම් සැලසීම සඳහා සරල ප්‍රතිපත්ති සහ නියාමන රාමුවක් හඳුන්වා දීමට යෝජනා කරනවා. එය ගෙවීම් ක්‍රමවේදය, රාජ්‍ය මූල්‍ය ආදායම, සේවක සුබසාධනය යන අංශ ආවරණය කරනවා.
හරිත ආර්ථිකය
අනාගතයට ශක්තිමත්ව මුහුණ දීමටනම් අප හරිත ආර්ථිකයක් ශ්‍රී ලංකාවේ නිර්මාණය කළ යුතුයි. තිරසර සංවර්ධන න්‍යාය පත්‍රයේ ඉදිරි දර්ශනය සඳහා පදනම් වෙන්නේ දේශගුණික සෞභාග්‍ය සැලැස්මයි.
මහා භාණ්ඩාගාරයේ දේශගුණික මූල්‍යකරණ ඒකකයක් ඇති කිරීමෙන්ද, ජනාධිපති කාර්යාලයේ දේශගුණික විපර්යාස සම්බන්ධ කාර්යාලයක් ඇති කිරීමෙන් ද, ශ්‍රී ලංකාවේ දේශගුණික සෞභාග්‍ය සැලැස්ම ක්‍රියාත්මක කිරීමට සහාය වන ආයතනික ව්‍යුහය නිර්මාණය කිරීමට පියවර ගනිමින් සිටිනවා.
ජාත්‍යන්තර දේශගුණ විපර්යාස විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීමට කොත්මලේ ජලාශයට ඔබ්බෙන් ඉඩම් අක්කර 600 ක් අප වෙන් කර තියනවා.
හරිත හයිඩ්රජන්, හරිත ඇමෝනියා සහ සූර්ය හා සුළං ඇතුළත් පුනර්ජනනීය ශක්ති ප්‍රභවයන් සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකාව දැඩි ප්රයත්නයක යෙදී සිටිනවා.
ළඟදීම දේශගුණික විපර්යාස කොමිසමක් පිහිටුවීමට අප ක්‍රියා කරනවා.
කාලගුණික විපර්යාස හේතුවෙන් ආසියානු කලාපයේ රටවල් කිහිපයක අනාගතයේ දී ආහාර හිඟ වීම ඇති විය හැකි බවට පුරෝකථනය කර තියෙනවා. මෙම තත්ත්වය යටතේ අනාගත ආහාර සුරක්ෂිතභාවය සහ හිඟයකින් තොරව පාරිභෝගිකයින්හට අත්‍යවශ්‍ය ආහාර සැපයීම තහවුරු කිරීමට සහ ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේ යෙදී සිටින සුළු හා මධ්‍ය පරිමාණ සැකසුම්කරුවන්ට අවශ්‍ය තාක්ෂණික සහ අනෙකුත් පහසුකම් සැලසීමට සුදුසු වැඩසටහනක් දියත් කිරීම සඳහා රුපියල් මිලියන 250 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.
අපට බිහි කරන්නට අවශ්‍ය ගහකොළ, පරිසරය සුරකින හරිත ආර්ථිකයක්..!
අපට බිහි කරන්නට අවශ්‍ය ගහකොළට, පරිසරයට ආදරය කරන හරිත සමාජයක්…!
හරිත ආර්ථිකයක් සහ හරිත සමාජයක් බිහි කරන හරිත අයවැයක් ඉදිරිපත් කරන්නට අපට පුළුවන් වුණා. එය රටේ අනාගතය ශක්තිමත් කරන හරිත අයවැයක්.
මේ හරිත අයවැය අලූත් ආර්ථිකයක් සඳහා ප්‍රවේශයක්. සවිමත් අනාගතයකට පෙරවදනක්. සමජීවිකතා සංකල්පය තහවුරු කිරීමක්.
සමාප්තිය
ප්‍රශ්න ගණනාවක් මැද්දේ වුවත් රටේ අනාගතය ශක්තිමත් කරන අයවැයක් ඉදිරිපත් කරන්න අපට පුළුවන් වුණා. හැබැයි මේ ගමනේ දී මුහුණ දිය යුතු, ජයගත යුතු තවත් ප්‍රශ්න ගණනාවක් අප ඉදිරියේ තියෙනවා. මේ ප්‍රශ්නවලට සුන්දර උත්තර නෑ. සුරංගනා ලෝක මැවීමෙන් මේ ප්‍රශ්න විසඳෙන්නේ නෑ. අප ක්‍රමානුකූලව, විද්‍යාත්මකව මේ ප්‍රශ්නවලට උත්තර සෙවිය යුතුයි. සමජීවිකතා සංකල්පය නොබිඳිමින් මේ ප්‍රශ්න විසඳා ගත යුතුයි. අප දැන් සිදු කරමින් සිටින්නේ අන්න ඒ අභියෝගාත්මක කාර්යයයි.
විපක්ෂයේ සමහර කණ්ඩායම් යෝජනා කරන පරිදි අප අනුගමනය කරන මේ පිළිවෙත නවතා දැමුවොත් සිදු වන්නේ කුමක්ද? එසේත් නැතිනම් මේ පිළිවෙතට බාධා කොට කඩාකප්පල් කර දැමුවොත් සිදු වන්නේ කුමක්ද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇතිව සිදු කරන ප්‍රතිසංස්කරණ මාලාව නවතිනවා. එහෙම වුණොත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මෙහෙයුම ඇනහිටිනවා. විශ්වාසය පලුදු වී විදේශ විනිමය දේශීය බැංකු පද්ධතියට ගලා ඒම නතර වෙනවා. විදේශ විනිමය හිඟ වීමත් සමඟම අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟ වෙනවා. විදුලි බල කප්පාදුව, ඉන්ධන හිඟය යළිත් ඇති වෙනවා. බඩු මිලත්, උද්ධමනයත් හිතා ගන්නට බැරි තරමට ඉහළ නැංවෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩසටහන මාර්තු මාසයේ අනුමත වූ දා සිට අපට යළි ලැබෙන්නට පටන් ගත් විදේශීය මූල්‍ය ආදායම් නැවතෙනවා. යළිත් පොලී අනුපාත ඉහළ දමමින් දේශීය වෙළෙඳපොළෙන් තව තව ණය ගැනීමට රජයට සිද්ධ වෙනවා.
එහෙම වුණොත් අපි නැවතත් ආර්ථික අපායට ලිස්සා ඇද වැටෙනවා. අපේ ආර්ථිකය යළි කෙළින් කරන්න බැරි අන්දමට පීලි පනිනවා. මතක තියාගන්න. ආපහු එහෙම වුණොත් ශ්‍රී ලංකාව බේරා ගැනීමට ලෝකයේ කිසිවෙකු ඉදිරිපත් වෙන්නේ නැහැ. අපේ බාහිර ණය හිමියන් වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු සියලු පාර්ශ්වයන් අප ගැන තබා ඇති විශ්වාසය කඩවෙනවා.
අපිට උරුම වෙන්නේ ලෙබනනය වැනි රටකට අත්පත් වූ අවාසනාවන්ත තත්ත්වයයි.
එවැනි තත්ත්වයකට යළි ඇද නොවැටීම නම් අපේ රටේ ආර්ථික හා දේශපාලන ක්‍රමය අලුතෙන් නිර්මාණය කළ යුතුයි. අලුත් සමාජ සම්මුතියක් ඇති කර ගත යුතුයි. මේ අය වැය ලේඛනයෙන් අප කළේ ඊට පදනම දැමීමයි.
තව දුරටත් අනුන්ගෙන් යැපෙන ජාතියක් බවට පත් වෙන්නට අපට බැහැ. නිදහසෙන් පසු අපේ මුල්ම සංවර්ධන ව්‍යාපෘතිය වූ ගල්ඔය ව්‍යාපාරය අප සිදු කළේ අපේම මුදල්වලින්. ඒ කාලයේ අප බ්‍රිතාන්‍යටත් ණය ලබා දුන්නා. ඒත් අද අපි මුළු ලෝකය ඉදිරියේ හිඟා කනවා. ඊළඟ පරපුරට අප ලබා දිය යුත්තේ හිඟන උරුමයක් ද? නැතිනම් සාඩම්බර හිමිකමක් ද?
ඉතින් මා මේ ගරු සභාවේ සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින්නේ රට යළි ගොඩනැංවීමේ වැඩපිළිවෙළට එක්වෙන ලෙසයි. අපේ වැඩපිළිවෙළට වඩා යහපත් වැඩපිළිවෙළක් ඇත්නම් එය මේ සභාවට සවිස්තරාත්මකව ඉදිරිපත් කරන්න. අප සාකච්ඡා කරමු. වඩාත් සුදුසු වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරමු. අපේ අනාගත පරම්පරාවට සාඩම්බර හිමිකමක් උරුම කරමු.
මෙවර අය වැය ඉදිරිපත් කිරීම සඳහා ගරු අග්‍රාමාත්‍යතුමන් විසින් ලබා දෙන ලද මඟපෙන්වීම් වෙනුවෙන් මම විශේෂයෙන් ස්තුතිය පළ කරනවා. රාජ්‍ය අමාත්‍ය ගරු රංජිත් සියඹලාපිටිය සහ ගරු ශෙහාන් සේමසිංහ මැතිතුමන්ලා හැමවිටම මට උපරිම සහායක් ලබා දෙනවා. ඔවුන් දෙදෙනාටත් ස්තුතියි. මෙවර අය වැය සඳහා මේ සභාවේ ගරු මන්ත්‍රීතුමන්ලා ඇතුළු රාජ්‍ය සහ පුද්ගලික අංශයේ බොහෝ දෙනෙක් අදහස් හා යෝජනා ලබා දුන්නා. ඔවුන්ටත් මගේ ස්තුතිය පළ කරනවා.
ගරු අමාත්‍ය මණ්ඩලයේ සහෘදයන්ටත් සහාය ලබා දුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් මාගේ කෘතඥතාව පළ කරනවා. දැඩි පරිශ්‍රමයක් දරමින් අය වැය සකස්කර දුන් භාණ්ඩාගාර ලේකම්තුමා සහ අනෙකුත් රාජ්‍ය නිලධාරින්ටත්, මගේ කාර්ය මණ්ඩලයටත් ස්තුතිවන්ත වෙනවා. මෙම යෝජනා සමඟ රටට අලුත් අනාගතයක් නිර්මාණය කිරීමට එක්වන ලෙස පක්ෂ විපක්ෂ සියලු දෙනාගෙන් මම ඉල්ලා සිටිනවා.
ස්තුතියි !