491
අය-වැයේ ඇති සහාය දැක්විය හැකි සියලු යෝජනාවලට තම පක්ෂය සහාය දෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (13) පස්වරුවේ ඉදිරිපත් කළ අය-වැය කතාව සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවැසීය.
අය-වැය පිළිබඳ අධ්‍යයනය කිරීමෙන් මිස එකවර කිසිවක් කිව නොහැකි බවත් අය-වැය සම්බන්ධයෙන් පක්ෂයේ මතය මේ මොහොතේ කිව නොහැකි බවත් ඒ සම්බන්ධයෙන් පක්ෂය සාකච්ඡා කළ යුතු බවත් හෙතෙම කීවේය.
අය-වැය සම්බන්ධයෙන් තමාගෙන් අදහස් විමසීමක් නොකළ බව පැවැසූ මහින්ද රාජපක්ෂ මහතා පක්ෂයේ අය සහභාගි වූයේ දැයි තමන් නොදන්නා බව ද පැවැසීය.
නුවන් කොඩිකාර