Home » ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද කොප් කමිටුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද කොප් කමිටුවට

by yasara
November 14, 2023 9:33 am 0 comment

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (14) පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙයි.

අද (14) පස්වරු 2.00 ට මෙම කැඳවීම සිදු කර ඇති බව කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් ගැටලුවක් පවතීනම් ඒ පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට යොමු කරන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට පසුගිය 10 වැනි දා පාර්ලිමේන්තුවේ දී දැනුම් දුන්නේ ය.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද මෙලෙස කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT