Home » දියවැඩියාව පාලනය සහ වැළැක්වීම…

දියවැඩියාව පාලනය සහ වැළැක්වීම…

by sachintha
November 14, 2023 1:00 am 0 comment

දියවැඩියා රෝගය මෑත භාගය වන විට වංසගත තත්ත්වයක් බවට පත්ව තිබේ. මැදි වයසේ අය බහුලව මෙම රෝගයට ගොදුරු වී ඇති බව පෙනේ. නිසි රෝග පාලනය මගින් සංකූලතාවයන්ගෙන් මිදී යහපත් ජීවිතයක් ගත කළ හැකි වේ.

දියවැඩියා පාලනයේදී කරුණු 3 ක් කෙරෙහි අවධානය යොමු කළ යුතුය.

1. රෝගියාගේ තත්ත්වය

2. වෛද්‍ය වරයාගේ හැකියාව

3. පාරිසරික හේතු

දියවැඩියාව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදේ

1. Type I පළමු පෙළ

2. Type II දෙවන පෙළ

මෙහිදී බහුල ලෙස දැකිය හැක්කේ II වන වර්ගයේ දියවැඩියාවයි. නවීන දත්ත අනුව 70% ක් පමණ රෝගීන් මෙම කාණ්ඩයට අයත් වේ. පළමු වර්ගයේ දියවැඩියාව බහුලව නැති වුවත් එමගින් ඇතිවන සංකූලතා ඉතා භයානක වන්නට ඉඩ ඇත. තවද ගර්භනී අවදියේ දී ඇතිවන දියවැඩියාව Type III ලෙස නම් කළ හැකිය. දියවැඩියා රෝගීන්ට ප්‍රතිකාර කරන විට ඔවුන්ට වැළඳී ඇත්තේ කුමන වර්ගයේ දියවැඩියා රෝගයද යන්න හඳුනා ගැනීම ඉතා වැගත්ය.

I වන වර්ගයේ දියවැඩියාව (Type I)

පෙතිවලින් පාලනය කළ නොහැක. ඉන්සියුලින් මත පමණක් වේ.

II වන වර්ගයේ දියවැඩියාව (Type II)

පෙතිවලින් පාලනය කළ හැක. අවශ්‍ය වුවහොත් ඉන්සියුලින්ද භාවිත කරයි.

III වන වර්ගයේ දියවැඩියාව (Type III)

ගර්භනී අවදියේදී ඇතිවන දියවැඩියාව පාලනය කළ හැක්කේ ඉන්සියුලින්වලින් පමණි.

Type I වර්ගයේ දියවැඩියා රෝගීන් බොහෝ විට කෘෂ ශරීරවලින් යුතු අයයි. ඔවුන්ගේ රුධිර සාම්පල පරීක්ෂා කිරීමේදී ඉන්සියුලින් ඉතා අඩු මට්ටමක ඇති බව පෙනෙයි. එසේම ඉතාම ස්ථූල ශරීර ඇති අය Type I ලෙස බොහෝ අනුමාන කළත් ඔවුන්ගේ Insiulin Antibodies පරීක්ෂා කළ විට ඔහු හෝ ඇය Type II ලෙස හඳුනා ගත් අවස්ථා එමටය.

ඉහත සඳහන් කරුණුවලින් හැඟෙන්නේ විවිධ වූ දියවැඩියා වර්ගයන් හඳුනා ගැනීමය. මෙය එතරම් සරල දෙයක් නොවන බව බටහිර රටවල විද්‍යාඡයන් සොයා ගෙන ඇත. කුමන වර්ගයේ දියවැඩියා රෝගියකු වුවද නිශ්චිතවම හඳුනා ගැනීම සඳහා අවශ්‍ය රුධිර පරීක්ෂණ කිරීමෙන් ඔහුට හෝ ඇයට කළයුතු ප්‍රතිකාර හා ලබා දිය යුතු ඖෂධ දක්ෂ වෛද්‍යවරයකුට පහසුවෙන් කළ හැක. එසේ වූ විට රෝගියකුට ඇති විය හැකි සංකූලතා වන අක්ෂි රෝග, හෘද රෝග, වකුගඩු ආබාධ, පාද, ස්නායු අබාධවලට භාජනය නොවී සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කළ හැකිය.

දියවැඩියාව සහ වකුගඩු රෝග

දියවැඩියාව නිසා වකුගඩු නරක් වීම රෝගයේ මුල් අවස්ථාවේ සිට ඇති විය හැක. කෙසේද යත් දියවැඩියා රෝගය මුලදී පරීක්ෂා කරන විට 20% ක් පමණ රෝගීන්ගේ වකුගඩු වල අක්‍රීය බවක් දැකගත හැක. එයට හේතුව මුත්‍රාවල ඇල්බියුමින් සාන්ද්‍රණය වැඩිවීමයි. බොහෝ දියවැඩියා රෝගීන්ගේ මරණය සිදු වනුයේ ඔවුන්ගේ වකුගඩු දුර්වල වීමෙන් බව සොයාගෙන තිබේ. එම නිසා වකුගඩු පරීක්ෂා කිරීමේ වැදගත් කම ඉන් පිළිබිබු වේ. එලෙසට වකුගඩු දුර්වල නොමැති රෝගීන්ගේ අවුරුද්දට 2 ක් වරක්වත් මුත්‍රා පරික්ෂා කිරීම වැදගත් වේ. දියවැඩියාව නිසා වකුගඩු හානි වූ විට ඇති වන රෝග ලක්ෂණ නම් :

පාද ඉදිමීම, රුධිර පීඩනය වැඩවීම, කෑම අරුචිය වැනි ලක්ෂණ පෙන්නුම් කරයි. එසේ වූ රෝගීන් වකුගඩු සම්බන්ධ විශේෂඥ වෛද්‍ය වරයෙකුට යොමු කිරීම වැදගත් වේ. මෙම රෝගය උච්චතම අවස්ථාවට පැමිණෙන විට Dialysis යන ප්‍රතිකාරය කරනු ලැබේ. එහි සාර්ථකත්වය අඩු නම් වකුගඩු බද්ධ කිරීමට සිදුවේ.

දියවැඩියාව සහ හෘද රෝග

දියවැඩියා රෝගයේදී ඇතිවන සංකූලතා අතර හෘද රෝග ඉතාමත් අහිතකර දෙයක් බව කිව හැකිය. මෙහිදී රෝගියකුගේ ක්‍ෂණික මරණය පවා සිදු විය හැකිය. 70% ක් පමණ රෝගීන් හෘද ආබාධ සහිත වීමට ඉඩ කඩ ඇත. එම නිසා රෝගය වැලඳුණු වහාම අවශ්‍ය පරික්ෂණ කරගැනීම උචිතය. හෘදයාබාධ රෝග ලක්ෂණ අතර අධික රුධිර පීඩනය, ලේවල කොලෙස්ටරෝල් ප්‍රමාණය, හතිගතිය ආදී ලක්ෂණ වේ. ඉහත කී ලක්ෂණ ඇත්නම් සුදුසු පරීක්ෂණ සඳහා යොමු වීම වැදගත් වේ. එසේම එ් සඳහා සුදුසුකම් ලත් හෘද රෝග විශේෂඥයන් හා සම්බන්ධ වීම සුදුසුය.

එම නිසා හෘද රෝගයක් සම්බන්ධ පිටින් රෝග ලක්ෂණ පෙන්නුවත් ශරීරයේ ඇතුළත හෘදයාබාධයක් ඇතැයි සිතීම අසීරුය. එම නිසා හෘද රෝගයක් හඳුනා ගැනීම සඳහා මෙම පරීක්ෂණ කළ යුතුයි.

1. ECG පරීක්ෂණය

2. ECO පරීක්ෂණය

3. EXocosice ECG පරීක්ෂණය

සෑම දියවැඩියා රෝගියකුටම රෝගය කොපමණ කල් තිබුණත් මෙම පරීක්ෂණ කර ගැනීම වැදගත්ය.

දියවැඩියාව නිසා පාදවලට වන බලපෑම්

දියවැඩියා රෝගීන්ගේ පාදවලට රුධිර සැපයුම අඩු නිසා සුළු තුවාලයක් වුවත් සුව නොවන තත්ත්වයට පත් විය හැක. නිසි ප්‍රතිකාර නොකළ හොත් පාද අහිමි වීමටද ඉඩ ඇත.

දියවැඩියාව නිසා පාදවලට වන බලපැම්.

1. පාද හිරිවැටීම

2. පාදවල වේදනාව

3. පාද කුඩා වීම

ආදී ලක්ෂණ ඇති රෝගීන් දියවැඩියාව පාද පරීක්ෂාව ගැන පරික්ෂණ කර ගත යුතුය. එමගින් පාද අහිමි වීම පවා වැළැක්විය හැක.

දියවැඩියාව සහ ස්නායු රෝග

දියවැඩියාව නිසා ස්නායුවලට බලපෑම් ඇතිවිය හැක. එහිදි පාදවල ස්නායුවලට ඇතිවන බලපෑම විශේෂ වේ. ඇවිදින විට පාදවලින් වන වේදනාව හා හිරිවැටීමද පාද අප්‍රාණික ගතිය. සීතල ස්වභාවය ආදී ලක්ෂණ මතු වේ. එවිට වහාම වෛද්‍යවරයකු හා සම්බන්ධ වී ප්‍රතිකාර ගත යුතුය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT