Tuesday, May 6, 2025
Home » රෝමයේ සර්කස් කණ්ඩායමෙන් පැන ගිය සිංහයා පැය 5කට පසු කොටුවෙයි

රෝමයේ සර්කස් කණ්ඩායමෙන් පැන ගිය සිංහයා පැය 5කට පසු කොටුවෙයි

by sachintha
November 14, 2023 12:38 am 0 comment

ඉතාලියේ රෝමයට ආසන්නයේ පිහිටි ලැඩිස්පෝලි නුවර සර්කස් කණ්ඩායමකින් පැන ගිය සිංහයකු පැය 5කට පසු නැවත කොටුකර ගැනීමට හැකි වූ බව ලැඩිස්පෝලි නගරාධිපතිවරයා නිවේදනය කර ඇතැයි වාර්තා වේ.

පෙරේදා පස්වරුවේ එම සර්කස් කණ්ඩායමෙන් පැන ගිය කිම්බා නමැති මේ සිංහයා පැය 5කට අධීක කාලයක් නගරයේ මංමාවත්වල නිදැල්ලේ හැසිරී ඇති අතර, රාත්‍රී 10.00ට පමණ අල්ලා ගැනීමෙන් පසු යළි සර්කස් කණ්ඩායමට භාර දී ඇතැයි ද වාර්තා වේ.

සිංහයා පැන යෑමේ නිවේදනය නිකුත් වීමෙන් පසු ලැඩිස්පෝලි නුවර ජනතාව දැඩි භීතියට පත්ව නිවාසවලින් බැහැර නොගොස් ආරක්ෂාකාරීව සිටි බව ද වාර්තා වේ. මේ සම්බන්ධව ලැඩිස්පෝලි පොලිසිය විමර්ශනයක් ද ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT