Home » බදු වංචාවට වැරදිකරු වූ ජපානයේ නියෝජ්‍ය මුදල් ඇමැති නෙරපයි

බදු වංචාවට වැරදිකරු වූ ජපානයේ නියෝජ්‍ය මුදල් ඇමැති නෙරපයි

by sachintha
November 14, 2023 12:38 am 0 comment

බදු ගෙවීම් සම්බන්ධව චෝදනා ලැබූ ජපානයේ නියෝජ්‍ය මුදල් ඇමැති කෙන්ජි කන්ඩා තනතුරෙන් නෙරපා හැරීමට අගමැති ෆුමියෝ කිෂීඩා පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

නියෝජ්‍ය මුදල් ඇම­ැතිවරයා බදු වංචා කළ බවට මාධ්‍ය වාර්තා මඟින් අනාවරණය කර තිබූ අතර, නියෝජ්‍ය මුදල් ඇමතිවරයා එය පිළිගැනීමෙන් පසු අගමැති ෆුමියෝ මේ පියවර ගත් බව එරට මාධ්‍ය වාර්තා කළේය.

නියෝජ්‍ය මුදල් ඇමතිවරයා ජපාන රජයේ බැඳුම්කර සහ මූල්‍ය ප්‍රතිපත්ති භාරව සිටි අතර, අගමැති ෆුමිකෝ සිය කැබිනට් මණ්ඩලය සංශෝධනය කිරීමෙන් පසු මාස දෙකක් ඇතුළත අමාත්‍ය ධුරය අහිමි වූ තුන්වැනි පුද්ගලයා බවට පත් විය.

ඊට පෙර පසුගිය මාසයේ අගභාගයේදී අසම්මත පෙම් සබඳතාවක පැටලී සිටි එරට අධ්‍යාපන හා පශ්චාත් ආපදා ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය ඇමති ටාරෝ යමාඩාට සහ මැතිවරණ නීති උල්ලංඝනය කළ බවට චෝදනා එල්ල වූ අධිකරණ නියෝජ්‍ය ඇමැති මිටෝ කකිසාවාට තනතුරු අහිමි වී තිබිණි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT