Home » ගැඹුරු මුහුදේ ගිනි කන්දක් සක්‍රිය වී ජපානයේ අලුත් දූපතක් මතුවෙයි

ගැඹුරු මුහුදේ ගිනි කන්දක් සක්‍රිය වී ජපානයේ අලුත් දූපතක් මතුවෙයි

by sachintha
November 14, 2023 12:39 am 0 comment

ජපාන ගැඹුරු මුහුදේ ගිනි කන්දක් පසුගියදා සක්‍රිය වීමෙන් පසු නව දූපතක් මතු වී ඇතැයි ද, එම දූපත චන්ද්‍රිකා තාක්ෂණයෙන් ද ඡායාරූපගත වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පැසිෆික් සයුරේ පිහිටි ජපානයට අයත් ඉවෝ ජිමා දූපතට කිලෝමීටරයක් පමණ දුරින් ඉහළට එම කුඩා දූපත මතු වී ඇත්තේ දින 10ක් පුරා ගැඹුරු මුහුදේ ගිනි කන්ද සක්‍රිය වෙමින් වරින් වර පිපිරී යෑමෙන් පසුව බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ගිනි කන්ද පිපිරී යෑමෙන් විශාල ගල් කුට්ටි ද අහසට විසි වී ඇති අතර, අළු සහ පාෂාණ මුහුද මතුපිට ගොඩ ගැසී තිබූ බවත් යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය නිවේදනය කර ඇත. ඉවෝ ජිමා දූපත පිහිටා ඇත්තේ ටෝකියෝ නුවර සිට කිලෝමීටර් 1200ක් පමණ දකුණු පසිනි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT