Home » උත්තර්කාන්ඩ් ප්‍රාන්තයේ උමං මාර්ගයක් කඩා වැටී සේවකයෝ 40ක් සිර වෙති

උත්තර්කාන්ඩ් ප්‍රාන්තයේ උමං මාර්ගයක් කඩා වැටී සේවකයෝ 40ක් සිර වෙති

by sachintha
November 14, 2023 12:40 am 0 comment

ඉන්දියාවේ උත්තර්කාන්ඩ් ප්‍රාන්තයේ ඉදි කරමින් තිබුණු උමං මාර්ගයක් කඩා වැටීමෙන් සේවකයන් 40 දෙනකු සිර වී සිටින බව එරට මාධ්‍ය වාර්තා කළේය. පොලිසිය සමඟ එක්ව ඉන්දීය රජයේ ආපදා සහන බළකාය ඔවුන් මුදා ගැනීමට දිවා රාත්‍රී මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ.

කඩා වැටී ඇත්තේ උත්තර්කාන්ඩ් ප්‍රාන්තයේ සිල්ක්යාරා පළාතේ සිට ඩන්ඩල්ගෝන් පළාත දක්වා දිවෙන උමං මාර්ගයේ මීටර් 150ක පමණ කොටසක් බවත්, එම කොටසේ පස් ඉවත් කරමින් සේවකයන් පිරිස මුදා ගැනීමට මෙහෙයුම් වේගවත් කර ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කළේය.

මේ වන විට එම සේවකයන් සියලු දෙනාම නිරුපද්‍රිතව සිටින බවත්, ඔවුන්ට අවශ්‍ය ආහාරපාන සහ ඔක්සිජන් උමඟ තුළට සැපයීමට පියවර ගෙන ඇති බවත් ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT