Tuesday, May 6, 2025
Home » ඕනෑම ගැටුමකට මුහුණ දිය හැකි වන පරිදි නවීනතම තාක්‍ෂණයෙන් සන්නද්ධ විය යුතුයි

ඕනෑම ගැටුමකට මුහුණ දිය හැකි වන පරිදි නවීනතම තාක්‍ෂණයෙන් සන්නද්ධ විය යුතුයි

-ආරක්‍ෂක ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න

by sachintha
November 14, 2023 1:00 am 0 comment

වර්තමානයේ ඇතිව තිබෙන සහ අනාගතයේ ඇති විය හැකි විෂමාකාර මෙන්ම අනපේක්‍ෂිත ඕනෑම ගැටුමක් සඳහා මුහුණ දිය හැකි වන පරිදි අපගේ සන්නද්ධ හමුදා නවීනතම මෙවලම් සහ තාක්‍ෂණයෙන් සන්නද්ධ විය යුතු බව ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතා පැවසීය.

ඔහු මේ අදහස් පළ කළේ කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ඊයේ (13) පැවැති ශ්‍රී ලංකා හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණ විද්‍යාලයේ සාමාජික සහතිකය සහ හැඳුනුම්පත් ප්‍රදානය කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමිනි.

ආරක්‍ෂක ලේකම්වරයාගේ සංකල්පයකට අනුව පිහිටුවන ලද ශ්‍රී ලංකා හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණ විද්‍යාලය, ත්‍රිවිධ හමුදාවන්ටම පොදු ක්‍රමවේදයක් ඔස්සේ ක්‍රියා කිරීමට පහසුකම් සලසන අතර, අන්‍යොන්‍ය වෘත්තීය සහයෝගිතාව වැඩිදියුණු කරයි.

මේ උත්සවයේදී ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක් ආරක්‍ෂක ලේකම්වරයා අතින් ශ්‍රී ලංකා හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණ විද්‍යාලය සඳහා වන සාමාජික සහතිකය සහ හැඳුනුම්පත ලබාගත්හ.

යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, ශ්‍රී ලංකා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න, ශ්‍රී ලංකා හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණ විද්‍යාලයේ සභාපති ආචාර්ය රියර් අද්මිරාල් රවී රණසිංහ, ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති රියර් අද්මිරාල් ධම්මික කුමාර සහ ශ්‍රී ලංකා හමුදා ඉංජිනේරු හා තාක්ෂණ විද්‍යාලයේ උපදේශක ජෙනරල් රේණුක රොවෙල් (විශ්‍රාමික) ඇතුළු ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT