Home » කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ වල ජල මට්ටම ඉහළට

කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ වල ජල මට්ටම ඉහළට

by yasara
November 14, 2023 3:17 pm 0 comment

කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් එම ජලාශ දෙකේම ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වි ඇති බව එම ජලාශයන් භාර ඉංජිනේරුවරුන් පැවසිය.

 

කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 2.9 ක් සහ මවුස්සාකැලේ ජලාශය පිටාර මට්ටමට අඩි 3 ක් වශයෙන් ආසන්න වි ඇති බවත්, ජලාශයන් දෙකේම ජල මට්ටම 95% වඩා වැඩි වි ඇති නිසා විමලසුරේන්ද්‍ර , ලක්ෂපාන , නව ලක්ෂපාන , කැනියොන් සහ පොල්පිටිය යන ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බව විදුලි බලාගාර ඉංජිනේරුවන්ද පැවසිය

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT