373
කන්තලේ ජයන්තිගම ස්ථාපිත යුද හමුදා 222 බල සේනාවේ නව බල සේනාධිපති ලෙස කර්නල් ආර්.කේ.ඒ.ආර්.පී.රත්නායක මහතා පත් කර තිබේ. නව බල සේනාධිපති ආර්.කේ.ඒ.ආර්.පී. රත්නායක මහතා එම බල සේනා මූලස්ථානයේදී සිය ධුරයේ රාජකාරි ආරම්භ කළ අතර, ඒ මහතා වෙනුවෙන් කඳවුරු උත්තමාචාරයක් ද පිරිනැමුණි. රාජකාරි ආරම්භ කිරීම සංකේතවත් කරමින් ඒ මහතා කඳවුරැ පරිශ්‍රය තුළ පැළයක් රෝපණනය කළේය.
ත්‍රිකුණාමලය – අමදෝරු අමරජීව