219
මොනරාගල දිස්ත්‍රික්කයේ විවිධ සමාජසේවා කටයුතුවල නිරතව සිටින ස්වාමීන් වහන්සේ දෙනමක් ඇතුළු 18 දෙනකුට සාමවිනිසුරු පදවි පිරිනැමීම ඉකුත්දා (11) මොනරාගල පොකුණුගල පුරාණ මහා විහාරයේදී සිදු කෙරිණි. මෙම පත්වීම් මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාරසිරි රත්නායක මහතාගේ ඉල්ලීමක් මත අධිකරණ ඇමති ජනාධිපති නීතීඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා විසි සිදුකරනු ලැබ තිබිණි.
මෙම අවස්ථාවට පොකුණුගල පුරාණ විහාරයේ විහාරාධිපති කලවැල්ආරගම කස්සප ස්වාමීන්වහන්සේ ද වැඩම කර සිටියහ.
ඌව වෙල්ලස්ස විශේෂ ඩී.එස් ගුණතිලක