ග්ලිරිසීඩියා වගා ව්‍යාපෘති ආරම්භ කරමින්,
නැඟෙනහිර පළාතේ පාසල්වල හිස් ඉඩම්හි ග්ලිරිසීඩියා වගා කර රටේ පවතින විදුලි අර්බුදයට සහ ආර්ථිකය අර්බුදයට යම් පිළියමක් ගෙනෙන වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව නැඟෙනහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්, එච්.ඩබ්ලිව්.එම්.ජී. දිසානායක මහතා සඳහන් කළේය.
නැඟෙනහිර පළාතේ පාසල් 1100ක් පමණ තිබෙන බවත්, එම් ඉඩම්වල ග්ලිරිසීඩියා වගා කිරීමෙන් ඉදිරියේදී අපට මුහුණ දීමට සිදු වන ආර්ථික අර්බුදයට සහ දැඩි විදුලිය අර්බුදයට යම් විසඳුමක් ලැබෙන බවත්, එම තත්ත්වය අවම කර ගැනීමට නැඟෙනහිර පළාතේ පාසල් භූමිවල ග්ලිඩිසීරීයා වගා කිරීමේ ආදර්ශය රටටම ලබා දීම මහත් සතුටක් බව ද දිසානායක මහතා මෙහිදී පැවසීය.
දිසානායක මහතා මේ බව සඳහන් කළේ දෙහිඅත්තකණ්ඩිය වැව්මැදගම මහා විද්‍යාල භූමියේ පෙරේදා (12) ග්ලිරිසීඩියා වගා කිරීමේ අවස්ථාවට සහභාගි වීමෙන් අනතුරුව දෙමවුපියන් සහ පාසල් සිසුන් අමතමිනි.
එහිදී වැඩිදුරටත් කතා කළ දිසානායක මහතා සඳහන් කළේ, “ඉදිරියේදී පාසල් දරුවන්ට මෙන්ම රටේ සියලු දෙනාටම මූණ දීමට සිදුවෙන විදුලි අර්බුදය මෙන්ම ආර්ථික අර්බුදය යම්තාක්දුරට විසඳා ගැනීමට ග්ලිඩිසීරීයා වගා කිරීම යම් පිළියමක් වන බවයි. තමා භාවිතා කරන ඉලෙක්ට්‍රොනික් මෝටර් රථයක් නිසා එය සූර්යබලයෙන් භාවිතා කරමින් ගමන් බිමන් යන බවත්, තම නිවසටද එන විදුලි බිල අඩු කර ගැනීමෙන් රටට ආදර්ශයක් ලබාදී ඇති බවත්, එමෙන්ම නැඟෙනහිර පළාතේ පාසල් හිස් භූමි තුළ ග්ලිරිසීඩියා වගා කිරීමෙන් නිවසට එන විදුලි බිල අඩු කරගෙන ආර්ථික ශක්තිය වැඩි කරගැනීමට එය මහත් පිටුවහලක් වනු ඇති බව ද දිසානායක මහතා පවසා සිටියේය.
ග්ලිරිසීඩියා වගා කිරීමේ පළමු ව්‍යාපෘතිය ලෙස දෙහිඅත්තකණ්ඩිය අධ්‍යාපන කලාපයෙන් ආරම්භ කිරීම පිළිබඳව තමාගේ විශේෂ ස්තුතිය පිරිනමන බවත්, දෙහිඅත්තකණ්ඩිය අධ්‍යාපන කලාපයේ ශ්‍රී ලංකාවේ පළමු වතාවට පුනර්ජනනීය බලශක්ති උත්පාදනය කිරීමේ වැඩපිළිවෙළ අගය කරන බවත්, මෙහිදී දිසානායක මහතා වැඩිදුරටත් පැවැසීය. “මෙම අවස්ථාවට, දෙහිඅත්තකණ්ඩිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ දුමින්ද පීරිස්, වැව්මැදගම මහා විද්‍යාලයේ විදුහල්පතිනි පත්මා කුමාරි යන මහත්ම, මහත්මීන් ඇතුළු ගුරුවරුන්, දෙමවුපියන්, මෙන්ම දූ දරුවෝ විශාල පිරිසක් ද එක්ව සිටියහ.
සිරිපුර මදුශානි අබේසිංහ