Home » ත්‍රීවීල් මස් කර විකුණන තිදෙනෙක් බඩුත් එක්ක මාට්ටු

ත්‍රීවීල් මස් කර විකුණන තිදෙනෙක් බඩුත් එක්ක මාට්ටු

by sachintha
November 14, 2023 1:00 am 0 comment

මහා පරිමාණයෙන් ත්‍රිරෝද රථ සොරාගැනීමේ ජාවාරමක නිරත වූ කල්ලියකට සම්බන්ධ පුද්ගලයින් තිදෙනකු සොරාගත් ත්‍රිරෝද රථ පහක් සමඟ පෙරේදා (12) අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගන්නා ලද අවස්ථාවේදී සැකකරුවන් සන්තකයේ තිබී රුපියල් පන්ලක්ෂ පනස් දහසක් වටිනා හෙරොයින් ග්‍රෑම් 21 මිලිග්‍රෑම් 450ක් පොලිස් භාරයට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පිටිපන සුවපුබුදුගම ප්‍රදේශයේ පදිංචි ‘බස් බඩා’, ‘ගයියා’ ඇතුළු තිදෙනකු බව පොලිසිය පවසයි.

හෙරොයින් ජාවාරමේ නිරත පුද්ගලයකු සුව පුබුදුගම ප්‍රදේශයේ සැරිසරන බවට පොලිසියට ලද තොරතුරකට අනුව නිලධාරී කණ්ඩායමක් එම ප්‍රදේශයට ගොස් පරීක්ෂා කිරීමේදී හෙරොයින් ග්‍රෑම් 10යි මිලි ග්‍රෑම් 200ක් සමඟ ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුව ඔහුගෙන් ලද තොරතුරකට අනුව එම ප්‍රදේශයම පදිංචි ÒගයියාÓ නැමැත්තකු සන්තකයේ තවත් හෙරොයින් ග්‍රෑම් 5යි, මිලි ග්‍රෑම් 650ක් ද තවත් පුද්ගලයකු ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 5යි, මිලි ග්‍රෑම් 560ක් ද පොලිස් භාරයට ගෙන තිබේ. ගයියා නැමැත්තාගේ නිවස පරීක්ෂා කිරීමේදී එහි තිබී කැබලි කරන ලද ත්‍රිරෝද රථ කොටස් තොගයක් සොයාගත් අතර, ඒවා විවිධ ප්‍රදේශ වලින් සොරාගන්නා ලද ත්‍රිරෝද රථවල කොටස් බවට අනාවරණය වූ බව පැවසේ. මේ අතර හෙරොයින් ග්‍රෑම් 10ක් සමඟ Òබස් බඩාÓ යමින් සිටි ත්‍රිරෝද රථය ද සොරා ගත් එකක් බවට අනාවරණය වීමත් සමඟ සැකකරුවන්ගෙන් දිගින් දිගටම ප්‍රශ්න කිරීමේදී බණ්ඩාරගම ප්‍රදේශයෙන් සොරාගත් ත්‍රිරෝද රථ 2, මහරගම පමුණුව ප්‍රදේශයේ රෙදි ව්‍යාපාරිකයින් දෙදෙනකුට අයත් ත්‍රිරෝද රථයක හා හොරණ ප්‍රදේශයෙන් සොරා ගත් ත්‍රිරෝද රථයක් ඇතුළු ත්‍රිරෝද රථ පහක තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිව තිබේ.

ඒ අනුව සොරාගත් ත්‍රිරෝද රථ ඉතා අඩු මිලට අලෙවි කර තිබියදී හොරණ, පිටිපන, හෝමාගම යන ප්‍රදේශවලට අලෙවි කර තිබියදී සොයාගත් බව පොලිසිය පවසයි. මීට අමතරව සොරා ගෙන තිබූ තවත් ත්‍රිරෝද රථයක කැබලි කොටස් කර චැසි අංක ව්‍යාජව සකසා තිබිය දී සොයාගෙන තිබේ. ඒ අනුව අත්අඩංගුවට ගත් 28, 33 සහ 39 වයසේ පසුවන සැකකරුවන් හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කොට්ටාව – ප්‍රදීප් කුමාර මීගොඩ – බී. කේ. කත්‍රිආරච්චි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT