322
ලුණුගම්වෙහෙර පොලිස් වසමට අයත් තණමල්විල රණවරාව ප්‍රදේශයේදී විදේශීය සංචාරකයන් රැගත් බස් රථයක් පාරෙන් ඉවතට ගොස් විදුලි කණුවක ගැටීමෙන් පසුගියදා (10) අනතුරක් සිදුව ඇතැයි ලුණුගම්වෙහෙර පොලිසිය පැවසීය.
ප්‍රදේශයට බලපෑ වර්ෂාව හේතුවෙන් බස්රථය පාරෙන් ඉවතට ලිස්සා ගොස් විදුලි කණුවක ගැටී ඇත. අනතුරෙන් විදුලි කණුවට අලාභ හානි සිදුව ඇති අතර, විදුලි සැපයුම ද ඇනහිට තිබිණි. මෙම අනතුරෙන් විදේශිකයන් කිහිපදෙනකුට සුළු තුවාල සිදුව තිබේ. ලුණුගම්වෙහෙර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ඌව වෙල්ලස්ස විශේෂ – ඩී.එස්. ගුණතිලක