Home » ලක්ෂ හතරහමාරක් වටිනා සුදු හඳුන් හොරෙන් විකුණන්න යද්දී දැලේ

ලක්ෂ හතරහමාරක් වටිනා සුදු හඳුන් හොරෙන් විකුණන්න යද්දී දැලේ

by sachintha
November 14, 2023 12:29 am 0 comment

අඹගස්දෝව, ලද්දුම, මූදනාව හංදිය අසලදී බලපත්‍ර නොමැතිව හොර රහසේ රුපියල් 450,000ක් පමණ වටිනා කිලෝ 183ක් බර සුදු හඳුන් කදන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් සමඟ පුද්ගලයකු පෙරේදා (12) අත්අඩංගුවට ගත් බව අඹගස්දොව පොලිසිය පැවසීය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ලූනුවත්ත ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකි. අඹගස්දොව පොලිසියේ නිලධාරීන් රාත්‍රී රාජකාරියේ නිරතව සිටියදී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ලොරියක් නවතා පරීක්ෂා කිරීමේදී බලපත්‍ර නොමැතිව හොර රහසේ ප්‍රවාහනය කරමින් තිබූ මෙම සුදු හඳුන් කඳන් ප්‍රවාහනය කළ ලොරිය සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සුදු හඳුන් ලද්දුම ප්‍රදේශයේ ඉඩමකින් කපා ගැණුම්කරුට විකිණීම සඳහා බලපත්‍ර නොමැතිව හොර රහසේ මෙසේ ලූනුවත්ත ප්‍රදේශයට ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

ඌව පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් හේසිරි බණ්ඩාරවෙල, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් කලුපහන, පොලිස් අධිකාරී ඩී.බී.එච්. කළණසිරි, පොලිස් අධිකාරී බී.ඇම්.ඇම්. දසනායක යන මහත්වරුන්ගේ උපදෙස් මත අඹගස්දොව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.එම්. එස්.කේ. රත්නායක මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

සොරණාතොට සමූහ – සී. ගමගේ , වැලිමඩ සමූහ – ආර්. රාජමන්ත්‍රී, බදුල්ල – නිශාන්ත අබේගුණවර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT