Home » ඉන්දියාවට බැට දෙන්න පෙර රචින් බැංගලෝර් ආච්චිගේ අවසර ඉල්ලයි

ඉන්දියාවට බැට දෙන්න පෙර රචින් බැංගලෝර් ආච්චිගේ අවසර ඉල්ලයි

by sachintha
November 14, 2023 1:00 am 0 comment

ඉන්දියාව හා නවසීලන්තය අතර හෙට (15) පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයට පෙර නවසීලන්ත මුල් පෙළේ පිතිකරු රචින් රවීන්ද්‍රා තම ආච්චි හා සීයා හමුවීමට සිය බැංගලෝර්හි පිහිටි පාරම්පරික නි‍ෙවසට ළඟා විය.

තම මනුපුරා ඉන්දීය පාරම්පරික ගති සිරිත් අනුව පිළිගත් ආච්චි ඔහුට සුබ පැතුම් එක් කළාය. රචින් ආච්චි හමු වන වීඩියෝව සමාජ මාධ්‍යවල ‘වයිරල්‘ වෙමින් පවතින අතර, මෙමඟින් වැඩිහිටියන්ට ලබා දී ඇති වටිනාකම් බොහෝ දෙනාගේ ඇගැයීමට ලක්ව තිබේ.

රචින් කුඩා කාලයේ ඉන්දියාවේ ජීවත්ව ඇති අතර, ඔහුගේ මවුපියන් 90 දශකයේ නවසීලන්තයට පිටත්ව ගොස් තිබේ. රචින් එහි හැදී වැඩී දැන් නවසීලන්ත ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කරයි. ඔහුගේ ආච්චිලා සීයලා තවමත් ඉන්දියාවේ ජීවත් වන අතර, රචින්ගේ පියා රවී ක්‍රිෂ්ණමූර්ති ක්‍රිකට් ක්‍රීඩාවේ දැඩි රසිකයෙකි. ඔහු බැංගලෝරයේ ක්‍රිකට් ක්‍රීඩා සමාජයකට ක්‍රීඩා කළ අතර, රචින් ඉපදෙන විට රාහුල් ඩ්‍රාවිඩ් සහ සචින් ටෙන්ඩුල්කාර් යන අයගේ නම් එක් කර රචින් ලෙස නම් කළ බව පියා පවසා තිබේ.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ මේ වන විට රචින් ඉනිම 9කදී ලකුණු 565ක් ලබාගෙන ඇත්තේ සාමාන්‍ය 70.62ක් ලෙසිනි. ඔහු ශතක තුනක් සහ එක් අර්ධ ශතකයක් වාර්තා කර ඇති අතර, විරාත් කෝලිට (ලකුණු 594) හා ක්වින්ටන් ඩි කොක්ට (ලකුණු 591) පසුපසින් සිටි.

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT