371
දකුණු කොරියාවේ පැවති 14 වැනි ලෝක කායවර්ධන හා ශාරීරික ක්‍රීඩා ශූරතා තරගාවලියේ දී ශ්‍රී ලංකාව පළමු වරට නියෝජනය කරමින් කනිෂ්ඨ අංශයේ කිලෝ ග්‍රෑම් 75 ට වැඩි බර පංතියේ රිදී පදක්කම දිනා තෙනුර ලක්සෙන් පෙරේදා ශ්‍රී ලංකාවට පැමිණියේය. දකුණු කොරියාවේ වොන්ජු නගරයේදී පසුගියදා පැවැති මේ තරගාවලියට රටවල් 60 ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 500 ක් පමණ සහභාගි වූහ. තෙනුර ලක්සෙන් පිළිගැනීම ඔහුගේ පවුලේ සාමාජිකයන් සහ කායවර්ධන සහ ශාරීරික ක්‍රීඩා සම්මේලනයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන්තොටුපොළට පැමිණ සිටියහ.
ඡායාරූපය – කටුනායක ටී.කේ.ජී.කපිල
කටුනායක ටී.කේ.ජී.කපිල