Sunday, May 11, 2025
Home » ගුවන් හමුදා හෑන්ඩ්බෝල් ශූරතාව නාවික හමුදා පිලට -ශූරියෝ ගුවන් හමුදාවෙන්

ගුවන් හමුදා හෑන්ඩ්බෝල් ශූරතාව නාවික හමුදා පිලට -ශූරියෝ ගුවන් හමුදාවෙන්

by sachintha
November 14, 2023 1:00 am 0 comment

ශ්‍රී ලංකා ගුවන් හමුදා හෑන්ඩ්බෝල් සංචිතය විසින් දෙවැනි වරටත් සංවිධාන කරනු ලැබු ගුවන් හමුදා ඊගල්ස් අභියෝගතා කුසලාන හෑන්ඩ්බෝල් තරගාවලියේ (Eagles’ Cup) පිරිමි ශූරතාව නාවික හමුදා කණ්ඩායමත්, කාන්තා ශූරතාව ගුවන් හමුදා කණ්ඩායමත් දිනා ගැනීමට සමත් විය.

පිරිමි අවසන් මහා තරගයේදී යුද හමුදා පිලට එරෙහිව ලකුණු 34-33ක තියුණු ජයක් වාර්තා කිරීමට නාවික හමුදා පිල සමත් වූ අතර, ලකුණු 34-17ක් ලෙස යුද හමුදා කාන්තා පිල පරාජය කිරීමට ගුවන් හමුදාවේ ක්‍රීඩිකාවෝ සමත් වූහ.

ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට කුසලාන සහ සහතිකපත් ප්‍රදානය ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානි, ගුවන් හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂ, ජාතික හෑන්ඩ්බෝල් සංගමයේ සභාපති සහ ලේකම් ඇතුළු නිලධාරීහු පිරිසක් එම අවස්ථාවට එක් වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT