Thursday, May 15, 2025
Home » ‘මිත්‍ර ශක්ති’ යුද අභ්‍යාසයට ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස්

‘මිත්‍ර ශක්ති’ යුද අභ්‍යාසයට ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස්

by yasara
November 16, 2023 3:58 pm 0 comment

ශ්‍රී ලංකාව සහ ඉන්දියානු සන්නද්ධ හමුදාවන් අතර පවතින සබඳතාවය ප්‍රවර්ධනය කරමින් දෙරට අතර යුද්ධ හමුදාවන් ඒකාබද්ධව පවත්වනු ලබන ‘මිත්‍ර ශක්ති’ යුද අභ්‍යාසයට සහභාගී වීම සඳහා නිලධාරීන් 29 දෙනෙක් සහ සෙසුනිලයන් 94 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඊයේ( 15) ඉන්දියාව බලා පිටත්ව ගියහ.

‘මිත්‍ර ශක්ති’ යුද අභ්‍යාසය අද(16) ඉන්දියාවේ පූනේ ප්‍රදේශයේ පිහිටි ඉන්දීය යුද හමුදා 330 පාබල බලසේනා මූලස්ථානයේදී ආරම්භවේ. එය ලබන 29වැනිදා දක්වා පැවැත්වෙනු ඇත.

මිත්‍ර ශක්ති යුද අභ්‍යාසය සඳහා සහභාගි වන භටපිරිස්වලට දෙරට අතර පවතින අන්තර් සම්බන්ධතා වැඩිදියුණු කරගැනීම, යුද සහයෝගීතාවය, ඒකාබද්ධ මෙහෙයුම් පැවැත්වීම, දෙරට අතර යුද අත්දැකීම් හුවමාරු කරගැනීම, අන්තර්ජාතික යුද ගැටලු පිළිබඳ අවබෝධය හා අනාගතයේදි සිදුවිය හැකි ආරක්‍ෂක අභියෝගයන් සඳහා සුදානම් විමට අවශ්‍ය ප්‍රමාණවත් දැනුමක් ලබාදීමේ අරමුණින් සිදු කෙරේ.

මෙම යුද අභ්‍යාසය 2012 වර්ෂයේ සිට පැවැත්වේ.

යුද අභ්‍යාස මාලාවේ 9 වැනි අභ්‍යාසය වශයෙන් පැවැත්වෙන මෙම යුද අභ්‍යාසය තුළින් විශේෂයෙන්ම කැරලි මර්දන සහ ත්‍රස්තවාදය මැඩපැවැත්වීමේ පසුබිමක ක්‍රියාන්විත සිදුකිරීමේදී අවශ්‍ය විශේෂඥ දැනුම ප්‍රවර්ධනය කිරීම සිදුකරනු ලබයි. අවි පුහුණුව, මූලික යුද උපක්‍රම සහ සංකීර්ණ සටන් උපායමාර්ගයන් ද මෙම යුද අභ්‍යාසයට ඇතුළත් වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT