Home » විපක්ෂ නායකට කෝප් කමිටුවට එන්න නොදීම වරදක්

විපක්ෂ නායකට කෝප් කමිටුවට එන්න නොදීම වරදක්

කථානායක මහින්ද යාපා අබේවර්ධන

by mahesh
November 17, 2023 1:00 am 0 comment

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට කෝප් කමිටුවට සහභාගි වන්නට නොදීම වරදක් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (16) ප්‍රකාශ කළේය.

කෝප් කමිටු සභාපතිවරයාගේ පුත්‍රයා එම කමිටුවට සහභාගි වී සිටි බවට කෙරුණු චෝදනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසූයේ පිටස්තර කෙනකුට කෝප් කමිටුවේ වාඩි වෙන්න අයිතියක් නැති බවයි. නමුත් ඒ පුත්‍රයා සභාපතිවරයාගේ මාධ්‍ය ලේකම් බව දැනුම් දී ඇතැයි ද කථානායකවරයා සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා,

මමත් මහජන මන්ත්‍රීවරයෙක්. මම විපක්ෂ නායක. මට පුළුවන්ද ලේකම්ලා අරගෙන කොප් කමිටුවලට යන්න. මට කෝප් එකේ කතා කරන්න බැහැ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන පිටස්තර කෙනකුට අයිතියක් නැහැ. පසුබිම මොකක්ද කියලා සොයා බැලිය යුතුයි. ඒ සභාපතිවරයාගේ ප්‍රවෘත්ති ලේකම් කියලා කියනවාලු.

විපක්ෂ නායකවරයා – මටත් පුළුවන්ද මගේ ප්‍රවෘත්ති නිලධාරියෙක්ව උපදේශක කාරක සභාවට ගෙන යන්න.

කථානායකවරයා – ඔබතුමාට සහභාගි වීමට අවස්ථාව නුදුන් එක ගැන අපි හොයලා බැලුවා .ඒක වැරදියි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT