Tuesday, May 13, 2025
Home » ජනපති ගෙනා අය වැයට විපක්ෂය බය වෙලා

ජනපති ගෙනා අය වැයට විපක්ෂය බය වෙලා

by mahesh
November 17, 2023 1:00 am 0 comment

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගෙන එන ලද අය වැය ඉදිරි මැතිවරණවලට බලපෑමක් සිදුවේ යැයි විපක්ෂයේ ඇතැමුන්ට බියක් පවතින බව රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.

රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මිය මේ බව සඳහන් කළේ අය වැය විවාදයට එක් වෙමිනි.

ඇමැතිවරිය මෙසේ ද පැවසූවාය.

පළාත් මට්ටමින් විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට යෝජනා කිරීම, නිවාසවල ඉඩම් අයිතිය ජනතාවට ලබාදීම, අධ්‍යාපනය සඳහා ප්‍රමුඛත්වයක් ලබා දී තිබීම ආදිය මෙවර අය වැය තුළ දක්නට ලැබෙන සාධනීය ලක්ෂණයි.

අපි නිදහස ලබපු දිනයේ සිටම මේ සියලු දේ පවතිනවා. දේශපාලන පක්ෂ රැසක් බිහිවී තිබෙනවා. වසරින් වසර අය වැය ඉදිරිපත් කරනවා. නමුත් අපි කාටවත් මේ රට සංවර්ධිත රටක් බවට පත් කරන්නට බැරිවී තිබෙනවා. මේ රට නිදහස ලබපු දිනයේ සිටම දුෂ්කර ගමන් මඟක නිරත වී තිබෙන්නේ. අපේ ජනතාව නිදහස ලබා වසර 75 ක් වුණත් ජනතාව තවමත් දුක් විඳිනවා . නමුත් ජනාධිපතිවරයා ගෙනා අය වැය විපක්ෂයේ ඇතැමුන්ට විහිළුවක් බවට පත්ව තිබෙනවා. එසේ නම් මේ රටේ මෙතෙක් කාලයක් පුරාවට ඉදිරිපත් වූ සියලු අය වැය ලේඛන විහිළුවක් බවට පත් විය යුතුයි.

නමුත් මෙවර අය වැයේ යෝජනා කීපයක් ගැන අවධානය යොමුකළ යුතුයි. මෙවර අය වැය තුළින් අධ්‍යාපනයට දක්වා ඇති දායකත්වය අගය කළ යුතුයි. පළාත් මට්ටමින් විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට සිදු කර ඇති යෝජනාව අතිශය වැදගත්. මේ රටේ දරුවෝ අධ්‍යාපනයෙන් සන්නද්ධ වීම අතිශය වැදගත්. අය වැය ගැන විවේචනය කරන අයට බයක් තිබෙනවා, ඉදිරි මැතිවරණවලට මේ අයට ප්‍රශ්නයක් වෙයි කියලා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT