Home » දේශපාලනය කරන්න වටපිටාව රනිල් වික්‍රමසිංහ උදා කර දුන්නා

දේශපාලනය කරන්න වටපිටාව රනිල් වික්‍රමසිංහ උදා කර දුන්නා

by mahesh
November 17, 2023 1:00 am 0 comment

පසුගිය පාලන කාලය නිසා මෙරට දේශපාලකයන්ට දේශපාලනය කළ නොහැකි තත්ත්වයක රනිල් වික්‍රමසිංහ මහතා රට භාරගෙන සියලු දේශපාලන පක්ෂවලට සමාජයේ දේශපාලනය කිරීමට හැකි අයිතිවාසිකම නැවත උදා කර දී ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ පත් කළ මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (16) පැවසුවේය.

අය වැය දෙවැනි වර කියවීමේ තෙවැනි දින විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

වසර 55ක අත්දැකීම් පළපුරුදු අනුව ජනාධිපතිවරයා මේ වැඩසටහන සාර්ථක කරන අතර ජාතික නායකයා විදිහට රනිල් වික්‍රමසිංහ මහතා ආර්ථිකය නඟා සිටු වනවා. දේශපාලන නායකයන් ලෙස මහජනතාවගෙන් ආපසු ගුටි කන තැනට නොගොස්, පාර්ලිමේන්තුව තුළ නොබෙදී එකමුතුවෙන් කටයුතු කළ යුතුයි.

මේ අය වැය විවේචනය කරමින්, එහෙමත් නැත්නම් ඉතිහාසයේ අය වැය විවේචනය කරමින් තවදුරටත් වැනසෙන්නට හදනවා. බංකොලොත් වූ රටක වගකීම මේ 225ම සතු වෙනවා. ඉතිහාසයේ පාලනය කළ හැමෝම මේකට වගකිව යුතුයි. මේ පාර්ලිමේන්තුව තුළ පාර්ලිමේන්තුවේ සිදු කළ යුතු වැඩ කටයුතු හැර අනෙක් සියල්ලක්ම සිදු කරනවා. පසුගිය කාලයේ පාර්ලිමේන්තුවේ සිදු වන දේවල් අපි දුටුවා. පාර්ලිමේන්තුවේ 225 දෙනා තවමත් කරන්නේ බෙදෙන්න වෙන්වෙන්න උත්සාහ කිරීම මිස එකතු වී රට හැදීමක් කරන්න නොවෙයි. අපි කළ යුත්තේ කුමක්ද? නොකළ යුත්තේ කුමක්ද? කියලා මේ 225 දෙනා අවබෝධයෙන් කටයුතු කරනවා කියලා මම හිතන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන් ලෙස අපට අයිති දේ අපි කරන්නේ නැහැ. වෙන වෙන දේ තමයි අපි කරන්නේ. මේ අයවැය ඉදිරිපත් කිරීමෙන් ජනාධිපතිවරයා බලාපොරොත්තු වුණේ වැටුණු රට ගොඩගන්න. එහෙම වුණාම මේ පාර්ලිමේන්තුවේ සිටි 225 ඒ වෙනුවෙන් පෙනී හිටින්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහතා පොහොට්ටුවේ මුදල් ඇමැතිවරයා නොවේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT