Home » විපක්ෂ නායකවරයාටත් එන්න බැරි කෝප් කමිටුවට මන්ත්‍රී රන්ජිත් බණ්ඩාරගේ පුතා ආවේ කොහොමද?

විපක්ෂ නායකවරයාටත් එන්න බැරි කෝප් කමිටුවට මන්ත්‍රී රන්ජිත් බණ්ඩාරගේ පුතා ආවේ කොහොමද?

by mahesh
November 17, 2023 1:00 am 0 comment

විපක්ෂ නායකවරයාටත් පැමිණීම තහනම් වූ කෝප් කමිටුවට එම කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් බණ්ඩාර මහතාගේ පුතා පැමිණ වාඩී වී සිට ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (16) ප්‍රකාශ කෙළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (16) පාර්ලිමේන්තුවේ දී කෝප් කමිටුවේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ප්‍රශ්න කරමිනි.

තවදුරටත් විපක්ෂ නායකවරයා මෙසේද පැවසීය.

කෝප් කමිටුවේ සභාපති වන මහාචාර්ය රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරයා කැන්ඩි ක්‍රිකට් කැම්පස් ව්‍යාපෘතියේ උපදේශකවරයකු ලෙස කටයුතු කර ඇති බැවින් ළැබැඳියාව අතර ගැටුම් තත්ත්වය මත මොහු තවදුරටත් කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස තබා ගත හැකිද?

මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ පුතා කෝප් කමිටුවේ වාඩි වී ඇති බවත් එමඟින් තමන්ගේ වරප්‍රසාද උල්ලංඝනය වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය. ඔහු කෝප් කමිටුවට එනතුරු පාර්ලිමේන්තුවේ බලධාරීන් ගත් ක්‍රියාමාර්ග කවරේදැයි ප්‍රශ්න කළ විපක්ෂ නායකවරයා තමාටවත් කෝප් කමිටුවේ වාඩි විය නොහැකි ලෙස තහනම් කළත් පාර්ලිමේන්තු නිලධාරියකු නොවන මේ පුද්ගලයා එහි වාඩි වූයේ කෙසේද යන්න ගැටලුසහගතයි.

ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී රටක පාර්ලිමේන්තුවක ළැබැඳියාව අතර ගැටුම් සම්බන්ධයෙන් ද පැහැදිලි කිරීමක් ඇති බවත් මෙවැනි ගැටුමක් ඇති විට පාර්ලිමේන්තුවේ කමිටුවල තනතුරු හෙබවිය නොහැකියි. එසේ තිබියදී රන්ජිත් බණ්ඩාර මහතා කමිටුවේ සභාපතිවරයා බවට පත්වූයේ කෙසේද යන්න ගැටලු සහගතයි.

එසේ ම තමා පෞද්ගලික දේවල් සම්බන්ධයෙන් කතා කිරීමට අකැමැති වුවත් රාජ්‍ය මුදල් කාරක සභාවට විපක්ෂ නායකවරයාට කතා කළ නොහැකි ලෙස ඡන්දයක් අරන් කට වැසීමට උත්සාහ කළත් මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ පුතා කෝප් කමිටුවේ වාඩිවීමෙන් තමාගේ වරප්‍රසාද උල්ලංඝනය වී තිබෙනවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT