Home » වරායේදී ලක්ෂ 36ක පොහොර සොරකම් කළ දෙදෙනා අත්අඩංගුවට

වරායේදී ලක්ෂ 36ක පොහොර සොරකම් කළ දෙදෙනා අත්අඩංගුවට

by mahesh
November 17, 2023 1:00 am 0 comment

ගයාන් කුමාර වීරසිංහ

කොළඹ වරාය භූමියේ ඇති පර්යන්තයක තිබුණු රුපියල් ලක්ෂ 36කට අධික වටිනාකමක් ඇති යූරියා පොහොර තොගයක් සොරාගත් පුද්ගලයන් දෙදෙනකු වෙරළබඩ පොලිසියේ නිලධාරීන් විසින් පෙරේදා (15) අත්අඩංගුවට ගෙන ඇත.

මෙරට ප්‍රධාන පෙළේ සමාගමක් විසින් ආනයනය කළ යූරියා පොහොර තොගයක් අතරින් යූරියා පොහොර මලු 425ක් මෙසේ සොරාගෙන ඇතැයි වෙරළබඩ පොලිසිය කියයි.

මේ සම්බන්ධයෙන් වාප්පු ලිපිකරුවකු විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන පවත්වා සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ සොරාගත් පොහොර තොගයද සමඟිනි.

අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙක් තලංගම පදිංචිකරුවෙකි. 66 හැවිරිදි ඔහු පුද්ගලික සමාගමක ලිපිකරුවකු බව පොලිසිය කියයි. දෙවැන්නා බටගොඩ පදිංචි 53 හැවිරිදි රියැදුරෙකි.

සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT