167
තීරු බදු රහිතව හොර රහසේ මෙරටට ගෙන්වන ලද රුපියල් කෝටි සියයකට අධික වටිනාකමක් ඇති විදෙස් දුම්වැටි කෝටියකට අධික ප්‍රමාණයක් සහිත අඩි 40ක කන්ටේනර් රථයක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ඊයේ(16) රාත්‍රී කාලයේ දී සැකකරුවෙක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.ග්‍රෑන්පාස් පොලිස් වසමේ කැලණිතිස්ස විදුලි බලාගාරය ආසන්නයේදී අදාළ කන්ටේනර් රථය පොලිස් විශේෂ කාර්ය බළකායේ පරීක්ෂාවට ලක් කිරීමේදී මෙම දුම්වැටි තොගය හමුවී තිබේ.
පොලිස් විශේෂ කාර්ය බළකාය මෙම කන්ටේනරය පරික්ෂා කොට ඇත්තේ එහි මත්කුඩු තොගයක් තිබේයැයි ලද තොරතුරකට අනුවය. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 65ක් වන මාකොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුවෙමින් පවතී.