Saturday, May 3, 2025
Home » පාරිභෝගික අධිකාරියේ වැටලීම්වලින් කෝටි 22ක් හොයයි

පාරිභෝගික අධිකාරියේ වැටලීම්වලින් කෝටි 22ක් හොයයි

by mahesh
November 17, 2023 1:00 am 0 comment

සුභාෂිණී සේනානායක

ජනවාරි සිට මේ දක්වා ගත වූ කාලය තුළ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සිදු කළ වැටලීම්වලින් දඩ මුදල් ලෙස රුපියල් කෝටි 22ක මුදලක් අය කරගෙන තිබේ.

භාණ්ඩ වැඩි මිලට අලෙවි කිරීම, තොග සඟවාගෙන සිටීම, මිල ප්‍රදර්ශනය නොකිරීම, කල් ඉකුත් වූ භාණ්ඩ අලෙවි කිරීම ඇතුළු නීති විරෝධී ක්‍රියා හේතුවෙන් මෙම දඩ මුදල් අය කරගෙන ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක අසේල බණ්ඩාර මහතා ‘දිනමිණට’ ඊයේ (16) පැවැසීය. එම කාලය තුළ දිවයින පුරා වැටලීම් 22,000ක් සිදු කර ඇති බවත් ඉන් 19,000කට නඩු පැවරීමට කටයුතු කළ බවත් හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT