199
පල්ලෙවෙල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරත ආධුනික පොලිස් කොස්තාපල්වරියක සිය පෙම්වතා අමනාප වීම නිසා ඇති වූ සිත්තැවුල හේතුවෙන් අධි මාත්‍රාවෙන් ඖෂධ පානය කර මීරිගම රෝහලට පෙරේදා (15) සවස ඇතුළත් කර තිබේ.
මෙම නිලධාරිනියගේ පෙම්වතා ප්‍රභූ ආරක්ෂක අංශයක සේවයේ නිරත කොස්තාපල්වරයකු බව පල්ලෙවෙල පොලිසිය කියයි.
කොස්තාපල්වරිය ඖෂධ වර්ගයක් අධි මාත්‍රාවෙන් භාවිත කර ඇත්තේ පල්ලෙවෙල පොලිස් ස්ථානයේ තනිකඩ භට නිවාසයේදී බව පොලිසිය කියයි. සියදිවි හානි කර ගැනීම අරමුණු කරගෙන ඇය මෙසේ ඖෂධ අධි මාත්‍රාවක් භාවිත කර ඇති බව විමර්ශනවලින් පෙනී ගොස් ඇත. මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිසිය කියයි.