කිරිඳි ඔයේ ගසාගෙන එමින් තිබූ යාන්ත්‍රික කියතකින් කපා වෙන් කරන ලද අලියෙකුගේ හිස් කොටස සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පෙරේදා (15) ඌව මධ්‍යම පළාත් භාර පශු වෛද්‍ය ආනන්ද ධර්මකීර්ති මහතාගේ ප්‍රධානත්වයෙන් වැල්ලවාය වනජීවී කලාපයට අයත් තෙලුල්ල ජනපදය හුරත්ගමුව ප්‍රදේශයේදී සිදු කරන ලදි.
අලියාගේ හිස්කබල පසාරු කරමින් වෙඩි පහර වැදී ඇති අතර, උණ්ඩ කොටස් දෙකක් මොළයේ තිබී සොයාගෙන ඇත.
වෙඩි වැදීමෙන් පසු මෙම අලියා මියගොස් ඇති බවත් ඉන් අනතුරුව අලියා කොටස්වලට කපා දමන්ට ඇති බවත් වනජීවී නිලධාරීහු පවසති. මෙම අලියාගේ හිස්කබල දින තුනකට පමණ පෙර ප්‍රෙද්ශවාසීන් පිරිසක් විසින් හුරත්ගමුව පංසල ආසන්නයේ පිහිටි මංසල මංකඩ ස්ථානයට මීටර් 150ක් පමණ නුදුරින් තිබියදී සොයාගත් අතර, ඊට මීටර් 400ක් පමණ ඈතින් වැටකෙයියා ගාලක තිබී අලියාගේ යැයි සැක කෙරෙන බඩවැල්ද සොයා ගෙන ඇත.
එම අලියාගේ හිස කොටසේ එක් කනක් හා හොඬවැලෙහි කොටසක්ද කියතෙන් කපා දමා ඇත. මෙම මියගිය අලියාගේ ශරීරයේ අනෙකුත් කොටස්ද කෑලෑවලට කපාදමා කිරිඳි ඔයට දමන්නට ඇතැයි වනජීවී නිලධාරීහු සැක පළ කරති.
මෙම අලියාගේ හිස්කබල හමුවීමට දින තුනකට පමණ පෙර තවත් වන අලින් දෙදෙනකුගේ සිරුරු මේ ආසන්නයේ බෝක්කුවක සිර වී තිබියදී වනජීවී නිලධාරීන් විසින් සොයාගෙන ඇත.
හුරත්මුව පංසල් මංකඩ ආසන්නයේ පිහිටි රක්ෂිතයේ දී මෙම අලියාගේ මරණ පරීක්ෂණයෙන් පසු ශරීර කොටස් වළදමා ඇත.
මෙම අලියාගේ ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වැල්ලවාය අලි පාලන ඒකකයේ අඩවි ආරක්ෂක නිශාන්ත ප්‍රේමලාල් මහතා ප්‍රමුඛ නිලධාරීන් හා ඌව කුඩාඔය පොලිසිය විසින් සිදු කරයි.