Saturday, May 10, 2025
Home » මාකුර රජමහා විහාරස්ථානයේදී කුල දරුවෙක් සසුන්බිමට

මාකුර රජමහා විහාරස්ථානයේදී කුල දරුවෙක් සසුන්බිමට

by mahesh
November 17, 2023 1:00 am 0 comment

කෑගල්ල විශේෂ - චමින්ද ජයලත්

කෑගල්ල හෙට්ටිමුල්ල ඓතිහාසික මාකුර රජමහා විහාරස්ථානයේ වාර්ෂික කඨින මහා පිංකම අද 17 වැනිදා සහ හෙට 18 වැනි දෙදින තුළ පැවැත්වීමට නියමිතව ඇතැයි විහාරාධිකාරි මාකුර ශ්‍රී ධර්මඥාන ධර්මායතනයේ පරිවේණාධිපති ශාස්ත්‍රපති ගජනායකගම සුබෝධනී ස්වාමීන් වහන්සේ පැවසූහ.

කෑගල්ල මාකුර රජමහා විහාරාධිපති ඇහැළියගොඩ නැදුරණ චිත්‍ර ඇල්ල ශ්‍රීපාද භාවනා මධ්‍යස්ථානාධිපති ගින්නලියේ රතනසාර නාහිමියන්ගේ අනුශාසනා පරිදි පින්කම සිදු කිරීමට නියමිතය. අද රාත්‍රි ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ කැලණියේ අජිත ස්වාමීන් වහන්සේ විසිනි. පසු දා 18 වැනිදා පෙරවරුවේ හම්බන්තොට හකුරුවෙල ගජනායකගම ඕව්ටිගමුව ගෙදර පදිංචිව සිටින මොහොට්ටිගේ සමන්ත හා හතරසිංහ ආරච්චිගේ නිල්මිණි යන මවුපිය දෙපළගේ වැඩිමහල් පුත් 14 හැවිරිදි මොහොට්ටිගේ දිනෙත් නේෂාල් නිම්සර කුල දරුවා සසුන් ගත කිරීමට නියමිතය.

පැවිදි කිරීමට නියමිතව සිටින මොහොට්ටිගේ දිනෙත් නේෂාල් නිම්සර දරුවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT