රාවතාවත්ත මෙතෝදිස්ත විදුහල් ක්‍රීඩා අංශය සංවිධාන කරන අන්තර් ශ්‍රේණි සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය හෙට (18) සොයිසාපුර මහල් නිවාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
විදුහල්පතිනි අවන්ති දෙමටගොඩ මහත්මියගේ නව සංකල්පයක් අනුව ක්‍රීඩාවෙන් දරුවන් අතර එකමුතුකම, සුහදතාව වර්ධනය කිරීමට සහ දක්ෂතා ඇති දරුවන් හඳුනා ගැනීමේ අරමුණින් නියෝජ්‍ය විදුහල්පතිනි යමුනා ප්‍රනාන්දු, ක්‍රිකට් භාර ආචාර්ය හිමාල් පෙරේරා, ක්‍රීඩා උපදේශක අමිල නිරෝෂන් විජේමුණි සහ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන ආචාරිනී චේතනා ලියනගේ මහත්ම මහත්මීන්ගේ මඟ පෙන්වීම සහ උපදෙස් මත මේ තරගාවලිය සංවිධාන කරන්නේ පළමු වරටය.
මෙහිදී ශ්‍රේණි අතර තරග 8ක් පැවැත්වෙන අතර, ඒ අනුව 6 සහ 7, 8 සහ 9 හා 10-11 බාලක සහ බාලිකා ලෙස කුසලාන 4ක් වෙනුවෙන් තරග වැදීමට නියමිතය. එහිදී 6 වසරේ සිට 9 වසර දක්වා කණ්ඩායම් දෙක බැගින් මූලික වටයේදී තරග වදින අතර, ඒ ඒ ශ්‍රේණිවල ජයග්‍රාහී කණ්ඩායම් අවසන් තරගවලට එක්වනු ඇත.
මීට සමගාමීව ගුරුවන්ගේ ප්‍රදර්ශනාත්මක තරගයක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.