Home » වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට ක්‍රීඩා ඇමැති දැනුම් දෙයි
ප්‍රමෝද්‍යගේ මාධ්‍ය නිවේදනය ගැන පරීක්ෂණයක් පවත්වන්න

වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට ක්‍රීඩා ඇමැති දැනුම් දෙයි

by mahesh
November 17, 2023 1:00 am 0 comment

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා විසින් 2023.11.13 වන දින නිකුත් කරන ලද මාධ්‍ය ප්‍රකාශයට අනුව 2019 අංක 24 දරන ක්‍රීඩාවට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වැරදි වන තරග පාවා දීම, දූෂණය, නීති විරෝධී මෙහෙයවීම සහ නීති විරෝධී ඔට්ටු ඇල්ලීම සම්බන්ධිත කාරණා පිළිබදව තොරතුරු ඔහු දන්නා බව ප්‍රකාශ කර ඇත. එම ප්‍රකාශය ඔහු දරන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති යන තනතුර මත බරපතළ ප්‍රකාශයන් වන අතර, ඒ සම්බන්ධයෙන් සමාජයේ විශාල කතිකාවතක් නිර්මාණය වී ඇත.

ඒ අනුව 2019 අංක 24 දරන පනත ප්‍රකාරව මේ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට කඩිනමින් පියවර ගන්නා ලෙස ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති රොෂාන් රණසිංහ මහතා විසින් ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය වෙත දැනුම් දී ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT