Tuesday, May 13, 2025
Home » කොමර්ෂල් බැංකු‍ෙවන් පරිසරයට ගස් 100,000ක්

කොමර්ෂල් බැංකු‍ෙවන් පරිසරයට ගස් 100,000ක්

by gayan
November 18, 2023 1:00 am 0 comment

කොමර්ෂල් බැංකුව විසින් ශ්‍රී ලංකාව පුරා ගස් 100,000ක් සිටුවීමේ රුක් රෝපණ ව්‍යාපාරයක් ආරම්භ කර ඇති අතර, මෙය එක්සත් ජාතීන්ගේ පැරිස් ගිවිසුම යටතේ නිර්වචනය කරන ලද ජාතික දේශගුණික ප්‍රතිඥාවන් සාක්‍ෂාත් කර ගැනීමේ ක්‍රියාවලියක් ලෙසින් සැලකෙයි.

‘තුරු පිරි රටක්’ වැඩසටහන ජාතික රුක් රෝපණ දිනය යෙදෙන නොවැම්බර් 15දාට දින හතරකට පෙර එනම් නොවැම්බර් 11 වැනිදා ආරම්භ කරන ලද අතර, දිස්ත්‍රික් 12ක ස්ථාන 17ක් තුළ ගස් 12,000ක් සිටුවා එක් දිනක් තුළ ඉලක්කයෙන් 12%ක් සම්පූර්ණ කෙරිණි. කොමර්ෂල් බැංකුවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 1000කට අධික පිරිසක් මෙම රුක් රෝපණ වැඩසටහන සඳහා සහභාගි වූහ.

වැඩසටහන ආරම්භ කිරීමේ මුල් දිනයේදී පැළ සිටුවීම සඳහා තෝරාගත් ස්ථාන අතරට, සිංහරාජ වනාන්තරයේ ගිගුරුව, හන්තාන කඳුවැටියේ පහළ බෑවුම, අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ පරිශ්‍රය, බෙල්ලන්විල අත්තිඩිය කුරුලු අභය භූමිය, තිස්සමහාරාම වැවු ඉවුර, නුවරඑළිය වික්ටෝරියා උද්‍යානය සහ විශ්වවිද්‍යාල කිහිපයක භූමිභාගයන්ද අයත් විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT