අන්තර් පාසල් අවුරුදු 19න් පහළ පළමු පෙළ ටියර් ඒ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග දෙකක් අද (18) සහ හෙට (19) පැවැත්වීමට නියමිතය.
ඒ යටතේ කඳාන දි මැසිනෝද් – කොළඹ සාන්ත ජෝසප් අවසන් පූර්ව තරගය අද (18) මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, පසුගිය ශූර මහනුවර ත්‍රිත්ව විදුහල සහ කොළඹ රාජකීය විදුහල අතර අවසන් පූර්ව තරගය හෙට (19) එම ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
කඳාන දි මැසිනෝද් විදුහල පළමු වටයේදී තම කාණ්ඩයේ ශූරයින් ලෙසින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි අතර කොළඹ සාන්ත ජෝසප් විදුහල සිය කාණ්ඩයේ සිවුවැනි තැනට පත් වෙමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.
කඳාන දි මැසිනෝද් විදුහල අර්ධ අවසන් පූර්ව වටයේදී පළමු වටයේ ලබා ගත් ඉහළ ලකුණු සමාන්‍යය අනුව අවසන් පූර්ව වටයට පිවිසි අතර කොළඹ සාන්ත ජෝසප් විදුහල පසුගිය තරගවාරයේ අනුශූරයින් වූ ගාල්ල රිච්මන්ඩ් විදුහල පරදවමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.
කඳාන දි මැසිනෝද් විද්‍යාල පිල උවිඳු පෙරේරා විසින් මෙහෙයවනු ලබන අතර, කොළඹ සාන්ත ජෝසප් විද්‍යාල පිල ළහිරු අමරසේකර විසින් මෙහෙයවනු ලබයි.
කඳාන දි මැසිනෝද් විදුහල පළමු වටයේ තරගයකදී කොළඹ සාන්ත ජෝසප් විදුහල පරාජයට පත් කළේය.
දි මැසිනෝද් සංචිතය: උවිඳු පෙරේරා (නායක), ජනිත් කරින්ද්‍ර, නේෂාන් ඩයස්, ෂෙවාන් මෙනුෂ, තරීන් සංකේත්, ඩිනෝෂ් ජෙලෝන්, නෙළිඳු ඉෂුවර, කවිඳු කෞෂල්‍ය, තත්සුක ඉන්දීප, දිනිදු සස්මිත්, නිකලෝ ෂැරෝන්, ඉෂින ඩයස්, ගවින් නිලේෂ්, කෙනුල් ධනංජය, යසත් සුධාරක, රවිඳු සිල්වා, ජූඩ් ෂෙනාල්, කවීන් නෙත්මිණ, සවිනු චන්තුල, මලික් කීර්ති (ක්‍රිකට් භාර ආචාර්ය), මාධව මධුෂ මිහිරාන් (ප්‍රධාන පුහුණුකරු), චරිතංග ලක්ෂාන් (සහාය පුහුණුකරු).
කොළඹ සාන්ත ජෝසප් සංචිතය: ළහිරු අමරසේකර (නායක), හිරාන් ජයසුන්දර (උපනායක), අභිෂේක් ජයවීර, හිරුන් මතීෂ, හේෂාන් රාමනායක, කෙනාත් ලියනගේ, දේශාන් තලහිටියාගල, හිරාන් රණවීර, මානස මධුභාෂණ, දුනික් පෙරේරා, යෙනුල දෙව්තුස, රිෂ්ම අමරසිංහ, ඩිහේන් ද සිල්වා, කවේන් පතිරණ, නිම්තක ගුණවර්ධන, නුෂාන් පෙරේරා, ඩේමියන් ද සිල්වා, අවීෂ සමාෂ්, සෙනුජ වැකුණුගොඩ, ආසිරි කල්දේරා (ක්‍රිකට් භාර ආචාර්ය), ඩිලන් රාමනායක (ප්‍රධාන පුහුණුකරු), ඩිනාල් දම්බරගේ (සහාය පුහුණුකරු), ටොරින් පිටිගල (සහාය පුහුණුකරු).
රාජකීය
ත්‍රිත්ව
පළමු වටයේදී තම කාණ්ඩයේ අනුශූරයින් ලෙසින් මහනුවර ත්‍රිත්ව විදුහල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අතර, කොළඹ රාජකීය විදුහල පළමු වටයේදී තම කාණ්ඩයේ සිවුවැනි ස්ථානය ලෙස අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.
ත්‍රිත්ව විදුහල අර්ධ අවසන් පූර්ව වටයේදී කොළඹ මහානාම විදුහල පරාජයට පත් කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අතර, රාජකීය විදුහල තම සාම්ප්‍රදායික ප්‍රතිවාදීන් වූ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල පරාජයට පත් කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.
කොළඹ රාජකීය විද්‍යාල පිල ශ්‍රී ලංකා යොවුන් පිලේ නායක සිනෙත් ජයවර්ධන විසින් මෙහෙයවනු ලබන අතර ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක මනුල කුලරත්න මහනුවර ත්‍රිත්ව විද්‍යාල පිල මෙහෙයවනු ලබයි.
කොළඹ රාජකීය සංචිතය: සිනෙත් ජයවර්ධන (නායක), රමිරු පෙරේරා (උප නායක), බුලාන් වීරතුංග, රනුක මලවිආරච්චි, රෙහාන් පීරිස්, නෙත්වින් ධර්මරත්න, ඕවින අඹන්පොල, අනුෂ් පොළොන්නෝවිට, දිනුර සේනාරත්න, සසිඳු මාපා, උදන්ත ගඟේවත්ත, ඉසුල ගීගනගේ, තමෝද් යශෝධ්‍ය, කාලීඩ් රහම්ඩීන්, අනික් ප්‍රනාන්දු, යසිඳු දිසානායක, තරුල් අම්පෙමොහොට්ටි, අනුර ප්‍රසාන්ත (ක්‍රිකට් භාර ආචාර්ය), රොහාන් සොයිසා (ප්‍රධාන පුහුණුකරු), චරිත් ප්‍රනාන්දු (සහාය පුහුණුකරු).
ත්‍රිත්ව සංචිතය: මනුල කුලරත්න (නායක), දිනුෂ පීරිස්, සුපුන් වඩුගේ, දිනුක තෙන්නකෝන්, තරණ විමලධර්ම, ජයවි ලියනගම, විනුක දම්මගේ, ආර්.එම්.එම්.බී රත්නායක, ලක්වින් අබේසිංහ, වතිල උදාර, ජේ. අයි ජයරත්න, ඕ.එස්. බණ්ඩාර, රජිඳු තිලකරත්න, පී.ටී. තිලකරත්න, බ්‍රයන් සේනාරත්න (ක්‍රිකට් භාර ආචාර්ය), නවීන් ඒකනායක (ප්‍රධාන පුහුණුකරු), ලක්ෂිත අලහකෝන් (සහාය පුහුණුකරු)