Saturday, May 10, 2025
Home » ඩෙංගු නඟී අධි අවදානම් කලාප 45ක් නම් කරයි රට පුරා ආසාදිතයෝ 72,840ක්

ඩෙංගු නඟී අධි අවදානම් කලාප 45ක් නම් කරයි රට පුරා ආසාදිතයෝ 72,840ක්

by sachintha
November 20, 2023 1:15 am 0 comment

රට පුරා ඩෙංගු අසාදිතයන්ගේ සංඛ්‍යාව 72,840ක් දක්වා වර්ධනය වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිමල්කා පන්නිලහෙට්ටි මහත්මිය දිනමිණට ඊයේ(19) පැවසීය. වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර එම ප්‍රමාණය 34,645කි. එය ප්‍රතිශතයක් ලෙස සියයට 47.5ක් බවද ඇය කීවාය.

ඩෙංගු අධි අවදානම් කලාප කලාප 45ක් මේ වන විට නම් කර ඇති අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් 10ක් ද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 08ක් ද, කළුතර දිස්ත්‍රික්කයෙන් 03ක් ද, මහනුවර දිස්ත්‍රික්කයෙන් 11ක් ද, මාතලේ දිස්ත්‍රික්කයෙන් 02ක් ද, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 02ක් ද, මඩකලපුව දිස්ත්‍රික්කයෙන් 01ක් ද, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 01ක් ද , පුත්තලම දිස්ත්‍රික්කයෙන් 04ක් ද, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 03ක් ද වශයෙන් එම කලාප හඳුනාගෙන තිබේ.

මේ මස තුළදී පමණක් ආසාදිතයන් 4,347ක් වාර්තා වී තිබේ. මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 15,464ක් ද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 14,596ක් ද, කළුතර දිස්ත්‍රික්කයෙන් 4,585ක් ද, මහනුවර දිස්ත්‍රික්කයෙන් 7,068ක් ද, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 3,371ක් ද, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 3,065ක් ද, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 2,933ක් ද, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 2,797ක් ද වාර්තා වී තිබේ. නොවැම්බර් 06 වැනිදා සි⁣ට 12 වැනිදා දක්වා වන 45 වැනි සතියේ ඩෙංගු ආසාදිතයන් 1,586ක් වාර්තා වී ඇති අතර 44 වැනි සතියට සාපේක්ෂව එය සියයට 3.5ක වැඩි වීමකි. ඩෙංගු ව්‍යාප්තිය අවම කිරීම සඳහා මෙම වැසි කාලයේදී පරිසරය පිරිසිදුව තබා ගැනීමටත් වැසි ජලය ඒකරාශි වන ස්ථාන පිරිසිදු කර මදුරුවන් බෝ වීම වළක්වා ගැනීමටත් පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඇය පැවැසුවාය.

සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT