Thursday, May 15, 2025
Home » සෞඛ්‍ය ලේකම් පුටුවේ වැඩ භාර ගත් වෛද්‍ය පාලිත මහීපාල

සෞඛ්‍ය ලේකම් පුටුවේ වැඩ භාර ගත් වෛද්‍ය පාලිත මහීපාල

by chanaka
November 20, 2023 1:35 pm 0 comment

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත්කෙරුණු විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල මහතා රාජකාරී කටයුතු අද(20) ආරම්භ කළේය.

ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් වැඩ භාරගත් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා හට වැඩභාර ගැනීමෙන් අනතුරුව පැමිණි සිටි නිළධාරීන් හා කාර්ය මණ්ඩලය සුබ පැතුම් එක් කළ අතර නව ලේකම්වරයා ඔවුන් සමග සුහද කතාබහක ද නිරත විය.

විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා මින් පෙර සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙන්ම අතිරේක ලේකම් වරයෙකු වශයෙනුත් සේවය කර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා එම සංවිධානයේ නියෝජිතවරයෙකු වශයෙන් ද පත්කර තිබිණි. මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට විශාල සේවාවක් කල එතුමා කීර්තිමත් රාජ්‍ය නිළධාරියෙකි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT