කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ නවීකරණය සහ පුළුල් කිරීම සදහා අත්‍යාවශ්‍ය ව්‍යාපෘතිය ගණනාවක් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු මැති ඇමතිවරුන් රාශියකගේ ප්‍රදානත්වයෙන් අද (20) දින උදෑසන සිදු කෙරුණි .
එම ව්‍යාපෘති අතර කටුනායක ගුවන් තොටුපොළ ඉදිරිපිට ” මිත්‍රත්ව ” මාර්ගය විවෘත කිරීම , කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ මගී පර්යන්තය සදහා නව ප්‍රවේශ මාර්ගයක් විවෘත කිරීම , පිටත්වීමේ මගීන් සදහා නව වාහන නැවතුම් අංගනයක් විවෘත කිරීම , ගුවන් තොටුපොළ මෙහෙයුම් ක්‍රියාවලිය සදහා නව ගුවන් ගමනාගමන කළමනාකරණ පද්ධතියක් ස්ථාපිත කිරීම , ගුවන් තොටුපොළ විදුලි බල අවශ්‍යතා සදහා නව සූර්ය බල පද්ධතියක් ( Solar System ) විවෘත කිරීම , ගුවන් තොටුපොළ වෙත පිවිසෙන මගීන්ට , අමුත්තන්ට ” මැග්ස්ටර් ” මාර්ගගත ක්‍රමයට සගරා , පුවත් පත් කියවීමේ පහසුකම් විවෘත කිරීම , ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ ” Wellcome To Sri Lanka ” නාම පුවරුව විවෘත කිරීම , ස්වයංක්‍රීය නව විගමන දොරටු පද්ධතිය නිරීක්ෂණය කිරීම ද සිදු විය .
මෙම නව ඉදිකිරීම් සහ ස්ථාපිත කිරීම් සදහා සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ අරමුදල් ආයෝජන කර තිබූ අතර ඊට අමතරව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය , මාර්ග සංවර්ධන අධිකාරිය , ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන සංස්ථාව , කටාන ප්‍රාදේශීය සභාව සහ කටුනායක – සීදුව නගරසභාව සහ තවත් පෞද්ගලික ආයතන රාශියක් සහාය දක්වා තිබුණි .
මෙම නව අංග කටුනායක ගුවන් තොටුපොළ වෙත එක් වීම මගින් මෙම ගුවන් තොටුපොළ දකුණු ආසියාවේ හොදම කාර්යක්ෂම ගුවන් තොටුපොළක් බවට පත් වෙමින් පවතින බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය .
මෙම අවස්ථාවට වරාය , නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා , ප්‍රවාහන , මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්ධුල ගුණවර්ධන , වෙළෙඳ හා වානිජ කටයුතු අමාත්‍ය නලින් ප්‍රනාන්දු , වරාය සහ ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර , ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න , සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි , සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති ජී.එස්.විතානගේ යන මහත්වරුන් ඇතුළු විශාල ආරාධිත අමුත්තන් පිරිසක් පැමිණ සිටියහ .