Home » ලෝක ප්‍රසිද්ධ Nas Daily ලංකාවේ – සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සමග ගිවිසුමකට එළැඹෙයි

ලෝක ප්‍රසිද්ධ Nas Daily ලංකාවේ – සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සමග ගිවිසුමකට එළැඹෙයි

by chanaka
November 20, 2023 10:23 pm 0 comment

ලොව පුරා මිලියන ගානක ජනාදරයට පත් ‘ව්ලොග්’ නිර්මාණකරුවෙකු වන නාස් ඩේලි (Nas Daily) සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකාවට පැමිණි අතර අද(20) ඔහු සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සමග එක්ව ගිවිසුමකට එලැඹුණි.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය උදෙසා එම ගිවිසුම මහත් පිටුවහලක් වනු ඇත.

මෙම ඊශ්‍රායල -අරාබි ජාතික ව්ලොග් නිර්මාණකරුවා ලොව පුරා සිටින මිලියන ගණනක රසික ප්‍රජාවගේ ආදරය හිමි චරිතයක් වන අතර ඔහු විසින් මින් පෙර නිර්මාණය කරන ලද This is Made of Poop, My Biggest Money Mistake, The Key Board Warrior යනුවෙන් නම් කරන ලද ශ්‍රී ලංකාව පිළිබඳ වීඩියෝ පට තුනක් අන්තර්ගත කර තිබුණි.

2020 වසරේදී නාස් ඩේලී, කොවිඩ් වසංගත සමය තුළ වඩාත්ම නිර්ලෝභීව කටයුතු කළ රට වශයෙන් (The Most Generous Country During Covid) ශ්‍රී ලංකාව නම් කරමින් නිකුත් කළ වීඩියෝ පටයක් නිර්මාණය කරනු ලැබීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT