Monday, May 12, 2025
Home » මාරාන්තික උපවාසය මැදට ආ අධ්‍යාපන ඇමති

මාරාන්තික උපවාසය මැදට ආ අධ්‍යාපන ඇමති

by chanaka
November 20, 2023 10:31 pm 0 comment

සමස්ත ලංකා අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය සහ ඒකාබද්ධ වෘත්තීය සේවක සංගමය එක්ව වසර කිහිපයක් තිස්සේ නොවිසඳුණු ඔවුන්ගේ සේවක අයිතීන් කිහිපයක් මුල් කරගනිමින් අද (20) ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට දී මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබූ අතර එම උපවාස භූමිය වෙත පිවිසි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඔවුන්ට එම උපවාසය අත්හැර ඒ පිළිබඳ තමා සමඟ සාකච්ඡා කිරීමට පැමිණෙන ලෙස දැනුම් දුන්නේය.

ඒ අනුව, අනධ්‍යයන සේවක සංගම් නියෝජනය කරමින් එහි සභාපති කුමුදු එස් කටපොලු‍ගේ සහ ලේකම් දේශබන්දු මද්දුම බණ්ඩාර මහතා අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ම සිය අමාත්‍ය කාර්යාලය වෙත කැඳවා ගෙන යනු ලැබීය.

සියලු‍ තනතුරුවල සේවයේ යෙදෙන අනධ්‍යයන සේවකයින් මුහුණදෙමින් සිටින ගැටළු රැසක් පිළිබඳ ව මෙහි දී සංගම් නියෝජිතවරුන් විසින් අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කරන ලදී. ඒ අනුව ඔවුන්ගේ ගැටළු වෙනුවෙන් විසඳුම් ලබාදීමට විෂය භාර අමාත්‍යවරයා වශයෙන් තමා මැදිහත්වන බව ද සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT