ඉකෝ ප්‍රොටෙක්ට් ඉන්ජිනියරින් පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක සමුදිත කුමාරසිංහ මහතා උත්සව සභාව අමතමින්
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඔයාමඩුවේ දී, ඉකෝ ප්‍රොටෙක්ට් ඉන්ජිනියරින් පුද්ගලික සමාගමේ නවතම පැලට් හා කැට පොහොර නිෂ්පාදන කර්මාන්තශාලා පරිශ්‍රය පසුගියදා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා හා ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක චන්දන ලොකුහේවගේ මහතා ඇතුළු කෘෂිකර්ම අමාත්‍යාංයේ හා රජයේ උසස් නිලධාරී මහත්ම මහත්මීන්ගේ සහභාග්ත්වයෙන් උත්සවාකාරයෙන් ආරම්භ විය.
ඉකෝ ප්‍රොටෙක්ට් ඉන්ජිනියරින් පුද්ගලික සමාගමල මල්ටිකෙම් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත ආයතනයක් වන අතර එම ආයතන සමූහය මඟින් දැනටමත් ජෛව පොහොර හා මිශ්‍ර රසායනික පොහොර නිෂ්පාදන සහ බෙදාහැරීමේ කටයුතු කරගෙන යනු ලබයි. මෙම නවතම කර්මාන්තශාලා පරිශ්‍රය වර්ග අඩි 25000 කින් සමන්විත නවීන පහසුකම් සහිතව වාර්ෂිකව කාබනික, (Hybrid) සහ NPK රසායනික පැලට් හා කැට පොහොර මෙට්‍රික් ටොන් 10,000 කට අධික නිෂ්පාදන ධාරිතාවකින් යුක්තය.
උත්සව සභාව අමතමින් ඉකෝ ප්‍රොටෙක්ට් ඉන්ජිනියරින් පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක සමුදිත කුමාරසිංහ මහතා සඳහන් කළේ මෙම නවතම පරිසර හිතකාමී පොහොර නිෂ්පාදන පෙළ “MCI” “Top Crop” “Bio Crop”යන වෙෙළඳ සන්නාම ඔස්සේ වෙළඳපොළට නිකුත් කරන බවයි. “උසස් තත්ත්වයට මුල්තැන දෙමින් නිෂ්පාදනය කරනු ලබන පොහොර සඳහා ගොවියන් අතර පුළුල් පිළිගැනීමක් අපට ලබා ගැනීමට හැකි වූ බවත් අප ආයතන සමූහය සැම විටම උසස්ම තත්ත්වයේ නිෂ්පාදන පාරිභෝගිකයන්ට ලබා දීමේ ප්‍රතිපත්තිය තුළ සිටිමින් සෑම නිෂ්පාදනයක්ම උසස්ම තත්ත්වයෙන් වෙළඳපොළට නිකුත් කරන බවත් නව පැලට් හා කැට පොහොර නිෂ්පාදන වී, එළවළු, තේ හා බඩඉරිඟු යන භෝග සඳහා නිශ්චිතව ඉලක්ක කර ගනිමින් වැඩි දියුණු කර ඇති බවත්” කුමාරසිංහ මහතා සඳහන් කළේය.
තව ද මෙම ව්‍යාපෘතියේ සුවිශේෂිත්වය වන්නේ සමාගම් සමූහයේ පරිසර හිතකාමී ප්‍රතිපත්තියට අනූකූලව කර්මාන්තශාලාව පිහිටා ඇති අක්කර 25 භූමිය තුළ දේශීය පලතුරු හා ධාන්‍ය වර්ග වගා කිරීමේ තිරසර පාරිසරික සංවර්ධන සැලැස්මක් දැනටමත් ක්‍රියාත්මක කර සිටීමයි.