SLT-MOBITEL කණ්ඩායම 2023 CMA Excellence in Integrated Reporting Awards හිදී හිමි වූ සම්මාන පිළිගනිමින්
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, පසුගියදා පැවති ‘CMA Excellence in Integrated Reporting Awards 2023’ සම්මාන උලෙළේදී සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීමට සමත් විය. මෙය විනිවිදභාවයෙන් යුතුව තම හවුල්කරුවන් වෙත තොරතුරු සන්නිවේදනය කිරීම සඳහා SLT-MOBITEL දරන උත්සාහයේ සාර්ථකත්වයට මනා සාක්ෂියකි. මෙහිදී ‘දුරකතන සන්නිවේදන ක්ෂේත්‍රයේ විශිෂ්ටතම ඒකාබද්ධ වාර්තාව’ට හිමි සම්මානය සහ සමස්ත කුසලතා සම්මානයක් SLT-MOBITEL වෙත හිමි විය.
මෙම ජයග්‍රහණ, ආයතනික පාලනය, තිරසරත්වය සහ වගවීම සම්බන්ධයෙන් ඉහළම ප්‍රමිතීන් පවත්වා ගැනීමට SLT-MOBITEL දරන උත්සාහය මැනැවින් නිරූපණය කරයි. එමෙන්ම තම කාර්යසාධනය සම්බන්ධ තොරතුරු විධිමත් හා පරිපූර්ණ ලෙස තම පාර්ශ්වකරුවන් වෙත සන්නිවේදනය කිරීමට SLT-MOBITEL කටයුතු කරන බවද මෙමඟින් පැහැදිලි වේ.
සම්මාන උලෙළ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි. මෙය රජයේ හිමිකාරිත්වය යටතේ පවතින ආයතන මෙන්ම ලැයිස්තුගත හා ලැයිස්තුගත නොවූ සමාගම් ඇතුළුව ශ්‍රී ලාංකික සමාගම් හා ආයතන ඒකාබද්ධ වාර්තාකරණය උදෙසා දිරිගැන්වූ සම්මාන උලෙළක් විය. ඒකාබද්ධ වාර්තාකරණය මඟින් සමාගමක හෝ ආයතනයක වටිනාකම් නිර්මාණය වීම, පැවතීම හෝ ක්ෂය වීම සම්බන්ධයෙන් පැහැදිලි අදහසක් ලබා ගැනීමට එහි පාර්ශ්වකරුවන්ට සහ ආයෝජකයන්ට හැකියාව ලැබේ. එමෙන්ම එය සේවකයන්, පාරිභෝගිකයන්, සැපයුම්කරුවන්, ව්‍යාපාරික හවුල්කරුවන්, දේශීය ප්‍රජාවන්, නීති සම්පාදකයන්, නියාමකයන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් ඇතුළු සියලුම පාර්ශ්වවලට වැදගත් වන තොරතුරු ලබා දෙයි.