Sun Siyam Resorts හෝටල් සමූහයට අයත් ශ්‍රී ලංකාවේ Sun Siyam Pasikudah හෝටලය පසුගියදා විවෘත විය. දැවැන්ත නවීකරණ ක්‍රියාවලියකින් අනතුරුව යළි විවෘත වන Sun Siyam Pasikudah හෝටලය, සුඛෝපභෝගිත්වය සහ සංස්කෘතික උරුමයන් කැටි කර ගත් නවතම ආස්වාදජනක අත්දැකීම් රැසක් සංචාරකයින්ට සමීප කිරීමට සූදානමින් සිටියි.
Sun Siyam Pasikudah යළි දෙස් විදෙස් සංචාරකයින්ට විවෘත වීම පිළිබඳ සිය සතුට පළ කරමින් හෝටලයේ සාමාන්‍යාධිකාරී අර්ෂඩ් රෙෆායි මහතා, විශේෂයෙන්ම දැවකලා සහ වඩු කර්මාන්තය ආශ්‍රිතව දේශීය ප්‍රජාව වෙත නව අවස්ථා නිර්මාණය කරදීමේ වැදගත්කම පිළිබඳ අවධාරණය කළේය. එසේ දේශීය හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ දායකත්වයෙන් හෝටලයට එක්කරන ලද ගෘහභාණ්ඩ, අලංකාර විදුලි ආලෝක නිර්මාණ ආදිය පිළිබඳව ද ඔහු සඳහන් කළේය.
හෝටයේ නවීකරණ ක්‍රියාවලියේදී එහි මූලික ආකෘතිය එලෙසින්ම පවතින අතරතුර, සෙසු සියලු අංගසම්පූර්ණ වෙනසකට ලක් කිරීමට පියවර ගෙන තිබේ. ඒ සමඟ ශ්‍රී ලංකාවේ සුන්දරත්වය හා බැඳුණු අමතක නොවන සංචාරක අත්දැකීමක් දෙස් විදෙස් සංචාරකයින්ට පිරිනමමින් නව පරිච්ඡේදයක ඇරඹුම සනිටුහන් කිරීමට Sun Siyam Pasikudah අපේක්ෂා කරයි.
Sun Aqua Pasikudah නමින් 2014 වර්ෂයේදී ආරම්භ වුණු හෝටලය, 2020 වසරේදී Sun Siyam Resorts හෝටල් ජාලයට එක්වෙමින් Sun Siyam Pasikudah ලෙස නව සන්නාමයක් ලෙස එළි දැක්විණි.
හෝටලය තාවකාලිකව වසා තැබීමත්, අනතුරුව පැවති ගෝලීය වසංගත තත්ත්වයත් පසුබිම් කර ගනිමින් අපට හෝටලයේ දැවැන්ත නවීකරණ රැසක් සිදු කිරීමට හැකි වුණා. Studio Sixty7 සමඟ එක්ව හෝටල් භූමිය එහි මුල් ආකෘතිය ආරක්ෂා වන පරිදි යළි සැලසුම් කිරීමටත්, සෑම පැතිකඩකින්ම එහි සෞන්දර්යය වැඩි කිරීමටත් අපට අවස්ථාව උදා වුණා, යනුවෙන් Sun Siyam Resorts හි ප්‍රධාන විධායක නිලධාරී දීපක් බූනිඩි මහතා ප්‍රකාශ කළේය.
අපගේ නවතම පිළිගැන්වීම්, පහසුකම් සහ සේවාව ආදී සෑම අංශයකින්ම සුප්‍රකට Sun Siyam දැක්ම හා බැඳුණු අත්දැකීමක් පිරිනැමීමට අප සැදීපැහැදී සිටිනවා. Sun Siyam Resorts boutique හෝටල් එකතුවේ සාඩම්බර සාමාජිකයෙකු ලෙස Sun Siyam Pasikudah යළි විවෘත කිරීම පිළිබඳවත් අපි බෙහෙවින් ආඩම්බර වෙනවා. ඒ සමඟම සෑම කෙනෙක්ටම මෙම මනරම් හෝටල් බිමට පිවිසෙන මෙන් උණුසුම් ලෙස ආරාධනා කරනවා, යැයි ඔහු වැඩිදුරටත් පැවසුවේය.