බෙංගමුවේ නාලක ස්වාමීන් වහන්සේ ආචාර්ය ගුණදාස අමරසේකර සූරීන්ට සම්මානය පිරිනමින්
ජාතික ව්‍යාපාරයේ නායකයකු ලෙස ආචාර්ය ගුණදාස අමරසේකර සූරීන් රට වෙනුවෙන් අත ගෙවෙනකම් ලියූ දේවල්වලින් ප්‍රයෝජනයක් ගෙන ඇත්දැයි ආචාර්ය ඕමාරේ කස්සප ස්වාමීන් වහන්සේ පැවසූහ.
උන් වහන්සේ මේ බව පැවසුවේ පසුගියදා (17) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී සාහිත්‍ය සූරී ආචාර්ය ගුණදාස අමරසේකරයන්ගේ මෙහෙවර අගය කරමින් පැවති ‘අමර සමර අභිනන්දන උපහාර උලෙළට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශාස්ත්‍රපති ඕමාරේ කස්සප ස්වාමීන් වහන්සේ,
Òඅපි ඉගෙන ගන්නා අවධියේ තමයි ගුණදාස අමරසේකර සූරීන් ලියන ලද පොත් පත් අපේ අධ්‍යාපන ක්‍රමයට නිර්දේශ කරලා එතුමා ගැන යම් පණිවිඩයක් අපේ හදවත් තුළ නිර්මාණය වුණේ. එතුමා ජාතික ව්‍යාපාරයේ නායකයකු හැටියට මේ රටට කරපු සේවය මේ ජාතියට දැනිලා තියනව ද කියන එක තමයි මට තියන ප්‍රශ්නෙ. ගුණදාස අමරසේකර සූරීන් අත ගෙවෙනකම් ලිව්වා. බය නැතුව කතා කළා. අවශ්‍ය දේවල් කියන්න ඕනෙ තැන්වල කිව්වා. අවශ්‍ය සෑම තැනකදීම නායකත්වය දුන්නා. තනතුරු තාන්න මාන්න පස්සෙ ගියේ නැහැ. ලාභ සත්කාර බලාපොරොත්තු වුණේ නැහැ. එතුමා ඇත්ත වෙනුවෙන් පෙනී සිටියා. ජාතිය වෙනුවෙන් පෙනී සිටියා. අද ජාතිය වෙනුවෙන් මේ මට්ටමින් කතා කරන්න තව කවුද ඉන්නෙ.
ජාතික චින්තන සංකල්පය මතු කරන්න මොන තරම් දේවල් ලිව්ව ද? ලියපු තරමට කියවලා තියනව ද? කියවපු දෙයක් හිතට අරගෙන තියනව ද? අපි ඉතාමත්ම සංවේදීව ඉන්නෙ මේ ජාතියට සිදු වුණු විනාශය පිළිබඳ. 1948 ඉඳලා දේශපාලන බලය පාවිච්චි කළා. අවුරුදු හැත්තෑ ගාණක් දැන් මේ රටට. පාර්ලිමේන්තුවෙන් එළියෙ ඉඳගෙන කතා කරනවා. පාර්ලිමේන්තුව ඇතුළෙ ඉඳගෙන කටයුතු කරලත් ආපහු එළියට ආවට පස්සෙ කතා කරන්නෙත් ජාතිය ගැන. නමුත් බලය තියද්දි බලය පාවිච්චි කරලා ජාතියට වෙන විනාශයන් අවම කරන්න කටයුතු කළේ කී දෙනා ද කියලා කල්පනා කරන්න ඕනෑ.
1948 ඉඳලා මැතිවරණවලට ගිය වියදම බැලුවොත් බිලියන නෙමෙයි ට්‍රිලියන ගණන්. නමුත් කරපු වියදම්වලට රට හැදිල ද? මැති ඇමැතිවරුන්ට පඩි ගෙවනවා. පඩි ගෙවලා ගෙවලා බලන්නෙත් රට හදන්න. නමුත් හැදෙනවද? නැහැ. මන්ත්‍රීවරුන්ට වුණත් පඩි දෙන්න ඕනෙ මාසික පඩි නෙමෙයි. මොන සුදුසුකමක්වත් නැති අය ඉන්නවා මන්ත්‍රීකම්වල. මාසික පඩි ගෙවන්න වටින්නෙ නැහැ. නැෂනල් ඇඳලා මිනිස්සු ඉදිරියේ ගිහිල්ලා පෙනී ඉන්න එකටද පඩි ගෙවන්නෙ.
නායකයො වෙලා තියන්නෙ දේශපාලන ක්ෂේත්‍රයේ අය විතරයි. නායකයෙක් වෙන්න බැරිද නායකත්ව ලක්ෂණ තියන ජාතිය වෙනුවෙන් වැඩ කරන කෙනකුට. ඒ නිසා ගුණදාස අමරසේකර මැතිතුමා වෙනුවෙන් අපිට කරන්න පුළුවන් සෑම දේකටම අපි ඉදිරියටත් මැදිහත් වෙලා කටයුතු කරනවා. ලාභ සත්කාර බලාගෙන නෙමෙයි රට දැය වෙනුවෙන් එතුමා පෙන්වපු මඟ ඔස්සේ අපි ඉදිරියටත් යන්න කටයුතු කරනවා.Ó
ආචාර්ය ගුණදාස අමරසේකර මහතා,
Òලොකු වියදමක් දරලා මහන්සි වෙලා මට පුදන ලද ගෞරවයට මම අතිශයින් කෘතඥ වෙනවා. නමුත් මම එක දෙයක් කියන්න ඕනෑ. මේ උපහාරය පිළිබඳ එසේ කෘතඥ වෙන අතරම මම උද්දාමයකින් නෙමෙයි මේ උපහාරය පිළිගන්නෙ. එවැනි උද්දාමයක් මගේ හද තුළ මේ අවස්ථාවේ නැහැ. මොකද මම මේ රටේ අනාගතය ගැන ඉතාමත් සැක සංකා සහිතව, එක්තරා වේදනාවකින් යුතුවයි කටයුතු කරන්නෙ. ඒ නිසා තමයි මම උද්දාමයකට පත් වෙන්නෙ නැත්තෙ.
මොකද මට පේනවා මගේ මුළු ජීවිතේම මම ප්‍රාර්ථනා කරපු දේවල් සියල්ලම දැන් නැතිවීගෙන යනවයි කියලා. එම නිසා තමයි මගේ හද තුළ උද්දාමයක් නැත්තෙ. මම මේ රට, ජාතිය වෙනුවෙන් සම්බන්ධ වූ අවස්ථාවන් ගැන දන්නෙ මෙතන ඉන්න අයගෙන් බොහොම සුළු දෙනෙක්. මම මේ රටේ සෑම තීරණාත්මක අවස්ථාවකටම සම්බන්ධ වෙලා තිබෙනවා. එදා 1948 නිදහස ලබා ගන්න වෙලාවෙත් මම හිටියෙ ටොරිංටන් චතුරස්‍රයේ. ටොරිංටන් චතුරස්‍රයේ ඉන්නකොට මම දැක්කා අපේ අගමැතිතුමා නිදහස ලබා ගන්න ආපු හැටි. ආපහු හැරිලා බැලුවම මට හිතෙනවා එතුමා ඇඳන් හිටපු ඇඳුම අද අපේ තත්ත්වයේ සංකේතයක්දෝ කියලා.
ඒ වගේම මට මතකයි බණ්ඩාරනායක මහත්තයා යූ.එන්.පී. එකෙන් ඉවත් වුණු වෙලාවේ විශාල උද්දාමයකින් මම ඒ ගැන සිහි කළේ. කොටින්ම කිව්වොත් මම ලිවුමක් ලිව්වා බණ්ඩාරනායක මහත්තයාට එතුමා ගත්තු පියවර ගැන අපේ ජනතාවගේ ප්‍රසාදය පළ කරලා. ඊට පස්සෙ මේ රටේ 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන්න හදපු වෙලාවේ පිටකොටුවේ දිනේෂ් ගුණවර්ධන මහත්තයත් සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියත් ප්‍රධානව කරපු පෙළපාළියෙත් එදා මම එතන හිටියා. මේ රටේ ස්වාධිපත්‍යය රැක ගැනීම සඳහා විදේශීය බලවේගවලින් බේරා ගැනීම සඳහා තිබුණු සියලුම සංවිධානවල මම හිටියා.
අපි මුළු ජීවිත කාලයේදීම රට වෙනුවෙන් ගෙන ගිය ව්‍යාපාර සම්පූර්ණයෙන්ම ව්‍යර්ථ වෙලයි තිබෙන්නෙ. මේ රටේ අනාගතය සම්පූර්ණයෙන්ම විනාශ වෙන තත්ත්වයක් ඕනෑ කෙනකුට පැහැදිලිව පේනවා. ඒ වගේ ශෝචනීය තැනක තමයි අද අපි ඉන්නෙ.Ó
ශාස්ත්‍රපති බෙංගමුවේ නාලක ස්වාමීන් වහන්සේ,
Òසාහිත්‍යය කියලා කියන්නේ සමාජයට හිතකර, සමාජය යහමඟට යොමු කරවන වැඩපිළිවෙළක්. සාහිත්‍යයේ විවිධ ක්ෂේත්‍ර තිබෙනවා. අපි බෞද්ධයන් හැටියට ත්‍රිපිටකය සාහිත්‍යයක් ලෙස පිළි ගන්නවා. ඒ වගේම සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ නාට්‍ය මෙන්ම විවිධ කලාවන් වැනි දේවල් ඇතුළත් වෙනවා. මේ හැමදේකින්ම අපේක්ෂා කරන මූලික අරමුණ වෙන්නෙ සමාජය හරි පැත්තට යොමු කිරීම. සමාජය අවුල් කරන යම්කිසි කෘතියක් හෝ යම්කිසි දෙයක් තිබෙනවා නම් ඒක සාහිත්‍යය හැටියට සලකන්න බැහැ. ගුණදාස අමරසේකර සූරීන් අපේ රටේ සමාජය නිවැරදි පැත්තට යොමු කිරීම සඳහා විශාල සාහිත්‍යය කෘති සංඛ්‍යාවක් නිර්මාණය කරලා තියනවා. ඒ රචනාවන් නිසා අපේ රටේ තරුණ පිරිස් ඒ වගේම පාසල්වල හා විශ්වවිද්‍යාලවල ඉෙගන ගන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවන් එතුමා ගැන දන්නවා.
මෙහිදී ආචාර්ය නලින්ද සිල්වා මහතා ප්‍රධාන දේශනය පවත්වන ලදි. මෙම අවස්ථාවට මහා නායක, අනුනායක හිමිවරුන් සහ චන්ද්‍රා අමරසේකර, අගමැති දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන, පාර්ලිමේන්තු මන්ත්‍රී යධාමිණී ගුණවර්ධන, ආචාර්ය නලින්ද සිල්වා ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක්ද එක්ව සිටියහ.
ඡායාරූප – සුදත් නිශාන්ත
නෙත්මි පූජනී රත්නායක