Saturday, May 10, 2025
Home » නිකරගුවා රූමතිය විශ්ව රූ රැජන කිරුළ දිනයි

නිකරගුවා රූමතිය විශ්ව රූ රැජන කිරුළ දිනයි

by sachintha
November 20, 2023 1:00 am 0 comment

ජාතික මට්ටමෙන් රටවල් 84කින් තෝරා ගත් රූමතියන් අබිබවා විශ්ව රූ රැජන කිරුල පැලඳීමට නිකරගුවා හි ශේනීස් පලාෂියස් සමත්ව තිබේ. එල් සැල්වරදෝර් දේශයේදී පැවැති 72 වැනි විශ්ව රූ රැජන තරගය ඉතිහාසයට එක් වූයේ නිකරගුවා දේශයෙන් පළමුවරට රූ රැජනක් බිහි කිරීමේ වාර්තාවත් සමඟිනි. මෙවර තරගයේ දෙවැනි ස්ථානය තායිලන්තයේ ඇන්ටෝනියෝ පෝර්සිල්ඩ්ට හිමි වූ අතර, තුන්වැනි ස්ථානයට පත් වූයේ ඔස්ට්‍රේලියාවේ මොරායා විල්සන් ය. පාකිස්තානය පළමු වරට විශ්ව රූ රැජන තරගය නියෝජනය කිරීම ද විශේෂත්වයකි. 23 හැවිරිදි ශේනිස් විශ්ව රූ රැජන ලෙස අභිෂේක ගන්වනු ලැබුවේ පසුගිය වසරේ විශ්ව රූ රැජන බවට පත් වූ අමෙරිකාවේ රබෝනි ගේබ්‍රියෙල් විසිනි.

ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT