Home » ආර්ජන්ටිනාවට නව ජනපතිවරයෙක්

ආර්ජන්ටිනාවට නව ජනපතිවරයෙක්

by chanaka
November 20, 2023 11:17 am 0 comment

ආර්ජන්ටිනාවේ නව ජනාධිපතිවරයා ලෙස ජේවියර් මිලෙයි පත්ව තිබේ.

ඊයේ (19) පැවැති ජනාධිපතිවරණ ප්‍රතිඵලවලට අනුව සියයට 56%කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගනිමින් ඔහු නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දක්ෂිණාංශික නව ලිබරල්වාදී දේශාපාලනික පසුබිමක් සහිත ජේවියර් මිලෙයිගේ ප්‍රතිවාදියා වු සර්ජියෝ මස්සාට හිමිව ඇති ඡන්ද ප්‍රතිශතය 44% කි.

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ගණනය නැවත සිදුකළ යුතු බව පවසමින් ප්‍රතිවාදි අපේක්ෂකයාගේ ආධාරකරුවන් විරෝධතා ආරම්භ කර ඇති බවද වාර්තා වේ.

එසේම ජයග්‍රහණයෙන් පසු මිලෙයිගේ පක්ෂ මූලස්ථානයෙන් පිටත, ආධාරකරුවන් ප්‍රීති ඝෝෂා නැගූ බවද සදහන් වේ.

ජේවියර් මිලෙයි ජයග්‍රහණය කිරීමෙන් පසු ආදාරකරුවන් අමතමින් කියා සිටියේ “ආජන්ටිනාවේ ප්‍රතිසංස්කරණය අද ආරම්භ වන” බවයි. “ආර්ජන්ටිනාවේ තත්ත්වය තීරණාත්මකයි. අපේ රටට අවශ්‍ය වෙනස්කම් බරපතළයි. ක්‍රමානුකූලවාදයට ඉඩක් නැත, ඇල්මැරුණු ක්‍රියාමාර්ගවලට ඉඩක් නැත,”යනුවෙන් ද ඔහු පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT